Loading...
YouTube Music Lyrics සඳහා දැන් Premium Subscriptions අනිවාර්ය වෙයි

YouTube Music පරිශීලකයින්ට මින් ඉදිරියට ගීතවල පදමාලා (Lyrics) සම්පූර්ණයෙන් නැරඹීම සඳහා YouTube Premium හෝ Music Premium දායකත්වය ලබා ගැනීම අනිවාර්ය කර තිබෙනවා. මාස කිහිපයක් පුරා සිදු කරන ලද අත්හදා බැලීම්වලින් පසුව මෙම නව සීමාව ලොව පුරා සිටින පරිශීලකයින් වෙත මේ වන විට ව්‍යාප්ත කර තිබෙනවා.

නව වෙනස්කම් සහ සීමාවන්

සාමාන්‍ය පරිශීලකයින්ට මින් ඉදිරියට නොමිලේ නැරඹිය හැක්කේ ගීත 5ක Lyrics පමණක් වන අතර ඉන් පසුව සම්පූර්ණ Lyrics නැරඹීමට නම් මුදල් ගෙවා YouTube Premium හෝ Music Premium ගත යුතු වනවා.

ඔබගේ නොමිලේ නැරඹිය හැකි අවස්ථා 5 අවසන් වූ පසු Lyrics තීරුව විවෘත කළ විට දිස්වන්නේ ගීතයේ මුල් පේළි කිහිපය පමණක් වන අතර ඉතිරි කොටස Blurred කර ඇති අතරම එය පහළට Scroll කිරීමට ද නොහැකි වනු ඇත. එමෙන්ම You have [x] views remaining සහ Unlock lyrics with Premium යනුවෙන් දැන් Now Playing තිරය මත දිස්වනු ඇත.

Image Source - 9to5google.com

Google සමාගම සිය ආදායම ඉහළ නංවා ගැනීම සඳහා මෙවැනි පියවර ගනිමින් සිටින අතර 2025 වසරේදී YouTube වෙළඳ දැන්වීම් සහ Subscriptions හරහා ඔවුන් ඩොලර් බිලියන 60 කට අධික ආදායමක් උපයා ඇත. දැනටමත් ලොව පුරා මිලියන 325කට අධික පිරිසක් Google හි විවිධ Paid subscriptions සමඟ සම්බන්ධ වී සිටිනවා.

Source: 9to5google.com