Loading...
Apple සමාගමේ A12X සහ A12Z SOC's අතර වෙනසේ සැගවුණු කතාව

මෑත කාලේ ආපු Tablets ගත්තම Apple සමාගම මේ Segment එකේ විශේෂ තැනක් අරගෙන ඉන්න බව අමුතුවෙන් කියන්න ඕන දෙයක් නෙවෙයිනේ. ඒකට මූලිකම හේතුව වෙන්නේ ඇත්තම කිව්වොත් Apple සමාගම එයාලගේ Ipad series එක හරහා දෙන Performance Level එක සහ ඒ සදහා වැයවෙන Low power level එක කියන්න පුළුවන්. Apple සමාගම එයාලගේ මේ Tablets Segment එකෙත් ලොකුම වෙනස සිද්ද කරපු අවුරුද්ද විදියට 2018 ගන්න පුළුවන්. ඒ එයාලගේ අළුත් iPad Pro 11 inch සහ 12.9 inch Launch එකත් එක්ක.

iPad 11" and 12.9" - source google.com

මේකෙදි සිද්ධ වුන ප්‍රධානම වෙනස්කමක් වෙන්නේ එයාලා මේ Ipad's සදහා අළුතින් හදුන්වලා දීපු ARM Architecture එක Based උන Laptop class Power එකක් තියෙන A12X කියන යෝද SOC එක. මේකේ Transisters බිලියන 10ක් ඇතුලත් කරන්න Apple සමාගමට හැකිවෙනවා. ඇත්තටම කිව්වොත් මේ A12X SOC එක එක්ක ආපු Ipad Pro series එක ඒ වෙද්දී අනිත් ගොඩක් Mobile SOC's ආපු Tablets වල Performance සෑහෙන්න ප්‍රමාණයකින් පස්සට යවන්නත් සමත්වෙනවා මේකේ ඇතුලත් වෙන මේ විශාල Transisters ප්‍රමාණය නිසාම.

මේ කියපු 2018 Ipad Pro series එකට පස්සේ Apple සමාගම පසුගිය කාලේ එයාලගේ අළුත් Ipad Pro series එක Launch කිරීම සිද්ද කලා 2020 වසර සදහා. ගොඩක් අය කලින් Ipad Pro Series එකේ වගේම මේකෙනුත් ලොකු Performance Gap එකක් බලාපොරොත්තු උනා කියන්න පුළුවන් අළුත් Apple A series SOC එකත් එක්ක. කොහොමහරි Apple සමාගම මේ අළුත් Ipad Pro series එකේ SOC එක නම් කරනවා A12Z විදියට. අන්න ඒකත් එක්ක තමයි ගොඩක් අයට සැකයක් එන්න ගන්නේ මේක කලින් ආපු A12X එකටම පුංචි පුංචි Improvements ටිකක් කරලා හදපු SOC එකක්ද කියන එක ලොකු Upgrade එකක් කරන්නේ නැතුව.

මේක ගැන හරිම කතාව හොයාගන්න අපිට යන්න වෙනවා පොඩ්ඩකට Industry එකේ Teardown analysis වල හොද Reputation එකක් තියෙන Techinsights ලා ලගට. ඒ අනුව Techinsights ලා මුලින්ම check කරන දේ වෙන්නේ මේ A12X සහ A12Z SOC දෙකේ Part numbers දෙක. ඒයාලා මේ Numbers දෙකේ සමානතාවය දකිනවා දෙකේම තියෙන්නේ APL1083 කියන Part number එක නිසා. එතනින් පස්සේ එයලා SOC එකේ Die එකේ Marks comparison එකට යනවා. මේ දෙකත් සම්පූර්නෙන්ම සමාන බව එයාලා දකිනවා දෙකේම තියෙන්නේ TMJQ51 කියන Marking එක නිසා.

මෙතනින් පස්සේ Techinsights ලා යනවා SOC එකේ Floor plan එකේ Optical confirmation එකකට. එතනදීත් එයාලා පැහැදිලිවම දකින දේ තමයි මේ දෙකේම GPU එක Cores 8ක් වගේම CPU එකත් Cores 8ක් විදියට NPU එකත් එක්ක Floor plans එක සමාන බව. ඒවගේම මේ A12X සහ A12Z SOC දෙකේ Die size දෙකත් 10.1mm x 12.6mm විදියට සම්පූර්නෙන්ම එකසමාන වෙනවා Techinsights ලට අනුව.

මේ අනුව අපිට පැහැදිලි අදහසකට එන්න පුළුවන් Apple සමාගමේ මේ A12X සහ A12Z SOC දෙක Die එකෙනුත් සමාන බව. නමුත් Apple සමාගමේ Official specs වලට අනුවනම් අපිට A12X සහ A12Z කියන මේ SOC's දෙකේ වෙනසක් බලාගන්න පුළුවන් වෙනවා A12X එකේ GPU එකේ Cores 7ක් විදියටත් ඒවගේම A12Z GPU එකේ Cores 8ක් විදියටත්. මේ අනුව Techinsights ලා එයාලගේ මේ SOC දෙකේ Deep analysis එකේ සොයාගැනීම් එක්ක Conclusion එකකට එනවා මේ A12X සහ A12Z කියන SOC දෙක සම්පූර්ණයෙන්ම වගේ එක සමාන බවත් A12X SOC එකේදී GPU එකේ Core එකක් Apple සමාගම විසින් Disable කරලා තිබුන බවත් ඒවගේම A12Z එකේදී මේ Disable කරලා තිබුන GPU එකේ Core එක ආපු Enable කරලා තියෙන බව.

මේ කියපු දේ ගොඩක් අයට ටිකක් අමුතු දෙයක් වෙන්න පුළුවන්. ඒ නිසා මේක ගැන සරලව පුංචි පැහැදිලි කිරීමක් කරන්නම්. මේකට පොඩ්ඩකට අපිට Fabrication Process පැත්තට යන්න වෙනවා හැබැයි. මේ කියන Electronic Chips, Fabs තුල නිශ්පාදනය කරද්දී Manufacturers ලා මේකට භාවිතා කරනවා Diameter එක ප්‍රමාණයෙන් 100-450mm වගේ අතර වෙන රවුම් හැඩයක් ගන්න Silicon wafer එකක්. මේ කියන එක Wafer එකකින් මෙයාලා මේ SOC's සියගනනක් නිශ්පාදන කටයුතු සිද්ද කරනවා.

මෙහෙම එක Wafer එකකින් නිශ්පාදනය කරන SOC's ටික ඔක්කොමනම් හැමවෙලාවෙම 100% හොදින් ක්‍රියාකරන්නේ නෑ. ඒ අනුව මෙයාලා හරියටම මේකේ Testings සිද්ද කරලා අදහසකට එනවා එක Wafer එකකින් කොයිතරම් නම් හොදම තත්වේ SOC's ප්‍රමාණයක් ගන්න පුළුවන්ද කියන දේ. මේ ප්‍රමාණය අපි හදුන්වනවා Yield level එක විදියට වගේම, මේක Percentage එකක් විදියට ගන්න පුළුවන්. හැම සමාගමක්ම Fabrication Process එකේදී තමන්ගේ Chips වලට හොද Yield Level එකක් බලාපොරොත්තු වෙන බව අමුතුවෙන් කියන්න ඕන නැහැනේ. මොකද ඒක Quality එකට වැදගත් වගේම Cost එකටත් වැදගත් නිසා.

මේ නිසාම සමහර අවස්ථාවලදී සමාගම් පෙළබෙනවා තමන්ගේ Chip එකේ Floor plan එකට පුංචි පුංචි වෙනස්කම් සිදුකරන්න Yield level එක තමන්ට අවශ්‍ය ප්‍රමාණයට වැඩිකරගන්න. මෙන්න මේ කියන දේම තමයි Apple සමාගමත් එයාලගේ A12X SOC එකේදී සිද්ද කරලා තියෙන්නේ Fabrication එකේදී වැඩිපුර Yield level එකක් ලබාගැනීමේ උවමනාව නිසා එයාලා ඒකේ එක GPU Core එකක් Disable කරලා තියෙනවා මුළු Cores 8න්. මේ වගේ සිදුවීමකටම මෑතකාලේ සිදු උන තවත් ප්‍රසිද්ද උදාහරණයක් ගන්න පුළුවන් Intel සමාගම එයාලගේ 9th Gen Core Processors වල ඉදන් Internal GPU එක Disable කරලා F series එකක් විදියට වෙනම එළියට දාපු එක. මෙතනදීත් Intel සමාගම සිද්ද කලේ අර කලින් කතාකරපු විදියට එයාලගේ Yield Levels අවශ්‍ය ප්‍රමානයට වැඩිකරන්න Internal GPU එක Disable කරපු එක.

කොහොමහරි මේ 2020 අව්රුද්දේදී Apple සමාගම එයාලගේ අළුත් Ipad Pro series එකේ A12Z SOC එකේ GPU Cores 8ම සාර්ථකව Enable කරනවා TSMC සමාගමේ වැඩිදියුණු කරපු අළුත් N7+ Fabrication process එකත් එක්ක. මේ අනුව A12X SOC එකේදී එයාලට අවශ්‍ය උන Yield levels වලට එන්න බැරිඋන හෙතුවක් විදියට ඒ කාලේ 7NM N7 Fabrication Process එකේ තිබුන අඩුපාඩු පෙන්වා දෙන්නත් පුළුවන්. මෙතනදී කිව යුතුම දෙයක් තමයි ඕනෑම 7nm, 5nm මේවගේ අළුත් Node එකකදී මුල් කාලයේ Yield Level එක අඩුවෙනවා වගේම මේක ටික ටික කාලයත් එක්ක Improve කරනවා කියන දේ.

ඒවගේම අවසානයේ කියන්න ඕන තවත් දෙයක් තමයි මේ කියපු A12X සහ A12Z කියන SOC දෙකේ Frequencies වල පුංචි පුංචි වෙනස්කම් වෙන්න පුළුවන් ගොඩක් වෙලාවට අර මම කලින් කියපු වැඩිදියුණු කරපු Fabrication Process නිසා වගේම අලුත් Ipad Pro series එකේ Improve කරපු Heat dissipation නිසා. කොහොමවුනත් අවසානයේ අපිට මේ A12X සහ A12Z SOC වල Performance Improvement එක බැලුවත් බොහොම පුංචි වෙනසක් තමයි බලාගන්න ලැබෙන්නේ.