Loading...
Periscopic zoom camera lens එකක් සඳහා Apple සමාගම විසින් patent බලපත්‍ර ලබා ගැනීමට කටයුතු කරයි

පසුගිය වසරේ නිකුත් වුණ iPhone 12 Series එකේ Camera Setup එක සදහා Periscope Zoom Lens එකක් ඇතුලත් කල හැකි බවට කටකතා පැතිරුණු අතර කෙසේ වෙතත් අවසානයේදි නිකුත් වුන iPhone 12 Series එකේදි Periscope Zoom Lens එකක් සහිත Camera Setup එකක් නම් දැක ගන්න හැකියාවක් ලැබුණේ.

හැබැයි මේ වන විට නිකුත් වි තියෙන නිල නොවන ආරංචිවලට අනුව මේ වසරේ iPhone Series එක සදහා, එනම් iPhone 13 Series එක සදහා Apple සමාගම විසින් Periscope Zoom Lens එකක් සහිත Camera Setup එකක් ලබා ⁣දෙන්න බලාපොරොත්තු වෙන බවට මත පල කරන්න පුළුවන්. ⁣

ඒ අනුව මේ වන විට Apple සමාගම විසින් ‘Periscopic Camera Module’ යන්න යටතේ Periscope Zoom Lens එකකට අදාලව Patent බලපත්‍රයක් ලබා ගෙන තිබෙනවා. මෙයට අනුව මෙය 85mm සිට 165mm දක්වා වු පරාසයක Folding Camera Technology එකක් වෙනවා. මේය ඉතා කුඩා Camera Module සදහා භාවි කල හැකි වෙනවා.

මෙහි ප්‍රධාන වශයෙන් Light Folding Elements දෙකක් හා මේ දෙක අතර පිහිටි Lens System එකකින් සමන්විත වෙනවා. මේ Camera Technology එක මගින් Optical zoom capability එක වගේම Digital zoom functionality එකත් එක වර ලබා ගත හැකි වෙනවා.

ඒ වගේම මේ ලබාගත් Patent බලපත්‍රයේ ඇති තාක්ෂණය iPhoneවලට පමණක් නොව Computer, Laptop, Notebook, Tablet or Pad device, Slate or Netbook computer, Mainframe computer system, Handheld computer හා Workstation ආදිය සදහා භාවිත ල හැකි වෙනවා. iPhone 13 Series එක සදහා මෙම Technology එක නොලැබුනත් නියත වශයෙන්ම ඉදිරි iPhone Series සදහා මෙය වැඩි දියුණු කරනු ඇතැයි බලාපොරොත්තු වෙන්න පුළුවන්.

Sources : Gizmochina , PatentlyApple