Loading...
Apple සමාගම විසින් HomePod නිපදවීම සම්පූර්ණයෙන් නවතා දමා HomePod Mini සඳහා අවධානය යොමු කිරීමට තීරණය කරයි

2018 වසරේදි Apple සමාගම විසින් ඔවුන්ගේ Apple HomePod එක හදුන්වා දිමට කටයුතු කරනු ලැබුවා. ඉන් වසර දෙකකට පමණ පසුව 2020 දි HomePod Mini එක හදුන්වා දෙනු ලැබුවා. කෙසේ වෙතත් HomePod Mini එකේ ඇති ආකර්ෂණීය මිල ගණන් නිසා එය HomePod එකට වඩා මේ වන විට අතිවිශාල ජනප්‍රියතාවයක් ලබා තිබෙනවා.

Apple Homepod එක නිකුත් වි වසර තුනකට පසුව Apple සමාගම විසින් HomePod එකේ නිෂ්පාදනය අත්හිටුවීමට තිරණය කර තිබෙනවා. එනම් මින් පසු Apple සමාගම විසින් HomePod Mini පමණක් අලුතින් නිෂ්පාදනය කරනු ඇත.

2018 දි නිකුත් වුණ Apple Homepod එක Impressive Sound Quality එකකින් හා Siri Voice Assistant Feature එකෙනුත් සමන්විත වුවා. 2018 සිට Google Assistant හා Alexa Voice Assistantලා මගින් ක්‍රියාත්මක වු Smart Speakers සමග මෙයට තරග කිරිමට සිදු වුවා. ඒ වගේම මෙහි වු මිල අධික බව නිසා එයට අනෙක් Smart Speakers සමග වෙළදපොලට පිවිසිමට තරමක් අසිරැ වුවා.

කෙසේ වෙතත් Apple සමාගම විසින් 2020 නොවැම්බර් මාසයේදි පමණ ඔවුන්ගේ HomePod Mini Version එක එළිදැක්වීමට කටයුතු කරනු ලැබුවා. මෙය මිට පෙර නිකුත් වු සාමාන්‍ය Apple Homepod එකට වඩා ප්‍රමාණයෙන් කුඩා වු අතර මිලෙන් ද අඩු වුවා. නමුත් එය පෙර නිකුත් වු Homepod එකේ Features සියල්ලම වගේ ලබා දිමට සමත් වු අතර එහි ප්‍රමාණයට සාපේක්ෂව හොද ගුණාත්මකභාවයෙන් යුතු Sound එකක් ලබා දිමටත් සමත් වුවා.

HomePod mini & HomePod

මෙලෙස Apple HomePod එකේ නිෂ්පාදනය අත්හිටුවීමට ගත් තිරණය පිළිබඳ Apple සමාගම විසින් පහත ප්‍රකාශය නිකුත් කර තිබෙනවා.

“HomePod mini has been a hit since its debut last fall, offering customers amazing sound, an intelligent assistant, and smart home control all for just $99. We are focusing our efforts on HomePod mini. We are discontinuing the original HomePod, it will continue to be available while supplies last through the Apple Online Store, Apple Retail Stores, and Apple Authorized Resellers. Apple will provide HomePod customers with software updates and service and support through Apple Care.”

මීට අනුව තවමත් ඔබට අවශ්‍ය නම් තොග පවතින Apple Homepod මිලදි ගත හැකි වෙන අතර අනාගතය සදහා අලුතින් නිෂ්පාදනය කිරිමක් සිදු නොවනු ඇත. මෙලෙස නිෂ්පාදන කටයුතු නවතා දැමුවද පෙර පරිදි සමාන්‍ය ලෙසම Homepod එක සදහා වෙන Software Updates ලබා දිමට බලාපොරොත්තු වෙන බවත් සදහන් කර තිබෙනවා.

මින් ඉදිරියට Apple Homepod නිෂ්පාදනයක් සිදු නොවන අතර ඔවුන්ගේ සම්පූර්ණ අවධානයම Homepod Mini සදහා යොමු වෙනු ඇත. මේ Apple Homepod Mini එක‌‌ Amazon’s Echo smart speaker හා Google’s Nest Audio සමග සාර්ථක ලෙස තරග කරමින් වෙළදපොල තුල පසුවෙනවා. කෙසේ වෙතත් දැන් Homepod නිෂ්පාදන නොවන බැවින් ඉදිරියේදි බොහෝ විට HomePod Mini එක Homepod ලෙස ද හැදින්විමට හැකියාව තිබෙනවා.

Source: MobileSyrup