Loading...
iPhone 13 මාදිලිය සඳහා චන්ද්‍රිකා සහය ලබා දෙන බවට තොරතුරු වාර්තා වේ

Apple සමාගමේ නවතම iPhone Series එක වෙන iPhone 13 Series එක එළැඹෙන සැප්තැම්බර් මස 14 වෙනි දින එළිදැක්වීමට නියමිත බවට තොරතුරු වාර්තා වෙන බවට අපි ඔබ වෙත ගෙන ආවා. මේ වෙන විට බොහෝ දෙනාගේ අවධානය iPhone 13 Series එක වෙත යොමු විමට හේතු වෙන තවත් සුවිශේෂී කරැණක් පිළිබඳ මේ වෙන විට අන්තර්ජාලය තුළ තොරතුරු හුවමාරු වෙමින් පවතිනවා.

ඒ iPhone 13 Series එකේ iPhones සදහා දුරකථන සංඥා ආවරණ නොමැති ප්‍රදේශවලදි චන්ද්‍රිකා ආධාර කරගනිමින් දුරකථන සම්බන්ධතාවය ලබා ගත හැකි බවයි. ඒ අනුව iPhone 13 Series එකේ Devices සදහා පහත් කක්ෂිය චන්ද්‍රිකා ( Low Earth Orbit ) මගින් සම්බන්ධතාවය ලබා ගත හැකි වෙනු ඇත.

MacRumors වෙබ් අඩවියේ දක්වා ඇති පරිදි Customized Qualcomm X60 Modem එකක් ඔස්සේ iPhone 13 Series එක සදහා මෙම හැකියාව ලබා දෙනු ඇති බවයි සදහන් වෙන්නේ. මේ මගින් iPhone 13 Series එක ඔස්සේ දුරකථන සේවා සපයන්නෙක්ගේ සේවා ආවරණය නොමැති අවස්ථාවක දි ඇමතුම් ගැනිමේ මෙන්ම කෙටි පණිවිඩ යැවිමේ හැකියාව ලැබෙනු ඇතැයි බලාපොරොත්තු වෙන්න පුළුවන්.

එමෙන්ම මේ වෙන විට පළවෙන තොරතුරුවලට අනුව iPhone 13 Series එක සදහා සහය ලබා දෙන චන්ද්‍රිකා සන්නිවේදන ක්‍රියාකරු ලෙස ඇමරිකානු Globalstar ආයතනය කටයුතු කරනු ඇති බවටත් තොරතුරු වාර්තා වෙනවා. කෙසේ වෙතත් iPhone 13 Series එක පිළිබඳ මේ තොරතුරු තවමත් තහවුරු කළ හැකි නොවන අතර මේ පිළිබඳ නිල තොරතුරු iPhone 13 Series එකේ Launch Event එකේ දි දැන ගැනිමට හැකි වෙනු ඇත.

Source : Android Authority, MacRumors