Loading...
මෙවර Apple සමාගමට ලඟාවිය නොහැකි ලෙස Google Pixel 5 සමඟ පැමිණි අපූරු Camera features

කාලයත් එක්කම smartphone technology එක එන්න එන්නම දියුණු වෙද්දී, ඒ හා සමාන්තරව smartphone camera technology එකත් දියුණු වුනා. ඔහොම කාලය ගත වෙද්දී කලින් කීව smartphone camera අතර තියෙන තරඟකාරීත්වයත් වැඩි වුනා. ඉතින් මේ තරඟය අතර ඉහලින්ම හිටපු සහ ඉන්න brand එකක් විදිහට Google සමාගමේ Pixel මාදිලිය හඳුන්වා දෙන්න පුලුවන්. Pixel 4a 5G සහ Pixel 5 කියන latest devices නිකුත් කරනවාත් එක්කම ඒ camera features ආකර්ෂණීය විදිහට improve කරමින් කැමරා තරඟයට මුහුණ දෙන්න Google සමාගම කටයුතු කරලා තියෙනවා.

ඉතින් මේ විදිහට improve කරලා තියෙන features අතර ඉතා වැදගත් තැනක් ගන්න features කීපයක්ම දැක බලාගන්න පුලුවන්. Google සමාගම ඔවුන්ගේ විප්ලවීය “Night Sight” තාක්ෂණය ඔවුන්ගේ “Portrait Mode” එක එක්ක combine කොට තිබෙනවා. මේ තුලින් user ට හැකියාව ලැබෙනවා ultra-low-light conditions එක්ක හොඳ portrait shot එකක් ලබා ගන්න. ඔව් ඔයා කියෙව්ව දේ හරි. ඔයාට දැන් Google Pixel 5 හෝ Pixel 4a 5G use කරලා night-time portrait shot එකක් ගන්න පුලුවන්. මේ තුලින් ඔයා ගන්න shot එක light up වෙනවා විතරක් නෙවෙයි. Bokeh එකකුත් හැදෙනවා.

Both the Pixel 5 and Pixel 4a 5G come with this awesome camera feature that allows subjects to stand out even in low light, With this nifty feature, users can now get much clearer portrait shots in environments with minimal lighting conditions. - Soniya Jobanputra, the Pixel Product Manager in an official post.

මේ feature එක පේන්නේ normal “Night sight” mode එකක් වගේමයි. ඔයාට තියෙන්නේ device එක light capture කරනකම් ස්වල්ප වෙලාවකට hold කරන් ඉන්න එක. පහල තියෙන්නේ ඒ feature එකේ demo එකක්.

කෙසේවෙතත් iPhone වල night mode එක හොඳ low-light photographs generate කරත් portrait mode එකට ඒ low-light functionality එක නෑ. ඉතින් මේ Night Sight සහ Portrait modes දෙකේ combination එක නිසා Google සමාගමට Pixel vs iPhone තරඟයෙන් අඩියක් ඉස්සරහට එන්න හැකියාව තියෙනව. මූල්‍යමය අතින් ගත්තත් Pixel එකක් ඩොලර් 1000කට වැඩිය cost නොකරන නිසා ඒක iPhone වලට සාපේක්ෂව අමතර වාසියක් හැටියට ගන්න පුලුවන්.

ඉතින් මේ තත්වයත් එක්ක iPhone 12 line up එකෙන් මේකට දෙන response එක මොන වගේ වේවිද කියල නොඉවසිල්ලෙන් බලන් ඉන්න වෙනවා.

Source : Input Mag