Loading...
2020 දී iPhone 6 ක්!

සාමාන්‍යයෙන් Apple සමාගම වසරකට එක් iPhone දුරකතනයක් පමණක් Release කරන අතර එය වෙනස් වූයේ iPhone 5 සමග iPhone 5c හදුන්වාදීමත් සමගයි. එහෙත් iPhone 5c , Apple සමාගම හදුන්වාදුන් දුර්වලම iPhone දුරකතනය වීමත් සමග බොහෝ දෙනා මෙය Apple සමාගම ගත් වැරදි තිරනයක් යැයි හංවඩුගසන්නට වුනා. එහෙත් iPhone 6 දුරකතනය සමග ප්‍රමාණයන් දෙකකින් iPhone දුරකතනය හදුන්වා දීමත් සමග සෑම වසරකම iPhone දෙකක් නැතිනම් එකම මාදිලියේ එහෙත් ප්‍රමානයන් දෙකක iPhone එළිදැක්වීමට Apple සමාගම තීරනය කරා.

එයද වෙනස් කරමින් 2016 වසරේදී iPhone මාදිලි 3 ක් හදුන්වා දෙන්නේ iPhone SE , iPhone 7 , iPhone 7 Plus ලෙසයි මෙය නැවතත් 2017 වසරේදීද iPhone 8 , iPhone 8 Plus , iPhone X ලෙස මාදිලි 3ක් එලි දක්වමින් වසරකට iPhone 3 ක් එළිදක්වන්න Apple සමාගම කටයුතු කරා. මෙය 2018 හා 2019 වසරේද සිදුවූයේ නව මාදිලියක් ලෙස entree level iPhone එකක් හදුන්වාදීමෙනි. මෙහිදී 2018 දී iPhone Xs / iPhone Xs Max ට අමතරව iPhone Xr හදුන්වා දුන් අතර මේ entree level iPhone මාදිලිය 2019 දී ප්‍රමුඛ iPhone පෙලටම එක් කරමින් iPhone 11 ලෙස හදුන්වා දුන්නේ iPhone 11 Pro හා iPhone 11 Pro Max සමගමයි.

මේ සියල්ල වෙනස් වන්නේ 2020 වසරේදීය දැනට උපරිම වසරකට iPhone මාදිලි 1 කේ සිට 3 දක්වා පැමිණියද මේ 2020 වසරේ මාදිලි 6 ක් පැමිනීමට්ව් නියමිතයි. ඒ මේ මෑතකදී හදුන්වාදුන් New iPhone SE 4.7" ද ඇතුලත්වයි . ඉතිං තව iPhone මාදිලි 5ක් ? මොනවද මේ , ඉතිං ඔයාලා ලගදි දැක්ක New iPhone SE හී Plus Size මාදිලියක් එන්න නියමිතයි එයට 5.5" Display එකක් හා iPhone 8 Plus Design එකකින් යුතු අතර New iPhone SE හි සියලු features ඇතිව පිටුපස Camera 2 කින් පැමිනේ. මෙය තව මාස කීපයකින් පැමිනෙනු ඇත. ඉතිං මේ New iPhone SE මාදිලි 2 ට අමතරව තවත් iPhone 4 ක් එන්නට නියමිතයි ඒ iPhone 12 Series එක යටතේ.

මෙහිදී මෙතෙක් කල් entree level ලෙස පැමිනි iPhone Xr හා iPhone 11 දුරකථන යේ මාදිලි 2ක් iPhone 12 series එක යටතේ පැමිනෙනවා. ඒ iPhone 12 හා iPhone 12 Plus ලෙසයි ( නියමිත නාමය තවමත් පැහැදිලි නැත ) මෙහිදී iPhone 12 , 5.4" ක නව Display Size එකකින්ද iPhone 12 Plus , 6.1" ක පෙර පැවතිම Display Size එකකින්ද පැමිනෙනු ඇත . ඒ වාගේම iPhone 12 Pro ද මාදිලි ද වෙනදා මෙන් 2 ක් එනු ඇත ඒ iPhone 12 Pro හා iPhone 12 Pro Max ලෙසයි . එහෙත් මේවාගේ Display Size වෙනස් වේ. එනම් iPhone 11 Pro හි පැමිනි 5.8" Display එක වෙනුවට iPhone 12 Pro හි 6.1" Display එකක්ද , iPhone 11 Pro Max හි 6.5" Display එක වෙනුවට iPhone 12 Pro Max හි 6.7" නව Display Size එකක් ද පැමිනෙනු ඇත . මේ iPhone 12 Pro Max හි 6.7" තිරය එදා මෙදා තුර iPhone දුරකතනයක අන්තර්ගත වූ විශාලම තිරයයි.

මේ අයුරින් 2020 වසරේදී ,

  1. New iPhone SE
  2. New iPhone SE Plus
  3. iPhone 12
  4. iPhone 12 Plus
  5. iPhone 12 Pro
  6. iPhone 12 Pro Max

ලෙස මාදිලි 6ක් නිකුත් කිරීමට Apple සමාගම සැරසෙනවා. මෙය Apple සමාගම විසින් වසරකදී සිදු කල වැඩිම iPhone නිකුත් කිරීම් ලෙස සැලකිය හැකියි. ඉතිං මෙය සිදු කරන්නෙ පාරිභෝගිකයන්ට $400 සිට $1500 පමණ දක්වා විශාල පරාසයක කැමතිම iPhone එකක් මිලදී ගැනීමට ඉඩ සලසමිනි. මෙමගින් Apple සමාගම පාරිභෝගික අවශ්‍යතාවයට සරිලන මුදලක හා ප්‍රමාණයක නව iPhone දුරකනයක් සැමටම තෝරා ගැනීමට අවස්තාව සලසනු ලබනවා.