Loading...
2022 වර්ෂයේදී Apple සමාගම විසින් තම නිෂ්පාදන වල සිදු කල යුතු ප්‍රධානතම වෙනස්කම් 05

පසුගිය වසරේදි Apple සමාගම විසින් තම පාරිභෝගිකයන්ගේ බලාපොරොත්තු ඉෂ්ට කිරිම සදහා මෙන්ම ඔවුන්ගේ සුබ සිද්ධිය සදහා හේතු වෙන ආකාරයේ වෙනස්කම් රැසක් තම නිෂ්පාදන හා සේවා හරහා ලබා දිමට කටයුතු කරනු ලැබුවා. ඒ අනුව Nex Generation Laptops, Better Battery Life හා AirtTag වැනි Accessories මෙන්ම නව User Privacy Features ලබා දිමට ඔවුන් විසින් සිදු කරනු ලැබුවා.

2022 නව වසරත් සමග Apple සමාගම විසින් ලබා දෙනු ඇතැයි ලෙසින් ඔවුන්ගේ පාරිභෝගිකයන් රැසක් බලාපොරොත්තු වෙන මෙන්ම ඔවුන් විසින් බොහෝ දුරට සිදු කිරිමට නියමිත වෙනස්කම් හා නව එකතු කීරිම් කිහිපයක් අපිට මෙලෙස දක්වන්න පුළුවන්.

01. නැවත ලබා දිය යුතු Touch ID

iPhone X Series එකත් සමග Apple සමාගම හදුන්වා දුන් Face ID පහසුකම කියන්නේ ඔවුන්ගේ විශිෂ්ඨතම හදුන්වා දිමක් බව කිව යුතු කරැණක් නොවෙයි. නමුත් මේ වෙන විට ලොව මුහුණ දෙමින් සිටින Covid වසංගත තත්වයත් සමග Face ID එක භාවිත කිරිමේ යම් යම් අපහසුතාවයන් පැමිණිම සිදු වුවා.

ඒ අනුව Apple සමාගම විසින් ඒහා ගැලපෙන පරිදි Face ID Software Algorithms වෙනස් කිරිමට උත්සාහ දැරැවත් එහි සාර්ථක ප්‍රතිඵල ලබා ගැනිමේ හැකියාව ඔවුන්ට මේ තාක් උදා වුයේ නැත. බොහෝමයක් දෙනා දක්වන ආකාරයට මෙන්ම, ප්‍රයෝගිකත්වය සැලකු විට මේ වසංගත තත්වයත් සමග Face ID එකට වඩා Touch ID එක මගින් වඩා සාර්ථක Protection එකක් සැපයිය හැකි බව දක්වන්න පුළුවන්.

වර්තමානය වෙන විට බොහෝ Android Smart Phonesවල සාර්ථක අයුරින් In Display Fingerprint Scanners භාවිත විම සිදු වෙන අතර Budget Devicesවල සිට Flagship Devices දක්වා විශාල පරාසය Smart Phones තුල සාර්ථකව භාවිත වෙනු ලබනවා. මීට පෙරත් Apple සමාගම විසින් ඔවුන්ගේ iPhones සදහා Touch ID පහසුකම නැවත ලබා දිමට සුදානමින් සිටින බවට තොරතුරු වාර්තා වුවත් තවමත් කිසිදු නිල තොරතුරක් මේ පිළිබඳ වාර්තා වි නොමැති වෙනවා.

මේ වසර තුල හෝ ඉදිරියේදි හෝ නිකුත් විමට නියමිත iPhones සදහා In Display ආකාරයෙන් හෝ Physical Button එකක් ආකාරයෙන් හෝ Touch ID පහසුකම නැවත ලබා දෙන්න Apple සමාගම විසින් තීරණය කරනු ලැබුවහොත් එය ඔවුන්ගේ විශිෂ්ඨ තීරණයක් වෙන බව කිව යුතුයි.

02. Lightning වෙනුවට USB Type C

මේ වසර තුල නිකුත් විමට නියමිත iPhones මගින් බොහෝ විට ලැබෙනු ඇතැයි බලාපොරොත්තු විය හැකි තවත් එක් දෙයක් ලෙස Lightning Connector එක USB Type C මගින් Replace කිරිම දක්වන්න පුළුවන්.

මේ සදහා ඔබට මතක ඇති European Union එක විසින් සියලු Smart Devices සදහා පොදු USB Port එකක් නැතිනම් USB Type C යොදා ගත යුතු යැයි යෝජනා කළ අතර මේ නිසා මේ වසරේදි Apple සමාගම විසින් ඔවුන්ගේ iPhones සදහා USB Type C ලබා දෙනු ඇතැයි වාර්තා පළ වුවා.

03. Android Devices සමග තරග කළ හැකි Fast Charging පහසුකම

පසුගිය වසරේදි නිකුත් කරන ලද iPhone 13 Series එකත් සමග Apple සමාගම විසින් තම iPhones සදහා සැලකිය යුතු මට්ටමේ Fast Charging හැකියාවක් ලබා දිමට කටයුතු කරනු ලැබුවා. ඒ අනුව iPhone 13 Pro Max සදහා 27W Fast Charging හැකියාව ලබා දෙනු ලැබුවා.

කෙසේ වෙතත් මේ වසර වෙන විටත් බොහෝ Android Devices සදහා සාමාන්‍යෙන් 50W සිට 120W Fast Charging හැකියාව ලබා දි ඇති අතරම 30W සිට 80W Wireless Fast Charging හැකියාවත් ලබා දි තිබෙනවා.

මේ Devices සදහා තරගයක් ලබා දිමට අවශ්‍ය නම් Apple සමාගමට මේ වසරේ තම iPhones සදහා 30W - 50W පමණ වු Fast Charging පහසුකමත්, 25W පමණ වු Wireless Charging පහසුකමුත් හදුන්වා දිම හෝ ඒහා ආසන්න Fast Charging පහසුකම් හදුන්වා දිමත් අත්‍යවශ්‍ය වෙනු ඇති බවට දක්වන්න පුළුවන්.

04. Apple Watch සදහා Android, iPad හා macOS Devices වල සහය ලබා දීම

ලොව හොදම Smart Watch එක බවට Apple Watch එක නිතරගයෙන්ම පත්ව ඇති බව නොරහසක්. ඒහා තරග කිරිමට හැකියාව ඇති Smart Watch එකක් නිෂ්පාදනයට තවමත් කිසිදු සමාගමකට හැකියාව ලැබි නැ.

ඔබ දන්නවා ඇති Apple Watch එක භාවිත කිරිමට නම් අනිවාරයෙන්ම iPhone එකක් භාවිත කළ යුතු බව. ඒ වගේම ඔබ නොදන්නවා ඇති Apple Watch එක ඔවුන්ගේම iPad හෝ MacOS Devices සදහා භාවිත කිරිමට නොහැකි බවත්.

ඒ අනුව මේ වසර තුලදී Apple සමාගම ඔවුන්ගේ Apple Watch, Android Devices සමග භාවිත කළ හැකි අයුරින් ලබා දෙන්න වගේම, ඔවුන්ගේම iPad හා macOS Devices සමගින් භාවිත කළ හැකි අයුරින් ලබා දිමට, එය Apple සමාගම විසින් ඔවුන්ගේ Apple Watch වෙනුවෙන් මේ වසර තුල ගන්නා ලද හොදම තිරණය වෙනු ඇතැයි බලාපොරොත්තු වෙන්න පුළුවන්.

05. නව Smart Home Products

Apple සමාගම විසින් තවමත් ඔවුන්ගේම Smart Home Products නිෂ්පාදනය සදහා පිවිසි නොමැති වෙනවා. මේ සදහා පිවිසිමට මෙන්ම නව නිෂ්පාදන හදුන්වා දිමට සුදුසුම වසර මේ වසර ලෙස හදුන්වා දෙන්න පුළුවන්.

ඒ වගේම Apple සමාගම විසින් නවතා දැමු Homepod වැනි ප්‍රමාණයෙන් විශාල Smart Speakers නැවත වතාවත් නිෂ්පාදනය ආරම්භ කිරිම මෙන්ම මේ තුලින්ම Smart Home Products වෙළෙඳපොළ සදහා නිකුත් කිරිමේ හැකියාව ලැබෙනවා.

මෙලෙස නව නිෂ්පාදන හෝ පැවති නිෂ්පාදනවලම වැඩි දියුණු කිරිම් සමග Smart Home සංකල්පයත් අනුගමනය කරමින් වෙළෙඳපොළට නිෂ්පාදනය නිකුත් කිරිම තුලින් එම අංශයේ ජනප්‍රියත්වයට පත් වි තිබෙන Google හා Amazon සමාගම්වලට තරගයක් ලබා දිමට Apple සමාගම හැකියාව ලැබෙනු ඇති අතරම නව පාරිභෝගිකයන් රැසකුත් තම නිෂ්පාදන වටා එක් කර ගැනිමේ හැකියාව ලැබෙනු ඇත.

Source: Android Authority