Loading...
වසර 4කට පසුව ජංගම දුරකතන අලෙවියෙන් Samsung සමාගම පැරදවීමට Apple සමාගම සමත් වේ

Apple සමාගම විසින් 5G තාක්ෂණයෙන් යුතු ප්‍රථම ජංගම දුරකතන මාලාව ලෙස iPhone 12 ජංගම දුරකතන මාලාව පසුගිය වසරේ ඔක්තෝම්බර් මාසයේදී එලිදැක්වීමට කටයුතු කරා ඔබට මතක ඇති. මේ එලිදැක්වීමත් සමඟම ලොව පුරා iPhone 12 මාදිලියේ ජංගම දුරකතන අලෙවි වූයේ හිතා ගත නොහැකි වේගයකිනි. එමෙන්ම එම ඉල්ලුම කාලයක් පුරාවටම ස්ථාවරව පවත්වා ගැනීමට Apple සමාගමට හැකියාව ලැබුනා. මේ සමඟම Apple සමාගම විසින් 2020 වර්ෂයේ අවසාන කාර්තුවේදී Samsung සමාගමට වඩා වැඩි ප්‍රමාණයක් තම ජංගම දුරකතන අලෙවි කිරීමට සමත් වී තිබෙනවා. මෙහි විශේෂත්වය වන්නේ මෙයා වාර්තා වන්නේ වසර 4කට පසුව වීමයි.

Gartnertහි වාර්තාවට අනුව 2020 වර්ෂයේ අවසාන කාර්තුවේදී Apple සමාගම Samsung සමාගමේ ජංගම දුරකතන අලෙවියට වඩා වැඩි ඒකක ප්‍රමාණයක් අලෙවි කරමින් එම කාර්තුවට අදාල ලැස්තුවේ පළමු ස්ථානයට පත්වීමට සමත් වී තිබෙනවා. Apple සමාගම අවසාන වතාවට මෙවැනි ස්ථානයක් ලබා ගත්තේ 2016 වසරේ අවසාන කාර්තුවේදීය.

2020 වර්ෂයේදී සිදු කල iPhone 12 series එකේ එලි දැක්වීමත් සමඟම Apple සමාගම අනෙකකුත් සමාගම අභිබවමින් ඉදිරියට පැමිණීමට සමත් වුනා. Apple සමාගම විසින් 2020 වර්ෂයේ අවසාන කාර්තුවට ඒකක මිලියන 80ක් අලෙවි කිරීමට සමත් වී තිබෙනවා.

මීට අමතරව Gartner වාර්තාවට අනුව එම කාර්තුවේදී ගෝලිය ජංගම දුරකතන අලෙවිය 5.4%ක අගයකින් පහල ගොස් ඇති අතර 2019 වර්ෂයට සාපේක්ෂව 2020 වර්ෂයේ මුළු ජංගම දුරකතන අලෙවිය 12.5%කින් පහල ගොස් තිබෙනවා.

“The sales of more 5G smartphones and lower-to-mid-tier smartphones minimized the market decline in the fourth quarter of 2020. Even as consumers remained cautious in their spending and held off on some discretionary purchases, 5G smartphones and pro-camera features encouraged some end users to purchase new smartphones or upgrade their current smartphones in the quarter,” Anshul Gupta, the Senior Research Director at Gartner.

එමෙන්ම Samsung සමාගමේ 2020 සමස්ථ වර්ෂයේම ඒකක අලෙවිය 2019ට සාපේක්ෂව 14.6%කින් පහල බැස ඇති නමුත් 2020 මුළු වර්ෂයේම වාර්තා වලට අනුව 2020 වර්ෂයේ වැඩියෙන්ම ඒකක අලෙවි කරමින් පළමු ස්ථානයේ රැඳී සිටීමට Samsung සමාගම සමත් වී තිබෙනවා. 2020 වර්ෂයේ ඒකක අලෙවියෙන් පසුගිය වර්ෂයට වඩා වැඩි වර්ධනයක් ලබා ගැනීමට සමත් වී ඇත්තේ Apple සහ Xiaomi යන සමාගම් දෙක පමණි.

“In 2021, the availability of lower end 5G smartphones and innovative features will be deciding factors for end users to upgrade their existing smartphones. The rising demand for affordable 5G smartphones outside China will boost smartphone sales in 2021,” Anshul Gupta, the Senior Research Director at Gartner.

Source: Gartner