Loading...
Google Chrome හරහා Android Nearby Share feature එක Chrome OS, Windows, macOS, සහ Linux වලටත්

කාලයක ඉඳන්ම Google සමාගම Appleලගෙ 'Air Drop' වගේ wireless file-sharing technology එකක් ගැන අත් හදා බලපිම් වැඩ කටයුතු කලා. මුල් කාලයේ Fast Share කියල තිබුණු මේ feature එක පස්සෙ Nearby Share විදිහට rename උනා. කාලයක දී මේ feature එක available උනේ Android platform එකට විතරයි. කෙසේ වෙතත් පල වෙන වාර්තා වලට අනුව suggest වෙන්නෙ Windows, macOS, Linux සහ Chrome OS වගේ platform වලටත් මේ feature එක available වෙනවා කියලයි.

මෑතකදි Chromium Gerrit ට submit උන commit එකකට අනුව මේ feature එක available වෙන්නෙ Chrome browser settings හරහා යි. තවත් commit එකක් suggest කරන්නෙ chrome://nearby වලින් මේ feature එකේ Web UI එක ලැබෙනවා කියලයි. ඉතින් විශේෂම දේ තමා මේ commit එක තාම merge වෙලා නෑ. ඉස්සරහට ඒක ඉක්මනින් සිදු වෙයි කියල හිතන්න පුලුවන්. ඉතින් මේක PC, Laptops වලට අනිවාරෙන් එනව කියල කියන්න කලින් තව discuss කරන්න ගොඩක් දේවල් තියෙනවා.

ඔව් අපි මීට කලිනුත් Nearby Share එක cross-platform file technology එකක් වෙන එක ගැන අහල තියෙනව. අප්‍රේල් මාසෙ පල උන වාර්තාවක සඳහන් උනේ මේක ඉක්මනට ම Chromebooks වලට එනව කියල. ඉතින් අන්තිමට පල උන වාර්තා වලට අනුවත් මේක පැහැදිලි වෙන නිසා ඉක්මනින් මේ feature එක එයි කියල හිතන්න් පුලුවන්.

Proprietary wireless file-transfer protocols කියන concept එක ඉස්සෙල්ලම ආවෙ Apple ලගෙ AirDrop technology එක හරහා. කෙසේ වෙතත් Android devices manufacture කරන Realme, Oppo, Xiaomi සහ Samsung වගේ සමාගම් ඔවුන්ගෙම wireless file-transfer technologies ඉදිරියට අරන් ආවා. ඉතින් මේ feature එක Google ලා implement කරාම Bluetooth සහ Wi-Fi Direct හරහා files transfer කර ගැනීමේ පහසුකම ලැබෙනවා. ඉතින් මේකෙ efficiency, speed වගේ දේවල් AirDrop එක්ක compare කරන එක නම් ගොඩක් interesting දෙයක් වෙනවා කියල නම් හිතන්න පුලුවන්.

Source: XDA Developers