Loading...
ඉදිරි මාසය තුලදී Apple නිෂ්පාදන ඉන්දියාව තුල නිල වශයෙන් අන්තර්ජාලය හරහා අලෙවියට සුදානම්

Apple සමාගම විසින් ඉන්දියාවේදි iPhone නිෂ්පාදනය ඇරඹිමට සුදානම් බවට අපි කලින් ලිපි කිහිපයකින්ම ඔබව දැනුම්වත් කරා.

Apple සමාගම විසින් ඉන්දියාවේ ඔවුන්ගේ Online Store එකක් නිල වශයෙන් මිලග මාසයේදි ඇරඹිමට සුදානම් වෙනවා. මේ Apple Online Store එක දිපවාලි උත්සව සමය ඉලක්ක කර ඇරඹිමට බලාපොරොත්තු වෙන බවයි පෙනි යන්නේ.

ඒ වගේම මිලග වසරේ දි මුම්බායි හි පිහිටි BKC හි ඔවුන්ගේ නිල Apple Store එක විවෘත කිරිමටම නියමිත බවත්, තවත් Apple Retail Store එකක් ඉදිරියේ දි බැංගලෝරයේ මින්ස්ක් (Minsk) චතුරස්‍රය අසල විවෘත විමට නියමිත බවට තොරතුරු පලවනවා.

මෙලෙස ඉන්දියාව තුල Apple සමාගමේ නිල ‌‌Retail Store එකක් විවෘත විම තුලින් Apple Customersලාට එය සුභදායක ආරංචියක් වනු නිසකයි. එපමණක් නොව මේ තුලින් Apple Product වගේම හොද Customer Service එකක් ලබා ගැනිමටත් හැකියාව ලැබෙනවා.

Source: Times of India