Loading...
Amazon සමාගම විසින් Amazon Luna නමින් ඔවුන්ගේ නවතම Cloud Gaming සේවාව එලි දක්වයි

Google Stadia Cloud Gaming Service එක මිට වසරකට පමණ පෙර Google සමාගම විසින් හදුන්වා දෙනු ලැබුවා. ඉන් පසුව Amazon සමාගමත් Cloud Gaming වෙත ඔවුන්ගේ අවධානය යොමු කර ඇති බවට විවිධ තොරතුරු පළ වුවා. ඒ අනුව දැන් Amazon සමාගම විසින් ඔවුන්ගේ Cloud Gaming Service එක වෙන Amazon Luna එළිදක්වා තිබෙනවා. දැනට මෙහි Early Access පමණක් ලබා දි ඇති අතර ලගදිම මෙය නිල වශයෙන් නිකුත් කරනු ඇත.

Amazon Luna කියන්නෙත් Google Stadia වගේම Gaming Streaming Service එකක් කිවොත් නිවරදියි. මේ මගින් PC, Mac, Fire TV වගේම විශේෂිත Web apps හරහා iPhone/iPadවලත් Games Stream කිරිමේ හැකියාව පවතිනවා.

Amazon Luna මේ වන විට Control, GRID, Abzu, Panzer Dragon, Sonic Mania, Metro Exodus, Overcooked 2, Rime වගේ Games 100කට අධික සංඛ්‍යාවකින් යුතු වෙනවා. Ubisoft විසින් ඔවුන්ගේම Channel එකක් හරහා Assassins Creed Valhalla, Fenyx Rising වගේ Games Luna වෙත ලබා දිලා තියෙනවා.

දැනට Luna+ හා Ubisoft ලෙස Channel දෙකක් හදුන්වා දි තිබෙන අතර Luna+ ඩොලර් 5.99කට මාසය කාලයක් සදහා ලබා ගත හැකියි. Ubisoft තවමත් නිකුත් කර නොමැති අතර එය ඉදිරියේදි නිකුත් විමට නියමිතයි.

Luna+ Subscription එක සමග මාසයක් සියලු Games සදහා Unlimited Gameplay එකක් 1080p/60fps මගින් Play කල හැකි අතර ඉදිරියේදි 4K ලබා දෙන බවත් ඔවුන් දක්වා තිබෙනවා.

Amazon Luna විසින් ද ඔවුන්ගේම Game Controller එකක් හදුන්වා දි තිබෙනවා. මෙය අනෙක් Game Controllers මෙන් Bluetooth හෝ Local Connection හරහා සම්බන්ධ විමක් සිදු නොවන අතර මේ Luna Controller එකම සෘජුව Amazon servers සමග සම්බන්ධ වෙනවා. මේ මගින් Controller එක හරහා සිදු වන ප්‍රමාදය මිලි තත්පර 17-30 දක්වා අඩු කර තිබෙනවා. ඒ ව⁣ගේම මේ Controller එක Pair කිරිමකින් තොරව Pick & Play කල හැකි වෙනවා. Alexa හරහා Voice Commanding පහසුකමත් ලබා දිලා තියෙනවා. මේ Luna Controller එකේ මිල ලෙස ඔවුන් දක්වා තිබෙන්නේ ඩොලර් 49.99 ක්.

තවමත් Luna Early Access පමණක් ලබා දි තිබෙන අතර මෙය Public වශයෙන් නිකුත් කියන්නේ කවදාද යන්න තවම දැනුම් දි නෑ. ඔබට මෙතනින් Luna Early Access සදහා Request කිරිමේ හැකියාව පවතිනවා.

Sources : 9to5google & Amazon