Loading...
Apple සමාගම විසින් in-screen TouchID සහ FaceID සඳහා පේටන්ට් බලපත්‍ර ලබා ගැනීමට සමත් වේ

Apple සමාගම විසින් මිලග වසර සදහා නියමිත iPhone Series එක වෙන iPhone 14 Series එකේ සැලසුම් කටයුතු මේ වෙන විටත් ආරම්භ කර ඇති බවට අන්තර්ජාලය තුල තොරතුරු පල වෙමින් තිබෙනවා. ඒ අනුව iPhone 14 Series එක බොහෝ විට Full Screen Display එකකින් යුතු Devices වලින් සමන්විත වෙනු ඇතැයි බලාපොරොත්තු වෙන්න පුලුවන්.

Apple සමාගම පැත්තෙන් වාර්තා වෙන නවතම තොරතුරට අනුව ඔවුන් විසින් Touch ID හා Face ID සදහා අවශ්‍ය Under Display Camera Technology එකට අදාල Patent බලපත්‍රය ලබා ගෙන තිබෙනවා.

මේ Under Display Camera Technology එක ඔවුන් විසින් Touch ID හා Face ID සදහා භාවිත කරනු ලබන බවත් එම Patent බලපත්‍රයේම දක්වා තිබෙනවා. ඒ වගේම ඔවුන් විසින් මිට පෙර Apple Macs සදහාත් Face ID පහසුකම ලබා දිමට සුදානමින් පසුවෙන බව වාර්තා වුවා.

තවමත් මේ Under Display Camera Technology එක Patent බලපත්‍රයට සිමා වි ඇති අතර මෙය මිලග වසරේ iPhone Series එක සදහා එනම් iPhone 14 Series එක සදහා නිසක වශයෙන්ම භාවිත කරනු ඇතැයි බලාපොරොත්තු විම තරමක් දුරට අපහසු වෙනවා. කෙසේ වෙතත් ඉදිරි අනාගතයේදි මේ Under Display Camera Technology එක මගින් ක්‍රියාත්මක වෙන Face ID හා Touch ID සහිත iPhones, MacBook මෙන්ම iPads ආදියත් නිකුත් වෙනු ඇතැයි බලාපොරොත්තු වෙන්න පුලුවන්.

Source : Gizmochina, 9t05mac