Loading...
Android වලට Dynamic Island දෙ​න dynamicSpot app එ​කේ Downloads මිලියනය ප​නී

ඔබත් Apple iPhone රසිකයෙක් නම් මෑතකදී නිකුත් කල iPhone 14 මාදිලි පෙළ පිළිබඳව නොදන්නවා විය නොහැක. මෙම මාදිලි පෙළ සඳහා සමාගම විසින් එක් කල නවතම විශේෂාංගය වන්නේ Dynamic Island නමින් හඳුන්වන Notch එක සදහා ලබා දුන් නව Feature එකයි. මෙය පෙර පැවති Notch වලට සාපේක්ෂව ඉතාමත් දැකුම්කළු Notch වන අතර ඕවලාකාර හැඩයක් ගන්නා මෙම Notch එක තුළ Front Camera සහ Face ID Sensor අන්තර්ගත වේ. එමෙන්ම මේ Dynamic Islandහි දුරකථනයේ ඇති විශේෂිත සටහන් කිහිපයක්ම පෙන්නුම් කිරීම සිදුකරනවා.

iPhone Dynamic Island

මෙම උණුසුම අඩු වීමටත් ප්‍රථම මෘදුකාංග ඉංජිනේරුවකු වන Jawamo විසින් dynamicSpot නම් android යෙදවුමක් Play Store හරහා android පරිශීලකයන් හට ලබා දී තිබුණි. ඔහු විසින් සඳහන් කළ ආකාරයට එම යෙදවුම මගින් iPhone 14  හි පවතින Dynamic Island වැනි විශේෂාංග කිහිපයක් android දුරකථන භාවිතා කරන පරිශීලකයන් වෙත ලබාගැනීමට හැකියාව උදාවනු ඇත. මෙය හුදෙක් Third Party යෙදවුමක් වන නමුත් iPhone හි පවතින dynamic island feature තුළ අත්විඳිය හැකි බොහෝ පහසුමක් මෙහි අන්තර්ගත වේ. පහත සඳහන් වීඩියෝවෙන් ඔබට මෙම dynamicSpot යෙදවුම මගින් පරිශීලකයන් වෙත ලැබෙන features පිළිබඳව මනා අවබෝධයක් ලබාගත හැකිය.

පසුගිය දිනෙක මෙම යෙදවුමේ downloads ප්‍රමාණය මිලියනය ඉක්මවූ අතර එය ඉතාමත් කතාබහකට ලක් වූ කාරණාවක් විය. මෙමගින් dynamic island යන සංකල්පය පිළිබඳව android පරිශීලකයන් තුළ පවතින උනන්දුව හා කුතුහලය පිළිඹිඹු කරන අතරම මෙලෙස දිනෙන් දින ඉහළ යන ඉල්ලුම මත ඇතැම් විට මේ හා සමාන හෝ මෙයට වඩා හොඳ මට්ටමේ features android පරිශීලකයන් හට ඉදිරියේදී සමාගම විසින් බලාදෙනු ඇති බවට බලාපොරොත්තුවක් තබාගත හැකි බව බොහෝ විචාරකයන්ගේ මතයයි.

Sources: Business Insider Business Standard