Loading...
iPhones සදහා පමණක් හිමිවී තිබූ Flashlight Brightness Control කිරීමේ පහසුකම Android 13 සමග ලබා දෙන බව වාර්තා වෙයි

ඔබ Android දුරකථනයක් භාවිතා කරන්නේ නම් බොහෝ විට එහි Camera Setup එකෙහි LED Light එකක් ඇතුලත් වෙනවා. මෙය අඩු ආලෝකයේදී ඡායාරූප ගැනීමට සහාය වන අතර, අදුරේදී මෙය පන්දමක් ලෙසද උපකාරී වේ.

දීර්ඝ කාලයක සිට Apple iPhone වල මේ Flash Light එකෙහි දීප්තිය වෙනස් කිරීමට පහසුකම් සලසා තිබූ නමුත් Android Smart Phoneවල තිබුණේ Flash Light එක On සහ Off කිරීමේ පහසුකම් පමණි.

නමුත් ඉදිරියේදී නිකුත් වීමට නියමිත Android 13 OS Update එක සමගින් Apple iPhone වල මෙන්, Flash Light එකෙහි දීප්තිය වෙනස් කිරිමේ හැකියාව ලබා දීමට ඉඩ කඩ ඇති බව Esper වෙබ් අඩවිය වාර්තා කරනවා.

Google’s upcoming OS includes two new APIs, namely “getTorchStrengthLevel” and “turnOnTorchWithStrengthLevel.” The first method brings up the brightness level of the LED flash, while the second one sets it from a minimum value of 1 to a maximum determined by the hardware. Previously, apps could only switch the LED flash on or off using the “setTorchMode” API.

ඉහත සටහනට අනුව පෙනී යන්නේ සියලුම Android Smart Phones සඳහා මේ Flash Light Level එක Control කිරිමේ පහසුකම ලබා දීමට නොහැකි බවත්, ඒ සඳහා ගැළපෙන Hardware ඇති Smart Phones සඳහා පමණක් ලබා දෙන බවයි.

කෙසේ වෙතත් ඔබ samsung පරිශීලකයෙක් නම් ඔවුන්ගේ oneUI සමඟ මේ Flash Light Level එක Control කිරීමේ පහසුකම දැනටමත් ලබා දී තිබෙනවා.

Source: Android Authority