ගෙදර ඉදන්ම වෙසක් කළාපයක තිබෙන අත්දැකීම ලබා ගන්න අපේ කසුන් මියුරංග සහෝදරයා විසින් ඔහුගේ පළමු 3D Virtual Vesak Simulation එක නිර්මාණය කරලා තිබෙනවා.
ඊයේ දිනයේ සිට මේ වෙසක් කළාපය සඳහා පිවිසෙන්න හැකියාව තිබෙන අතරම මේ වෙසක් කළාපය පහත විශේෂාංගවලින් සමන්විත වෙනවා.
- නෙළුම්විල
- බුදු කුටිය
- කැරකෙන කුඩුව

වෙබ් අඩවිය ඔස්සේ වෙසක් කළාපයට මෙතනින් පිවිසෙන්න.
Download කර වෙසක් කළාපයට මෙතනින් පිවිසෙන්න. (For Windows: 95 MB | Mac OS: 107 MB | Linux: 100 MB)
දැනට PC සඳහා පමණක් ලබා දී ඇති මේ Virtual Vesak Simulation එක මීලග වසරේදී Mobile Platform එක සඳහාත් ලබා දීමට බලාපොරොත්තු වන බවත් මොහු විසින් දක්වනවා. ඒ වගේම මේ සඳහා ඔහුට සහාය ලබා දුන් අචින්ත ජයශාන්, රුසිරු H. දසනායක සහ විමුක්ති කියන සහෝදරයන්ටත් ස්තුතියි කියලා වැඩි දුරටත් සඳහන් කර සිටියා.