Loading...
අද නිකුත් වෙන නවතම Apple නිෂ්පාදන පෙළ මෙන්න

තව සුළු මොහොතකින්, එනම් එළඹෙන සැප්තැම්බර් 09 වන දින Apple සමාගමේ නවතම නිෂ්පාදනයන් පෙළ එළි දැක්වීමට නියමිත බව ඔබ දැනටමත් දන්නවා. ඒ අනුව එහිදී ඔවුන් විසින් නව iPhone Series එක, Apple Watch Series එක සහ Air Pods Series එක නිකුත් කිරීමට නියමිත වනවා.

පසුගිය සමයේ සහ මේ දිනවල මේ නිෂ්පාදන පිළිබඳව වාර්තා වන තොරතුරුවලට අනුව ඒ ඒ නිෂ්පාදනවල මෙවර සිදු කර ඇති කැපි පෙනෙන වෙනස්කම් සියල්ල පහතින් ඔබ වෙත ගෙන එනු ලබනවා.

iPhone 16 Series

  • Regular iPhone 16 සඳහා 8GB RAM ධාරිතාවක් ලබා දෙනු ඇත.
  • Regular iPhone 16 සඳහා Action Button එක සහ නව Capture Button එක ලබා දෙනු ඇත.
  • නව iPhone 16 Pro Device එකේ Display Bezel පෙර iPhone 15 Pro Device එකට වඩා තුන්ගුණයකින් පමණ කුඩා වනු ඇත.
  • නව iPhone 16 Pro Device එක සඳහා 48MP Ultra-Wide Camera Lens එකක් ලැබෙනු ඇත.
  • නව iPhone 16 Series එකේ Pro Models Black, White, Natural titanium සහ Gold යන Colorsවලින් ද Regular iPhone Models White, Green, Pink, Blue සහ Black යන Colorsවලින් ද එළිදැක්වෙනු ඇත.

4th Generation Air Pods

  • මේ Event එකෙදී Air Pods Pro හෝ Air Pods Max Models නිකුත් නොවනු ඇති අතර නව Air Pods 4 Devices 2ක් නිකුත් වනු ඇත.
  • මේ සඳහා නව Hearing Health Feature එකක් ලබා දෙනු ඇත.
  • මෙය USB-C port, Find My සහ වැඩි දියුණු කළ sound ආදි පහසුකම්වලින් සමන්විත වනු ඇත.

Apple Watch Series 10

  • මේ සමඟ නිකුත් වන Apple Watch models තුනම නව විශේෂාංගයන් සමඟින් නිකුත් වනු ඇත.
  • මේ Apple Watch Series 10 එක විශාලතම Display එකක් සහ කැපි පෙනෙන ලෙස සිහින් Case එකකින් සමන්විත වනු ඇත.
  • කෙසේ වෙතත් පෙර වාර්තා වු Blood-oxygen විශේෂාංගය නොමැති විය හැක.
  • නව Sleep apnea විශේෂාංග සහිත වනු ඇත.
Source: bgr.com