Loading...
Pixel දුරකතන අතර eSim පහසුවෙන් හුවමාරු කර ගැනීමේ නව පහසුකමක් ලබා දීමට Google සමාගම සූදානම් ​වේ

Google සමාගම ඔවුන්ගේ Android 13 QPR2 Beta 2 එළිදැක්වීම ආරම්භ කර ඇති අතර එළඹෙන මාර්තු මස දී පමණ Pixel දුරකථන මගින් පරිශීලකයන්ට ලබා දීමට බලාපොරොත්තු වන නව විශේෂාංග පිළිබදව ද ඉගි ලබා දෙමින් පවතිනවා.

ඒ අනුව නව Emoji 31 ක් සහ ඔබගේ Home Screen සදහා නව Theme ඇතුලත් කිරිමේ විශේෂාංගයට අමතරව මෙම නවතම Android 13හි Beta Update එක සදහා ලබා දීමට නියමිත eSIM පහසුකම පිළිබද හා එහි වැඩිදියුණු කිරීම් පිළිබදව ඉගියක් Google සමාගම ලබා දී තිබෙනවා.

Esper හි Mishaal Rahman දක්වන්නේ මේ සමගින් eSIM එකක් ඔබගේ පරණ Device එකෙන් සිට අලුත් Device එකකට හෝ නව Android Installation එකකදී ඉතා පහසුවෙන් හුවමාරු කර හැකි වන බව සහ ඔබ සතුව දැනට ඇති Physical Sim Card එකේ තොරතුරු ඉතා පහසු ආකරයකට eSIM එකට මාරු කිරීමේ හැකියාවන්ද ලැබෙනු ඇති බවයි.

ඔබ eSIM එකක් සමඟ වැඩ කරන විට, ඔබේ Physical Sim එකේ ඇති තොරතුරු ඔබේ දුරකථනය තුළ ඇති ආරක්ෂිත Module එකක් තුළ තැන්පත් වනවා. මේ මගින් Device එකට අදාළ දුරකතන සේවා සපයන්නා සමඟ සම්බන්ධ වීම සඳහා අවශ්‍ය Cryptographic Keys ඔබගේ උපාංගයට සපයයි

Apple සමාගම මෑතකදී iOS 16 සහිත iPhone භාවිතා කරන්නන් සඳහා SIM කාඩ්පත් eSim බවට පරිවර්තනය කිරීමට හෝ වෙනත් දුරකථන වලින් eSIM import කිරීමට Tool එකක් ලබා දීමෙන් තවත් eSim පරිවර්ථන ක්‍රියාවලිය පහසු කර තිබෙනවා. Google සමාගමද නව කේතයක් අනුගමනය කරමින් එය පහසු කරන්න සැලසෙන බවක් පෙනේ.

''Transferring eSIMs between devices is not a native feature of the eSIM specification''

මෙයින් අදහස් වන්නේ Google සමාගමහට AOSP හරහා සියලුම Android උපාංග වෙත මෙම ක්‍රියාකාරීත්වය ලබා දීමට නොහැකි අතර ඒ වෙනුවට Pixel දුරකථන සඳහා පමණක් ඒවා ලබා දිය හැකි බවයි. eSIM මාරු කිරීම කළ හැක්කේ එක් Pixel දුරකථනයකින් තවත් Pixel දුරකථනයකට මාරු වන විට හෝ එකම උපාංගය Factory Reset කිරීමේදී පමණක් වන අතර Physical SIM Card එක eSIM වෙත පරිවර්තනය කිරීම අදාළ දුරකතන සේවා සපයන්නාගේ සහාය මත රඳා පවතී.

Source: androidpolice.com