Loading...
2022 වර්ෂයේදී Android smartphones වල සිදුවිය යුතු ප්‍රධාන වෙනස්කම් 05

ගෙවුණු 2021 වසර Android Smart Phone Industry එකට ඉතා හොඳ වසරක් වුණා. බොහෝ සමාගම් තමන්ගේ Update ලබා දීමේ කාල සීමාවන් දිගු කිරීම, Midrange Devices වල දැරිය හැකි මිල මට්ටම් වලට සරිලන පරිදි Specifications වැඩි කිරීම සහ වැඩිදියුණු කළ Camera Capabilities ලබා දීමට ද කටයුතු කළා.

නියත වශයෙන්ම 2021 මෙන්ම 2022 දීත් Android Smart Phone Industry එකේදී බොහෝ දේ වෙනස් වීමට ඉඩ තිබෙනවා. Android පාරිභෝගිකයන් රැසක් බලාපොරොත්තු වෙන මෙන්ම Smartphone නිෂ්පාදකයින් විසින් බොහෝ දුරට සිදු කිරිමට නියමිත වෙනස්කම් හා නව එකතු කීරිම් කිහිපයක් අපිට මෙලෙස දක්වන්න පුළුවන්.

01. වඩා හොඳ, පුළුල් ලෙස දිගු කාලයක් Updates ලබා දීම.

Samsung සමාගම විසින් ඔවුන්ගේ උපාංග රැසකට දැන් වසර තුනක OS Updates සහ වසර හතරක Security Patch Updates ලබා දෙන බව නිල වශයෙන් නිවේදනය කර තිබෙනවා. නමුත් මෙය අදාළ වූයේ සමහර Flagships, Midrange Phones සහ Foldables Phones සඳහා පමණයි.

OnePlus, Nokia, Vivo, Oppo, සහ Xiaomi වැනි සියලුම දෙනා මේ වසරේ දී  OS Updates දිගු කලක් ලබා දෙන බව නිවේදනය කළා. නමුත් සත්‍යය නම් මෙම ආයතන බොහොමයක් මෙය අලෙවිකරණ උපක්‍රමයක් ලෙස භාවිතා කරනු ලබන අතර, මෙම යාවත්කාලීනය ඔවුන්ගේ නවතම ඉහළ පෙළේ දුරකථන සඳහා පමණක් අදාළ වීමයි.

නමුත් 2022 වසරේ සිටවත් Redmi Note Seires සහ Vivo V Series වැනි මිල අඩු දුරකථන මාදිලි සඳහා වැඩි කලක් OS Updates ලබා දීමට කටයුතු කරන්නේ නම් එය වඩාත් හොඳ වනු ඇත.

Xiaomi, OnePlus, Samsung සහ Google යන සියල්ලන්ම 2021 දී දෝෂ සහිත මෘදුකාංග නිකුත් කරන ලදී, කෙසේ නමුත් 2022 වසරේදීවත් සාපේක්ෂ වශයෙන් දෝෂ රහිත මෘදුකාංග නිකුත් කරන්නේ නම් බොහෝ දෙනා කැමති වනු ඇති බව කිය යුතුයි.

02. Smartphone එකට අවශ්‍ය Charger එක Smartphone එක සමඟින්ම ලබා දීම.

Apple සමාගම ඔවුන්ගේ iPhone 12 Series එකත් සමඟ Smartphone එකත් සමඟ Charger එක ලබා නොදීම ආරම්භ කළා. එමඟින් පාරිභෝගිකයාට Charger එකක් අත්‍යාවශ්‍යයෙන්ම වෙනම මිලදී ගැනීමට සිදුවනවා. මෙය අනුකරණය කළ Samsung සහ Google සමාගම් ද ඔවුන්ගේ Galaxy S21 Series එක සමඟ සහ Pixel 6 Series එක සමඟ මෙලෙස Charger එක ඉවත් කිරීමට කටයුතු කළා.

මෙම බොහෝ සමාගම් මේ සඳහා පවසන නිදහසට කරුණක් වන්නේ පාරිසරික ගැටළු අඩු කිරීම හේතුවෙන් Charger එක ඉවත් කර ඇති බවයි. නමුත් මේ සමාගම් මෙම උපාංග සඳහා සැලකිය යුතු මුදලක් අය කරන විට සැබෑ හේතුව මෙය බව පිළිගැනීමට අපහසුය.

කෙසේ වුවත් Xiaomi සමාගම Mi 11 Device එකෙහි Charger එකක් සහිත සහ රහිත පැකේජ 2ක් ඉදිරිපත් කළා. කෙසේ නමුත් Charger එක රහිත Package එකක් මිලදී ගන්නේ නම් පසුව එයට Charger එක මිලදී ගත් විට මේ දෙකෙහිම මිල ගණන් එක හා සමාන වනවා. Samsung සහ Google වැනි සමාගම් ද මේ දේම කිරීම හෝ අතිරේක Charger එකක් සඳහා අවම මිලක් අය කරනවා දැකීමට බොහෝ පාරිභෝගිකයන් බලාපොරොත්තු වනවා.

03. වඩාත් හොඳ Fast Charging සහාය ලබා දීම.

පසුගිය වසර කිහිපයක සිට බොහෝ සමාගම් තම Devices සදහා Fast Charging පහසුකම ලබා දිමට කටයුතු කර තිබෙන බව කියන්න පුළුවන්. මේ වෙන විට බොහෝ Midrange Devicesවල සිට සෑම Flagship Devices එකක් දක්වාම Fast Charging පහසුකම ලබා දී තිබෙනවා.

මේ වෙන විට පවතින Fast Charging Standardවලින් PPS and Quick Charge Standard භාවිතයට ගනු ලබනවා. මීට අමතරව මේ වසරේදි USB-PD Standard එකත් භාවිතයට සදහා ගනු ඇතැයි අපිට බලාපොරොත්තු වෙන්න පුළුවන්.

මීට අමතරව Fast Charging පහසුකම පිළිබඳ සැලකිමේදි විශේෂම දේ ලෙස Xiaomi, Oppo වැනි චීන Smart Phones ඔවුන්ගේ Devices සදහා ඉතා වේගවත් Fast Charging පහසුකම් ලබා දෙනු ලබන අතර Samsung, Google වැනි සමාගම් තවමත් එතරම් වේගවත් Fast Charging පහසුකම් ලබා දෙන්න කටයුතු කර නොමැති වෙනවා. ඒ අනුව මේ සමාගමුත් මේ වසරේදි නිකුත් කරන Smart Phones සදහා 50W - 65W පමණ වු Fast Charging පහසුකම් ලබා දෙනු ලබන්නේ නම් එය පාරිභෝගිකයන් සදහා වඩාත් හොද වෙනු ඇත.

04. ගෝලීය වෙළඳපොළ වෙත තවත් Foldable Phones නිකුත් කිරීම.

2021 Xiaomi, Huawei සහ Oppo යන සමාගම් Samsung සමාගමට අභියෝගයක් එල්ල කරමින් foldable Devices නිකුත් කිරීමට කටයුතු කරන ලදී. අවාසනාවකට මෙන්, මෙම foldable devices චීනයේදී පමණක් මිලදී ගැනීමට හැකි වූ අතර, ගෝලීය වශයෙන් Foldable Smartphones නිකුත් කළ එකම සමාගම Samsung වනවා.

එබැවින් Xiaomi සහ Oppo වැනි සමාගම් ඔවුන්ගේ Foldable Devices ගෝලීය වෙළඳපොල වෙත ලබා දෙන්නේ නම් බොහෝ පාරිභෝගිකයින් කැමති වනවා. එසේ නොවුනහොත් පාරිභෝගිකයන්ට Foldable Devices මිලදී ගැනීමට යාමේදී විකල්ප සඳහා ඇත්තේ Samsung පමණක් වනු ඇත. කෙසේ වෙතත් Oppo සමාගම පවසන්නේ 2022 වසරේ ඔවුන්ගේ Find N Foldable Device එක යුරෝපයට ගෙන ඒමට අරමුණූ කර ඇති බවයි.

05. Smartphones සඳහා 2MP Camera යෙදීම නවතාදැමීම.

බොහෝ සමාගම් තමන්ගේ Device එකේ Camera Setup එක Triple හෝ Quad කිරීමට Smartphone Camera Setup එක සඳහා යොදන Macro lens එකට සහ Depth Sensor එකට 2MP Camera යෙදීම පසුගිය වසර කිහිපය තුළ පාරිභෝගිකයන්ගේ වඩාත් බලාපොරොත්තු සුන් කරවන ප්‍රවණතාවක් විය.

OnePlus Nord N200, Redmi Note 10 සහ Samsung Galaxy A12 යන Smartphones 2021 වසරේදී Macro lens එකට සහ Depth Sensor එකට 2MP Camera භාවිතා කරන ලද Devices අතරට ඇතුළත් වනවා. Nord N200 වැනි Smartphone වලදී, Device එකට Triple Camera Setup එකක් තිබූ අතර, එහි Main Camera එක සැබෑ ප්‍රයෝජනවත් කැමරාව විය. මෙම 2MP කැමරා අඩු ගුණාත්මක බැවින් 2022 දී මෙම ප්‍රවණතාවය අඩු වනු ඇතැයි පාරිභෝගිකයන් බලාපොරොත්තු වනවා.


ඔබ මීට අමතරව 2022 වසරේ නිකුත් කරන Smartphones සඳහා තිබීමට අවශ්‍ය බලාපොරොත්තු වෙන වෙනස්කම් හා නව එකතු කීරිම් මොනවාද? අපි කතා කරමු Comment Section එකෙන්.

Source : Android Authority