Loading...
OnePlus, Oppo හා Vivo - Chinese පන්ති භේදය

Samsung කියන්නේ තවමත් ලෝකේ අංක 1 smartphone manufacturer වගේම Xiaomi, Apple 2වෙනි තැනට ලොකු තරඟයක් දෙනවා කියන එකත් රහසක් නෙමෙයි. හැබැයි මේ අතරේ 4,5,6 ස්ථාන වලටත් තිරය පිටුපස වෙනම තරඟයක් යනවා.

පසුගිය අවරුදු 5 සිට Oppo, OnePlus  හා Vivo කියන brands වෙනම category ඇතුලේ තමන්ගේ sales ඉහල දාගන්න තරඟයක් දෙන බව දකින්න ඇති.

ඇයි මෙච්චර Phone Brands ?

BBK Electronics
Image Source - AndroidCentral

සමහරු Coca-Cola බොන්නේ නෑ, හැබැයි Fanta බොනවා, සමහරු ඒ මොකුත් නැතුව Sprite බොනවා. හැබැයි මේ මොකක් බිව්වත් ලාභ ලබන්නේ Coca-Cola සමාගම. ඔයා KFC ගියත් Pizza Hut ගියත් Yum! Brands inc. ට ප්‍රශ්නයක් නෑ. Lifebouy ගෑවත් Lux ගෑවත් ඒ මොකුත් නැතුව Pears ගෑවත් Unilevers ලට කිසිම ප්‍රශ්නයක් නෑ. මොකද ඔක්කොම එකම සමාගමේ වෙනස් Brands.

දැන් තේරෙනවා ඇති මොකක්ද මේ Business strategy එක කියල. මිනිස්සුන්ට යම් භාණ්ඩයක් ගන්නවද නැද්ද කියල තීරණය කරන්න දෙනවට වඩා Business එකක් කරන්නේ එකම අවශ්‍යතාවයට options ගොඩක් අපිට දෙන එක. Soft drink එකක් බොනවද නැද්ද නෙමෙයි, Coke ද Sprite ද කියන එක අතර අපිව දෝලනය කරන්නයි Coca-Cola Company එකට ඕනේ කරන්නේ.

ඒ වගේම තමයි Smarphone market එකත්. ඔයා Oppo ගත්තත් OnePlus ගත්තත් Vivo, RealMe, iQOO  ගත්තත් චීනෙ BBK Electronics Corporation එකට කිසිම ප්‍රශ්නයක් නෑ. මොකද මේ brands 5ම අයිති ඒ Company එකට.

OPPO - DVD player සිට Smartphone දක්වා

Best Oppo phones of 2020: pick up the best Oppo handset for you ...
Image Source - Techradar

BBK සමාගමේ පලවෙනි Smartphone brand එක වන Oppo, 2004 දී DVD, MP3 players නිෂ්පාදකයෙක් විදිහට ආරම්භ කර , 2012 දී පලවෙනි Smartphone එක release කරනවා. ආරම්භයේ ඉඳන් Innovative features එක්ක ආපු මේ brand එක ඉක්මනින් චිනේ ජනප්‍රිය වෙනවා.

QHD Display , 50MP camera , 20W charging, Low-light photography, Retractable motor camera වගේ features අනික් smartphone brands වලට අවුරුද්දකට විතර කලින් release කරන්න Oppo ට පුළුවන් උනා.

Oppo superVOOC charging තාක්ෂණය අනෙක් Brands 4ද  විවිධ නම් වලින් යොදා ගන්නවා. (OnePlus - DashCharge, Realme - SuperDart ආදී ලෙස)

VIVO - තරුණ මදය

Oppo, Camera හා Charging features වලට මුල් තැන දෙන අතරේ Vivo market කරන්නේ වෙනස් ම විදිහක Design එක සහ Hi-Fi  Audio තාක්ෂණය. මේක Youth brand එකක් විදිහට තමයි ඒගොල්ලෝ market කරන්නේ.

Ultra thin design, (5.1mm thick - 2015), 6 GB RAM (2016), 20MP+ front cameras (2017) වගේ කාලෙට කලින් වෙනස්ම  features රැසක් හඳුන්වා දෙන්න Vivo ට පුළුවන් වුණා. ඒ වගේම In-display fingerprint sensor (2018), Retractable front camera, Waterfall display, In-display front camera වගේ නව තාක්ෂණ බොහොමයක්  Vivo හඳුන්වාදුන්නට පසු  Samsung, Huawei වගේ නිෂ්පාදකයෝ ඊළඟ අවුරුද්දේ ඔවුන්ගේ models වලට පාවිච්චි කරා දකින්න ඇති.

Oppo වගේම Vivo ත් "ආක්‍රමණශීලි" marketing stratergy එකක් තමයි අනුගමනය කරන්නේ. ජනප්‍රිය නළු නිලියෝ, ක්‍රීඩා තරඟ (IPL, FIFA) වගේ ඉලක්ක කරලා තමන්ගේ Brand එක බලෙන්ම වගේ market කරන අතරම හැම පුද්ගල කාණ්ඩයකටම ගැලපෙන විදිහට Models ගණනාවක් ඉදිරිපත් කරන එකත් මේ Marketing Strategy එකේම කොටසක්.

Paid as a brand ambassador by Huawei, Wonder Woman star Gal Gadot ...
Celebrity-marketing කරන්න ගිහින් නාගත්තු අවස්ථාද නැතුවම නොවේ / source - Twitter

OnePlus - ලෝකය ජයගන්න

You love the OnePlus 8 Pro but also hate this aspect - Android ...
OnePlus 8 Pro. Image Source - Android Authority

BBK Company එකේ අනිත් brands ආසියාව ඉලක්ක කරගෙන පටන් ගත්තත් OnePlus මුල සිටම Global market එක ඉලක්ක කරගෙන (විශේෂයෙන් US, UK හා India) පටන් ගත්ත brand එකක්. OnePlus One සිටම ඔවුන්ගේ overall design එක ගොඩක් Oppo ට සමාන විදිහට තමයි පවත්වාගෙන ගියේ.

2017 OnePlus 5 සහ Oppo R11 designs අතිශය එකිනෙකට සමාන වුනා.

නමුත් තමන්ගේ devices වලට භාවිත කරන Premium Hardware නිසා BBK සමාගමේ අනෙක්  phone models වලින් OnePlus වෙනස් වෙනවා.

"Flagship Killer"; එහෙමත් නැත්නම් Samsung S series එකටත් Huawei Mate series එකටත් කෙලින්ම අභියෝග කරන්න පුළුවන් විදිහට Pure Android ට ආසන්න skin එකක් එක්ක Premium grade උපාංග යොදාගෙන නමුත් සංසන්දනාත්මක ව අඩු මිලකට නිකුත් කරන එක තමයි OnePlus Business Strategy එක.

ඒ වගේම Extended Software Support ( OnePlus 3, 3T, Android 9 update කල හැකියි) එකත් මේ Models වල ජනප්‍රියතාවය ඉහල යාමට බලපා තියන බව පැහැදිලියි.

OnePlus පවුලේ අලුත්ම සාමජිකයින් OnePlus 8 සහ OnePlus 8 Pro
Oneplus විසින් 2020 මුලින්ම රිලීස් කරන ඩිවයිසස් දෙක තමයි Oneplus 8 සහ Oneplus 8Pro. මේ දෙකේ ස්පෙක්ස් ගැන අපි ඉස්සෙල්ලා බලමු OnePlus 8OnePlus 8 - source gsmarena.comBODYමේකේ body එක ගැන බැලුවහම 180 g වගේ බරක් තියෙනවා, මේකේ බිල්ඩ් එක දිහා බැලුවමඅපිට දකින්න හමබවෙනවා Glass front (Gorilla Glass) එක…
OnePlus පවුලේ අලුත්ම සාමාජිකයන් ගැන කියවන්න

Realme - Xiaomi ට එරෙහිව

මීට අවුරුදු දෙකකට කලින් ආරම්භ උන Realme ඉන්දියාවේ Xiaomi අධිකාරය බිඳ දැමීම ප්‍රමුඛ කරගත්, Oppo වලම sub-brand එකක්. බොහෝ ලෙස Entry level එහෙමත් නැත්තනම් Budget models වලට ප්‍රමුඛත්වය දී ඇති ඔවුන් මේ අවුරුදු 2කට models 27ක් release කර තිබෙනවා. (OnePlus මෙතෙක් කල්ම models 18 යි)

ඉන්දියානු Smartphone market share එකෙන් 16.2% අයිති කරගන්න හැකියාව ලැබී තියන Realme දැන් mid-range category එකටත් අවතීර්ණ වෙමින් තියනවා. ඒ එක්කම Xiaomi අනුගමනය කරමින් අමතර උපාංග (fitness bands, ear phones etc.) ආදියත් ඔවුන් නිෂ්පාදනය කරනවා.

iQOO - 5G පරම්පරාව

The iQOO 3 is the first Snapdragon 865 phone that comes in both 4G ...
Image Source - XDA Developers

BBK සමාගමේ නවතම smartphone brand එක වන iQOO ත් ඉන්දියාව මුලික කරගෙන තරඟයට අවතීර්ණ වූ brand එකක්. තවම මේ brand එකේ නියම අරමුණ පැහැදිලි නැතත් BBK ට වෙනම 5G model කාණ්ඩයක් අවශ්‍ය බව නම් පැහැදිලියි. ඒ 2020 නිකුත් වූ iQOO 3 හි model දෙක වෙන් කර ඇත්තේ 4G  හා 5G ලෙස පමණක් වන නිසා.

මේ විදිහට විවිධ වයස් වලට, විවිධ අවශ්‍යතා වලට හා විවිධ භූ කලාප වලට ගැලපෙන විදිහට එකිනෙකට වෙනස් මාදිලියේ Brands නිෂ්පාදනය කරමින්, ඒවා එකිනෙකට වෙනස් ක්‍රම වලට market කරමින් BBK Electronics සමාගමට ලොව දෙවැනියට විශාලම Smartphone නිෂ්පාදකයා වීමට හැකියාව ලැබී තියෙනවා.