Loading...
අධ්‍යාපනික වැඩ පහසු කරන්න Google Search Engine එක යොදා ගත හැකි ක්‍රම 5 ක්

මෙම කාලවකවානුව තුළ බොහෝ සිසුන්ට අධ්‍යාපන කටයුතු සිදුකරනුයේ අන්තර්ජාලය භාවිතයෙනි. එහිදී, අප බොහෝ විට Google Search Engine එක භාවිතයට ගනු ලබනවා.ඒ ඔස්සේ අප අධ්‍යාපනික ගැටලු විසදා ගැනීමේදී සහ අලුත් දෑ ඉගෙනීමේ කටයුතු සිදු කිරීමේ පහසු කිරීමට Google Search Engine එකට ලබාදී ඇති ඉතා ප්‍රයෝජනවත් Tools පහක් ගැනයි අද අප මෙම ලිපියෙන් විග්‍රහ කරන්නෙ.

මේ සියල්ල දැනට ඉංග්‍රීසි භාෂාවෙන් භාවිතා කිරීමට සිදුවන අතර ඉදිරියේදී තවත් භාෂා රැසකින් භාවිතා කිරීමට අවස්ථාව උදාකරන බව ඔවුන් පවසනවා.

දැන් ඒ tools මොනවද කියල?

2000 කට වඩා වැඩි STEM Concepts වලට අදාල අධ්‍යාපනික මූලාශ්‍ර වෙත පහසුවෙන් ළගාවිය හැකිවීම. (STEM - Science, Technology, Engineering, and Mathematics)

මෙහිදී සිදුවන්නේ ඔබ විද්‍යා හෝ ගණිත සංකල්පයක් පිළිබදව search කිරීමේදී එම සංකල්පයට අදාළව දළ විශ්ලේෂණයක් , උදාහරණයන් , ඊට අදාළ මූලාශ්‍ර සහ වීඩියෝ පෙන්වයි ඒ හරහා ඔබට අවශ්‍ය මූලාශ වෙත පහසුවෙන් පිවිසීමට හැකියාව ලැබේ. උදාහරණයක් ලෙස Chemical Bonds ලෙස search කිරීමේදී රසායනික බන්ධන වලට අදාලව ඉහත සදහන් කළ දෑ දර්ශනය වන අයුරු ඔබට දැකගත හැකිවනු ඇත. (මෙය පහසුවෙන් උත්සාහ කර බැලීමට ඉහත "Chemical Bonds" මත click කරන්න)

පුහුණුවීමට ගැටලු මිලියනයකට ආසන්න ප්‍රමාණයක්

මෙමගින් සිදුවන්නේ ඔබ යම් මාතෘකාවක් යටතේ ලබාගත් දැනුම ඔබටම පරීක්ෂා කරගත හැකිවීමයි. එනම්, ඔබ math, chemistry සහ physics වැනි විෂයකට අදාල මාතෘකාවක් පහත ආකාරයෙන් search කිරීමේදී ඊට අදාලව BBC Bitesize, Byjus, Careers360, Chegg, CK12, Education Quizzes, GradeUp, Great Minds, Kahoot!, OpenStax, Toppr, Vedantu සහ තවත් මෙවැනි educational providers ල විසින් සපයා ඇති ප්‍රශ්න මලාවන්ට පිළිතුරු සපයා එම පිළිතුරුවල නිරද්‍යතාවය ඔබ දැකගත හැකිවේ. උදාහරණයක් ලෙස chemical bond practice problems ලෙස ඔබ search කිරීමේදී පහත ආකාරයට ප්‍රශ්න වලට පිළිතුරු සැපයීමට පුලුවන්.

Chemical bond - Google

පාඩම් සදාහා Augmented Reality තාක්ෂණය සහ 3D Models යොදාගනීමට අවස්ථාව

විද්‍යාගාරයක් ඔයාගේ කාමරයට අරන් එන්න පුලුවන්ද ? ඔව්.දැන් ඔයාට ඒ අවස්ථාව Google Search ඔස්සේ ලබාගන්න පුලුවන්. AR තාක්ෂණය ඔස්සේ ඔබට ඒ අවස්ථාව උදාවෙනවා.මේ හරහා ඔබට මිනිස් සැකිල්ලේ සිට බෝර් ආකෘතිය දක්වා Chemistry, Physics, Biology සහ Anatomy සංකල්ප 200 අධික සංඛ්‍යාවක් AR mobile view තුළින් ඔබේ කාමරය තුළින් දර්ශනය කරගත හැකිය. මෙහි Augmented Reality අත්දැකීමට ලබාගනීමට නම් ඒ සදහා සහය දක්වන දුරකථනයක් ඔබට තිබිය යුතුය එසේ නැතිනම් උබට දැකගත හැකිවනුයේ 3D ආකෘතිය පමණි.මෙය ඔබට පහත දැක්වෙන අයුරින් උත්සාහ කර බලන්න.

Anatomy AR Mobile View - Google 

ගණිත ගැටලු විසදන ආකාරය පියවරෙන් පියවර

මෙහීදී ඔබට ගැටලුව ඇතුළත් කළ හැකි ආකාර 2 ක් පවතී.එනම්, ඔබ Google Search Bar එක හරහා හෝ Google Lens App එක තුළින් ගණිත ගැටලුවේ ඡායාරූපයක් ඇතුළත් කිරීම මගින් මේ සදහා ගැටලුව ලබාදිය අතර පසු ගැටලුව විසදන ආකාරය පියවරෙන් පියවර පැහැදිලි කිරීම් භාෂා 70 කට අධික සංඛ්‍යාවකින් ලබාගත හැකිය. උදාහරණයක් ලෙස x^2-3x-4=0 මෙම සමීකරණය ලබාදුන් විට එය විසදන ආකාරය ලබාදෙන අයුරු ඔබට දැක ගැනීමට ඉහත සමීකරණය මත click කරන්න. මෙහි තවත් විවිධාකාරයේ සමීකරණයන් විසදන ආකාරයන් පරිශීකයින් වෙත ලබාදීම සදහා Symbolab, Mathway (a Chegg Service) සහ Tiger Algebra යන ආයතන සමග හවුකාරීත්වයක් Google සමාගම ලබාගෙන තිබෙනවා.

සංකීර්ණ ගැටලු ගවේෂණය පහසුවීම

මෙහීදී ඔබ STEM(STEM - Science, Technology, Engineering, and Mathematics) හා සම්බන්ධ යම් ගැටලුවක් මතු වූ විට එම ප්‍රශ්නය Google Search Bar එක තුළ type කළ විට එම ගැලුවම නොවුනත් ඒ හා සමාන ගැටලු සහ ඒව විසදා ඇති ආකාරයන් සහ ඒ හා සම්බන්ධව ඔබට අධ්‍යනය කළ හැකි මූලාශ්‍රයන්ද ඔබට පහසුවෙන් සොයාගත හැකි වනු ඇත.