Loading...
ගිවිසුම්ගත OLED ප්‍රමාණය මිලදී නොගැනීමෙන් Samsung වෙත USD මිලියන 950ක වන්දියක් Apple සමාගම ගෙවයි

ලෝක ප්‍රකට Apple සමාගමට මෑතකදි කරදරයකට මුහුණ පාන්න සිද්ද උනා. ඒ ඔවුන්ට ඇමෙරිකානු ඩොලර් මිලියන 950ක වන්දි මුදලක් Samsung සමාගමට ගෙවීමට සිදුවීමෙන්. මීට හේතුව උනේ OLED panels ලබා ගැනීමේදී එකඟ වී තිබුණු ප්‍රමාණයට වඩා අඩුවෙන් Samsung සමාගමෙන් ලබා ගැනීමයි.

ඉතින් මේ ගැන Display Supply Chain Consultants ලා වාර්තාවකුත් නිකුත් කරලා තියෙනවා, මෙතනදි වඩාත් වැදගත් ම කාරණය තමා පසුගිය ජූනි මාසයේ දී Samsung සමාගම ඔවුන්ට one-time gain back එකක් ලැබුනු බවයි. කෙසේ වෙතත් ඒ gain back එකේ වටිනාකම සහ ඒ gain back එක ආවෙ කොහෙන්ද කියන එක ගැන ඔවුන් සඳහන් කලේ නෑ. ඉතින් කලින් සඳහන් කරපු වාර්තාව පවසන්නේ මේ gain back එක Apple සමාගමෙන් ලැබුනු බවයි.

“Last week theelec.net reported that Samsung Display is believed to have received KRW 900 billion from Apple for purchasing fewer OLED smartphone panels than required, but DSCC sources suggest that the payment is closer to US$950 million. The Apple payment likely turned what otherwise would have been an operating loss for display devices into an operating profit”                                                                   - Display Supply Chain Consultants

ඉතින් මේ විදිහට Apple ලා OLED panels අඩුවෙන් අරගෙන තියෙන්නේ ලෝකයටම දරුණු විදිහට බලපාලා තියෙන කොරෝනා වෛරස තත්වයත් එක්කයි. Pandemic එක හේතුවෙන් Apple stores බොහෝ ප්‍රමාණයක් වැසී ගියා. පසුව නැවත විවෘත කලත් ඇමෙරිකාවෙ ඇති උන කොරෝනා දෙවැනි රැල්ල නිසා නැවත shut down කරන්න සිද්ද උනා.

කෙසේවෙතත් මේ තත්වය iPhone 12 device එකට බලපාන විදිහ ගැන තවම පැහැදිලි නෑ. iPhone 12 එලඹෙන සැප්තැම්බර් මාසයේදී නිකුත් වෙන්න නියමිත වෙලා තියෙනවා. කොහොම උනත් මේ තත්වය එක්ක මිනිස්සු mobile phones ගන්න ගොඩක් පෙලඹෙනවා අඩුයි. කොහොමත් Apple devices වල price factor එකත් බලපානවා. ඒත් Apple ලට හොඳ ආරංචියකුත් තියෙනවා. ඒ තමා 5G device එක හොඳට perform කරයි කියන අපේක්ෂාව නිසා Company share value එකත් ඉහලට ගිහින් තියෙනවා.

Source: BGR