Loading...
YouTube Premium පහසුකම නොමිලේ ලබා දෙන ReVanced නිවැරදිවම Install කරගන්නේ මෙහෙමයි

කොහොමද ඉතින් ඔයාලට. තිබ්බ වැඩත් එක්ක කාලෙකින් තමයි Article එකක් දෙන්න වුනේ. Article එක ටිකක් දිගයි.

ඔයාලා දන්නවා Youtube කියන්නෙ අද කාලෙ ලොකු පොඩි කොයිකාටත් නැතුවම බැරි දෙයක් කියලා. ඉතින් Youtube Free Version එක භාවිතා කරන කොට බොහෝ අයට පැන නගින ගැටලුවක් තමයි ඔයා Videos බල බල ඉන්න කොට නිතර නිතර Ads පෙන්නන එක. අනිත් කාරණය තමයි Background Play පහසුකම Free Version එකේ නොමැතිකම. මුලින්ම කියන්න ඕන මේ App එක Install කිරීම ගැන කිසිඳු වගකීමක් අපි භාරගන්නෙ නැහැ. හුදෙක්ම අධ්‍යාපනික අරමුණකින් තමයි මේක කියලා දෙන්නෙ. මොකද මේක Playstore එකෙන් ගන්න තියෙන Official App එකක් නොවන නිසා. සරලවම මේක Patch App එකක්.

Youtube Premium ගන්න සල්ලි අඩුපාඩුකම් තියෙන අයට ඒකට හොඳ විසඳුමක් තිබ්බා Youtube Vanced කියලා. Google සමාගමෙන් ඒ App එකට විරුද්ධව නීතිමය ක්‍රියාමාර්ග වලට එලැඹුන නිසා Developers ලට ඒක Discontinue කරන්න සිද්ධ වුනා. Youtube Vanced වලට අලුතින් Update එන එක නතර වුනත් පරණ Vanced App කාලයක් යනකන්ම හොඳට වැඩ කලා. පස්සෙ Version එකේ පරණ වීමත් එක්කම Youtube Videos Play වෙන්නෙ නැති තත්වෙකට පත් වුනා. සමහරක් Videos Play වුනත් බොහෝ ඒවා Support නොකරන තැනකකටම ආවා. එතනදි තමයි Opensource project එකක් විදිහට Youtube ReVanced Project එක ආරම්භ වෙන්නෙ 👉 https://github.com/ReVanced .

Youtube ReVanced App එකේ තියෙන වැදගත් විශේෂාංග විදිහට Minimized video playback , Video Downloader, SponsorBlock සහ AdsBlock කියන පහසුකම් පෙන්වා දෙන්න පුලුවන්. ඉතින් මේ ගැන Article එකක් දෙන්න හිතුවෙ ReVanced App එක Install කරන ආකාරය ගැන හරි Youtube Video එකක්වත් මම Youtube එකේ නොදැක්ක නිසා. Fake Apps Install කරන හැටි තමයි ගොඩක්ම තියෙන්නෙ, ඒ App Install කරන්න සරල නිසා. හරි දැන් වැඩි කතා නැතුව ReVanced App එක හරියට ආරක්ෂාකාරීව Install කරගන්න විදිහ බලමු.

මෙතනදි "ආරක්ශාකාරී" කියලා අදහස් කලේ කලින් කිව්වා වගේම මේ වෙනකොට ReVanced App එකේ Fake Apps කිහිපයක්ම Google Search එකේ උඩින්ම පෙන්වන නිසා. ඒ Website එකක්වත් Original ReVanced Project එකට අයත් ඒවා නෙවෙයි වගේම Malware විදිහට වැඩ කරන්නත් පුලුවන්. ඒ Websites තමයි revanced.net , revanced.io . මේ Site වලින් Download කරන App වැඩ කරනවා. නමුත් අනාරක්ශිතයි. ඒ නිසා Official විදිහට වැඩේ වෙන්නෙ මෙහෙමයි.

1) මුලින්ම ඔයා Micro G කියන App එක Install කරගන්න ඕන. මොකද මේක හරහා තමයි ඔයාගෙ Google Account එක Revanced App එකට Log in කරවන්නෙ. මේක අනිවාර්‍යෙන්ම Install කරගන්න. වැඩක් නැති Google Business Mail එකක් මේකට ලබා දෙන්න. මේක ඕන වෙන්නෙ Channel Subscribe කරන්න, Like කරන්න, Comment කරන්න.  ඔයාට Google Login ලබා දෙන්න බියක් එහෙම තියෙනවා නම් ලබා දීම අත්‍යාවශ්‍ය නෑ Micro G Install කරවලා විතරක් තියන්න, Log වෙන්න ඕන නැ. Micro G Install වුනාම App එක Hide වෙයි භය වෙන්නෙපා App කොහෙද කියලා. Micro G ඔයාලට Apkmirror Website එකෙන් ගන්නත් පුලුවන්. නැත්නම් පරන Vanced Manager App එක හරහා ගන්නත් පුලුවන්. මම දෙකේම Link දාන්නම්.

2) දැන් ඔයාලට අවශ්‍ය වෙන්නෙ ReVanced Manager එක. ඒක ගන්නෙ මෙන්න මේ Website එකෙන් 👉 https://revanced.app/ . දැන් ඒ Website එකේ Revanced Manager App Version එකත් එක්කම Download Button එකක් ඇති. ඒක උඩ Click කරලා ReVanced Manager App එක Download කරගන්න. Default දාල තියෙන Settings වෙනස් කරන්න යන්න එපා.

3) හරි දැන් අවශ්‍ය වෙන්නෙ Latest Original Youtube Apk එකක්. මේක ඔයාලට Apkmirror Website එකෙන් Download කරගන්න පුලුවන්. ඒකෙ Link එකත් පල්ලෙහායින් දාන්නම්

Download YouTube - Download

3) දැන් තියෙන්නෙ ඔයා උඩින් Download කරගත්ත Youtube Apk එක Patch කරගන්න. ඒක කරන්නෙ මෙහෙමයි. දැන් ReVanced Manager එක Open කරගන්න. ඒකෙ Patcher කියන කොටසට යන්න. දැන් Select an application කියන එක උඩ Click කරන්න. ඊට පස්සෙ පෙන්නයි Storage කියලා Button එකක්. ඒක උඩ Click කරලා ඔයා Download කරගත්ත Youtube.apk එක Select කරගන්න. අවවාදයයි!!! : ඔයා Storage යන්නෙ නැතුව App List එකේ දීලා තියෙන Youtube App එක Patch කරන්න එපා! මොකද ඒකෙන් Patch වෙන්නෙ ඔයාගෙ Phone එකේ දැනට තියෙන Youtube App එක. ඒක අදාලත්වයක් නෑ මේකට. මේකෙදි Patch කරන්නෙ අපි අර Download කරගත්ත Youtube.apk එක.

4) Revanced Manager එකේ Patcher Option එකට ගිහිල්ලා ඒකෙ Storage කියන එක උඩ Click කරලා අපි අර Download කරගත්ත Youtube.Apk එක Select කරන්න. දැන් "Patch" කියලා Button එකක් පෙන්නයි ඒක උඩ Click කරලා App එක Patch කරගන්න.

5) දැන් App එක patch වෙන්න ටික වෙලාවක් යයි. App එකෙන් Exit වෙන්නෙ නැතුව Patch වෙලා ඉවර වෙනකන් ඉන්න. Youtube Apk එක Patch වෙලා ඉවර වුනාම Open කියලා Button එකක් පෙන්නයි ඒක උඩ Click කරන්න. දැන් ඔයා Patch කරගත්ත Youtube Apk එක Patches Apply වෙලා Modify වෙලා Official ReVanced App එක Open වෙයි. දැන් වැඩේ ඉවරයි. ඔක්කොම Youtube Premium Features Defaultම Active වෙලයි තියෙන්නෙ.

6) දැන් කැමති අයට Revanced App එකෙන් Google login වෙන්න පුලුවන්.

කාලෙන් කාලෙට පොඩි පොඩි Bugs එන්න පුලුවන් එහෙම වුනාම Revanced Manager එකේ අලුත් Patches Update වෙලා තියෙයි. එතකොට කලින් වගේම තියෙන Revanced App එකට හරි අලුත් Youtube APK version එකකට ඒ Update වුන Patches ටික Patch කරගන්න.

ඔයාලට සුභ දවසක්!

සැ. යු. මෙම ක්‍රමය භාවිතා කිරීමේදී ඔබගේ එදිනෙදා භාවිතා කරන Google Account එක භාවිතා නොකරන්න. එමෙන්ම මෙම ක්‍රමය YouTube Premium භාවිතා කරන නිසි ක්‍රමය නොවන ​අතර, මෙය භාවිතා කිරීමට තෝරා ගැනීමදී එහි වගකීම ඔබ සතුවන අතර එමඟින් ඇති වන අතුරුපල වලට Android වැඩකාරයෝ වග කියනු නොලැබේ.