Loading...
Phone Company ලීක් කරගන්නේ ඇයි?

අන්තිමට Phone Launch Event එකක් බැලුවේ කවද්දද ? මම නම් 2019 Microsoft Surface Event එක. මොකද Microsoft Folding Phones ගැන ලොකු කතාබහක් තිබුනත් එහෙම Device එකක් ගැන තහවුරු වුණේ event එකට දවස් කීපයකට කලින්. අන්තිමට එකක් නෙමෙයි දෙකක්ම release උනා.

Microsoft Surface ප්‍රධානි Panos Paney නව Foldable Surface Devices එළිදක්වමින්. Image Source: ExtreamTech

හැබැයි දැන් බොහොමයක් Launch event වලට කලින් release වෙන්න තියෙන phone එක ගැන පාරිභෝගිකයාට සාමාන්‍ය අවබෝධයක් තියෙනවා. Microsoft වගේම Apple සමාගමත් තමන්ගේ අලුත් devices වල රහස්‍යභාවය රකින්න ලොකු උත්සහයක් දැරුවත් ඒක සාර්ථක වෙලා නැති බව අලුත් phone release ගැන උනන්දුවෙන් හිටියා නම් ඔයා දන්නවා ඇති.

තමන්ගේ රහස්‍යභාවය උපරිමයෙන් රකින Apple phones, leak වෙන විදිහ දැනගන්න මේ ලිපිය කියවන්න.

Apple Leaks කොහොමද Leak වෙන්නේ
ඔයාලා දැකල ඇති නේ මම Leaks And Rumor Post දානවා. ඒ information කොහොමද කොහෙන්දඑන්නේ කියලා ඔයාලට පැහැදිලි කරන්න හිතුනා. ඉතිං මේ Apple Leaks Game එක ගැන නොදන්නගොඩක් දෙවල් මෙකෙන් ඔයාලට දැනගන්න පුලුවන් වෙයි. මං දාපු හැම එකක්ම මම උපුටා ගන්නේ ලොකේ top 10 apple leakers ලගෙන් විතරයි . මේ අයකවුරුත් මේ විද…

අපි Android පැත්තට ආවොත් දැන් දැන් ප්‍රධාන සමාගම් වල අලුත් devices එන්න කලින් ඒවා ගැන ඒක හදපු මිනිස්සු තරමටම Fan-Community එක දැනුවත්. ඇයි එහෙම වෙන්නේ? ඒක company ය හිතාමතා ම කරන දෙයක් ද? බොහෝ විට පිළිතුර ඔව්.

කොලේ වහලා ගැසීම

හැම Flagship phone එකක්ම සර්ව සම්පුර්ණ නෑ. නිෂ්පාදකයා විසින් වර්ණනා කරන්න කැමති features වගේම හංගන්න බලන දේවල් උනත් තියෙන්න පුළුවන්. හොඳම උදාහරණය Pixel 4. Google මෙතෙක් කල් වර්ණනා කරපු තනි lens එකේ කැමරාවත්, දැන් හැම smartphone එකකම වගේ තියෙන Bezel-less, පුළුල් screen එකත් Pixel 4 එකේ නෑ.

ඉතින් launch එකට මාස ගානකට කලින් Google එකෙන්ම tweet එකක් දාල Rear design එකයි, අලුත් Gesture tracking feature එකයි ගැන අහිංසක අපිව දැනුවත් කරා.

Image Source: Twitter
Image Source: Android Police

දැන් අපි දන්නවා මේකට Dual Camera setup එකක් සහ කැත (සංවාදයට විවෘතයි) Bezels දෙකක් තියෙනවා කියල. මාසයක් දෙකක් ගිහින් phone එක release වෙද්දී මේවා දැකලම දැන් customer ට ඒක සාමාන්‍යයි. Release එකේදී Google එක ලොකුම අවධානය දුන්නේ Google Assistant, Apps සහ Camera features වලට. සරලවම Google ට හොඳටම පුළුවන් දේ, ඒ කියන්නේ phone එකේ Software පැත්ත. ඉතින් phone එක release උනාම හැමෝම දැන් කතා කරන්නේ ඒ software ගැන.

Pixel 4 හි software ගැන. Google I/O 2019. Image Source: TechnolAG

Surprise කිරීම

මේ "leak" එක හොඳටම කළේ OnePlus One phone එක. OnePlus ලගේ ප්‍රධාන තුරුම්පුව තමයි අඩු මිල. මුල්ම Ad එකේ සඳහන් කරේ $500 ට අඩු Flagship phone එකක් කියල. ඊට පස්සේ එක $400 ට අඩුයි කිව්වා. ඊළඟ එකේ කිව්වේ $350 ට අඩුයි කියල. අන්තිමට release කරද්දී phone එකේ මිල $299යි. දැන් පුරවැසියන්ට හරි සතුටුයි මේ හිතාගන්න බැරි ලාභය ගැන.

OnePlus One. Image Source: OnePlus

භය කිරීම

මේ "leak" එක ගැන හොඳ උදාහරණයක් ගන්න පුළුවන් Oppo ජනප්‍රිය වෙමින් ආ කාලයේ කරපු උපායකින්. නවතම Oppo phones වල එන 5X Optical Zoom lens එක (Huawei මේ ගැන හිතන්නත් කලින්) MWC event එකේදී ඔවුන් එළිදැක්වූවා. නමුත් මේ lens එක සහිත Oppo phone එකක් release වෙන්න අවුරුදු 2ක් ගත වුණා.

Oppo 5X Optical Zoom Lens Camera. Image Source: Verge

ඒ වගේම Oppo එළිදක්වපු 50W Charging feature එක (මේ 20W Charging එකත් magic එකක් වූ කාලේ) සහිත phone එකක් release වුණේ ඊට අවුරුද්දකට පමණ පස්සේ.

Oppo SuperVOOC charge in 2016. Image Source - AndroidCentral

ඉතින් ඇයි මෙහෙම ජිවිතත් එක්ක සෙල්ලම් කරන්නේ? බොහෝ විට ඒ තමන්ගේ තරඟකරුවන් ව පසු බස්සවන්න. මේ වගේ ලේසියෙන් නිපදවන්න අමාරු තාක්ෂණයක් අතින් Oppo ඉදිරියෙන් ඉන්නවා යි දැනගන්න අනෙක් තරඟකරුවෝ තමන්ටත් මේ වගේ තාක්ෂණයක් නිපදවන්න තව කලක් යන බවත්, ඒ කාලය වෙද්දී Oppo තවත් ඉදිරියෙන් ඉන්නවා යැයි අවබෝධ කරගන්නවා, එවිට ඔවුන් ඒ subject එක සම්බන්ධව උදාසීන වෙනවා.

ඒ වගේම නව ආයෝජකයින් හා මේ තාක්ෂණයට සම්බන්ධ විද්‍යාඥයින් ආකර්ෂණය කරගන්නත් ඒක හොඳ උපායක්. අතුරුඵලයක් විදිහට fan-base එකත් වැඩි වෙනවා.

Oppo සහ OnePlus මේ විදිහට හැසිරෙන්නේ ඔවුන් එක මවකගේ දරුවෝ නිසා බව දන්නවද? දන්නේ නැත්නම් මේ ලිපිය කියවන්න.

OnePlus, Oppo හා Vivo - Chinese පන්ති භේදය
Samsung කියන්නේ තවමත් ලෝකේ අංක 1 smartphone manufacturer වගේම Huawei, Apple2වෙනි තැනට ලොකු තරඟයක් දෙනවා කියන එකත් රහසක් නෙමෙයි. හැබැයි මේ අතරේ 4,5,6 ස්ථානවලටත් තිරය පිටුපස වෙනම තරඟයක් යනවා. පසුගිය අවරුදු 5 සිට Oppo, OnePlus හා Vivo කියන brands වෙනම category ඇතුලේතමන්ගේ sales ඉහල දාගන්න තරඟයක් …