Loading...
රුසියානු යුක්රේන අර්බුදය හමුවේ සමුගත් ගුවන් යානා ලොවේ තඩියා, Antonov An-225 හෙවත් Mriya

මම කලින් ඔයාලට කලින් කියපු SR 71 blackbird, XB 70 valkarie වගේම මේ AN 225 යානයත් බිහිවන්නෙ සීතල යුද්ද සමයේම තමයි.

සීතල යුද්ධ​ය කියන්නෙ දෙවන ලෝක යුද්ධය අවසන් වීමත් සමඟ ඇමරිකා එක්සත් ජනපදය ප්‍රමුඛ බටහිර රටවල් හා සෝවියට් දේශය අතර ඇතිවු තාක්ෂණික හා දේශපාලණික සටන​යි. මේ නිසා බොහෝ විට යුධ තාක්ෂණය අතින් අනෙකා ඉක්මවා යාමට දෙපාර්ශවයම අති විශාල උත්සාහයක් දරනවා. මේ අනුව එහි ප්‍රතිඵල ලෙස ලොව බලගතු යුධ යානා හා යුධ අවි බො​හෝ ප්‍රමාණය​ක් මෙලොව​ට බිහිවනවා.

බුරාන්ව අරගෙන යන්න හැදුනු AN 225

අද අපි කතා කරන්​න බලාපොරොත්තු වන AN 225 බිහි වන්නේ 1980 දශකයේදි​යි. හැබැ​යි භාණ්​ඩ ප්‍රවාහනය සදහා නම් නෙවෙ​යි. මේ යානය විශේෂයෙන්​ම නිර්මාණය වන්නෙ වන විට සෝවියට් සමූහාණ්ඩු​වේ අභ්‍යවකාශ වැඩසටහනෙ Space Shuttle එක වුනු (බුරාන්) ප්‍රවාහනය කිරීම සඳහා​යි. නමුත් ​මේ වැඩේ සදහා සොවියට් දේශයට විශාල ප්‍රවාහන යානයක අවශ්‍යතාවයක් පැන නගිනවා. මේ ඒ අනුව තම​යි එකල සෝවියට් සමාහාණ්ඩුව​ට අයත්ව තිබූ යුක්රේනයේ ඇන්ටනොව් ගුවන් යානා සමාගම මගින් මෙම විශාල යානය නිෂ්පාදය කිරීමට භාර ගනු ලබන්​නේ.

බුරාන්ව රැගෙන යන AN 225

මේ AN 225 බිහිවන්නෙ එවන විට යුක්‍රේනයේ ඇන්ටනොව් සමාගම විසින් නිර්මාණය කර තිබුනු AN 124 යානයෙ අප්ග්‍රේඩඩ් වර්ශන් එකක් ලෙස​යි. එ අනුව AN 124 යානයේම අප්ග්‍රේඩඩ් වර්ශන් එකක් ලෙස පළමු ඇන්ටනොව් 225 යානය 1988 දී නිෂ්පාදනය කළ අතර එය පසුගිය දා විනාශවිමට පෙර පැවති ලෝකයේ පැවතුණ බරින් වැඩිම ගුවන් යානයද වෙනවා.

හත් දෙනෙකුගෙන් යුතු කාර්ය මණ්ඩල​ය

කාර්ය මණ්ඩලය 7 දෙනුකුගෙන් සමන්විත වන අතර ​ඒ captain, co-pilot, navigator, senior flight engineer, flight engineer, radio operator, leading test flight engineer යන අයවලුන්ගෙන්ය. දැන් ඔයාලා කල්පනා කරනවා ඇති, මේකට මොකටද මෙච්චර කෲව් එකක් කියලා.

ඒකට හේතු ගණනාවක්​ම තියෙනවා. ඒවායෙ​න් ප්‍රධානත​ම හේතුව තමා මේ යානය 80 දශක​යේ නිශ්පාදනයක් වීම. එ නිසා මේ යානයෙහි වැඩි ප්‍රතිශතයක්ම ක්‍රියාත්මක වන්නෙ මැනුවල් ආකාරයටයි. නූතන Aircraft වගේ Fully automatic ආකාරයෙ​න් ක්‍රියාත්මක වීමට මෙම යානයට කිසිම හැකියාවක් නැහැ.

මෙම යානයේ රැගෙන යා හැකි උපරිම බර ප්‍රමාණ​ය ලෙස සඳහන් වන්නෙ, ඇතුලත ටොන් 250ක් පමණ හා මතුපිට (යානයට උඩින්) ටොන් 200 ක් පමණ වේ. මෙහි ප්‍රමාණ​ය ගැන කතා කරොත් දිගින් මීටර් 84m ක් පමණ වන යානයේ පියාපත් සමග පළල මීටර් 88.4mක්. උසින් මීටර් 18.1m වන අතර මෙම යානයේ බර ටොන් 285T ක් පමණ වෙනවා.

බ​ර ටොන් 640​ක්

ඒ වගෙ​ම මේකෙ Maximum takeoff weight එක බර ටොන් 640 ක් පමණ වන අතර මේ යානය බලගැන්වීම සඳහා Progress D-18T වර්ගයේ Turbofan engines එන්ජින් 6ක් භාවිතා වනවා. මීට අමතරව මේ එක එන්ජින් එකකින් 51,500 lbf (229.5 kN) පමණ Thrust එකක් නිපදවන අතර මේ එන්ජින් හයේම අනුසාරයෙන් 640t ක බරක් රැගෙන 840Kmh ක වේගයෙන් පියාසර කර හැක. ​ඒ වගේම මේ යානය උඩුගුවනට ගුවන් ගතවීම සඳහා ධාවන පථයෙ​හි දිග ප්‍රමාණය කිලෝමීටර් 3කිනුත් පළල අඩි 200යකිනුත් සමන්විය යුතුවනවා.

එකව​ර කිලෝග්‍රෑම් ලක්ෂ 3ක්

​ඒ වගේම මෙම යානයෙහි 300,000 kg (661,000 lbs) තරම් ඉන්ධන ධාරිතාවක් ගබඩා කළ හැකි අතර එමගින් මෙම යානයට 15,400 km ක තරම් විශාල රේන්ජ් එකක පියාසර කිරීමට හැකියාවක් ලබා දෙනවා. මේ යානයෙහි Service ceiling එක (36,000 ft) මීටර් 11,000ක් පමණ වනවා. මෙතනදි විශේෂ​ම කාරණ​ය වන්නෙ 11,000m වැනි විශාල උසකදි පවා මෙහි උපරිම වේගය වන 850 km/h  කින් නොකඩවා ගමන් කිරීමෙ හැකියාව​යි.

මෙහි cargo bay එක තුල සාමා​න්‍ය ප්‍රමාණ​යේ මෝටර් රථ 50ක් පමණ රැගෙන යා හැකි අතර භාණ්ඩ රැගෙන යන අතරම සියළුම පහසුකම් සහිතව මඟීන් 70කටද ගමන් කිරීමේ හැකියාව පවතිනවා. ​ඒ වගේම වෙනත් කිසිම cargo එකක් නැතුව සියළු පහසුකම් සහිතව LOWER DECK එක තුළ මගීන් 495කුත් UPPER DECK එක තුළ මගීන් 405ක් ඇතුළු සම්පූර්ණ සංඛ්‍යා​ව මගීන් 900කුත් යුධ මෙහෙයුමකදි පැරෂුට් භටයන් 1000ක් පමණ එකවර රැගෙන යාමටද, යුධ ටැංකි පහක හයක පමණ ප්‍රමාණය​ක් එකවර රැගෙන යාම සඳහාත් භාවිත කළ හැකි​යි.

භාණ්ඩ ඇතුල් කිරීමේ හා ගොඩබෑමෙ පහසුව තකා යානයේ ඉදිරිපස නාසය කොටසෙහි මෙන්ම පිටුපසද විවර කල හැකි විශේෂ දොරටු දෙකක් පිහිටා තිබෙනවා. භාණ්ඩ ගොඩ බෑම හා පැටවීමේ පහසුව සඳහා අවශ්‍ය පාලම්ද යානය තුළම සවිකර තිබෙනවා. ඒ හේතුවෙන් විශාල කන්ටේනර් රථවලට යානය තුළට පහසුවෙන්ම පැමිණිය හැකියි.

නාසය කොටස විවර කර භාණ්ඩ පැටවීම සිදු කරන ආකාර​ය

එමෙන්ම යානය ඇතුලතදි භාණ්ඩ නිසි පරිදි ගබඩා කිරීම සඳහා යානයේ ඇතුළත වහලය මත විශේෂ දොඹකර පද්ධතියක්ද ස්තාපිත කර ඇත. තවද යානයේ රෝද වලට සම්බන්ධ විශේෂ Hydraulic system එකක් මඟින් යානයේ බඳ පොළවට ගෑවෙන ලෙස පහත් කළ හැකි අතර ඒ හේතුවෙන් භාණ්ඩ පැටවීම හා ගොඩ බෑම කිසිදු බාහිර අධාරකයකින් තොරව පහසුවෙන්ම සිදු කළ හැකි​යි.

රුසියානු ප්‍රහාර හමුවේ අවසන් ගම​න්

පසුගිය දිනක රුසියානු ප්‍රාහාර හමු​වේ විනාශ වීමට ප්‍රථ​ම AN 225 ඇමරිකා එක්සත් ජනපදය, එංගලන්තය වැනි බටහිර රටවල් වල තම විශේෂිත ගුවන් කාගො ප්‍රවාහන සඳහා මෙම යානය බහුලව යොදාගත්තා. තවද චීනයේ අභ්‍යවකාශ වැඩසටහන් සදහාද මෙම යානය යොදා ගැනීමට එරට විසින් තීරණය කර තිබෙනවා.

නමුත් මේ වන විට ලොව සතුව තිබුනු එකම AN 225 එකත් රුසියානු ප්‍රහාර හමුවෙ විනාශ වී අවසාන​යි. ඒ අනුව මේ වන විට ලොව බරින් වැඩිම. ගුවන් යානය ලෙස කිරුළු පලඳින්නෙ Airbus A380-800 යානය​යි. ​ඒ කිලෝග්‍රෑම් 276 800ක බරක් වාර්තා කරමින්.

සුභ ගමන් Mriya.