Loading...
Apple සමාගම විසින් iPhone 12 ජංගම දුරකතන මාලාව එලි දැක්වීමට කටයුතු කරයි

ඔක්තෝම්බර් 13 වෙනිද Apple සමාගම එයාලගේ අලුත්ම iPhone 12 Series එක Announce කරා. වෙනද මේ වෙනකොට මේ iPhones release වෙලා තියෙන්න ඕනේ උනත් මේ අවුරුද්දේ ලොකේ තත්වේ එක්ක මේ හැමදේම කල් ගිහිල්ලා තියෙනවා.

අවුරුදු 6කට පස්සේ design එක වෙනස් කරගෙන එන iPhone 12

ඉතිං අපි මුලින්ම කතා කරන්න ඕන දේ තමා මේ අලුත් iPhone 12 වල Redesign එක. iPhone 6 ඉදන් මේ වෙනකන්ම Apple සමාගම විසින් rounded edge design එකක් follow කරා. ඒත් ඒ design එක අලුත් iPhone 12 series එකෙන් වෙනස් වෙනවා. මේ අලුත් design එක iPhone 4 / iPhone 4s එකට ගොඩක් සමාන වෙලා front and back glass එක්ක මැද metal border එකක් තමා එන්නේ. Aerospace Grade Aluminum වලින් මේ Body එක Design කරලා තියෙනවා. ඉතිං මේ side profile එක ඇරුනම මේ iPhone වල front and back design iPhone 11 වලට සමාන වෙනවා. ඒ වගේම මේ iPhone 12 එක iPhone 11 එකට වඩා,

11% Thinner
15% Smaller
16% Lighter

වෙනවා. ඒ නිසා smaller footprint එකක same display එකක් දැකගන්න පුලුවන් වෙනවා.

අළුත් වෙන display එක

ඉතිං Display ගැන කතා කරද්දි මේ iPhone 12 එකට මේ පාර 6.1" Super Retina XDR Display එකක් එකතු වෙලා තියෙනවා. මේ තමා Entrée Level Main Line iPhone එකකට මුල් වතාවට OLED Display එකක් එකතු වෙන්නේ. ඉතිං මේ Display එක ගිය අවුරුද්දේ iPhone 11 Pro එකට සමාන වෙනවා. ඒ විතරක් නෙවේ මේ පාර Apple සමාගම මේ iPhone 12 වල Glass තවත් Strong and Scratch Resistance කරන්න Ceramic Shield කියන Technology එක Use කරලා තියෙනවා මේ නිසාම 4x ක Drop Performance එකක් දැකගන්න පුලුවන් වෙනවා. ඒ වගේම IP68 water resistance rating එක meter 6 ක් වෙනකන් වැඩි කරලා තියෙනවා.

පළවෙනි පාරට 5G එන iPhone එක

ඒ වගේම තමා මේ පාර iPhones වල Headline Feature එක වෙන්නේ 5G. ඉතිං පලවෙනි වතාවට Apple iPhone එකකට 5G Ultra wide band support එක ගෙන්න සමත් වෙලා තියෙනවා. මේ නිසාම 3.5-4GB Per Second Download Speed එකකුත්. 200Mbps Upload Speed එකකුත් ලගා කරගන්න පුලුවන් වෙලා තියෙනවා.

ඒ වගේම Smart Data Mode කියන Feature එකෙන් අවශ්‍ය වෙලාවට 5G වලට මාරු වෙන්නත් අනිත් වෙලාවට 4G LTE වල ඉන්නත් ඒ මගින් Battery Life එක Improve කරන්නත් පුලුවන් වෙලා තියෙනවා.

Apple සමාගමේ අළුත්ම A14 Bionic Chipset එක

මේ හැමදේටම බලය සපයන්නේ Apple ලගේ අලුත්ම A14 Bionic Chip Set එක. ඉතිං මේ Chip එක ගිය මාසේ Announce කරපු iPad Air එකටත් ආවා. දැනට Smartphone ලොකේ Powerful ම chip එක වෙන Apple A13 Bionic එකට වඩා මේ අලුත් Apple A14 Bionic Chip එක 40% ක් 6 Core CPU Performance එකකිනුත් 30% ක GPU Performance එකකිනුත් 80% Powerful 16 Core NPU එකකිනුත් සමන්විත වෙනවා.

ඒ වගේම මේ හැමදේටම වඩා වැදගත් වෙන්නේ මේ Chip එක 5nm Process එකෙන් නිපදවලා තියන එක මේ නිසා Powerful වෙනවා වගේම ගොඩක් efficient වෙන්නත් පුලුවන් වෙලා තියෙනවා. ඉතිං මේ A14 Bionic Processor එක තමා ලොකේ පලවෙනි 5nm Smartphone chip එක.

බලවත් උන Camera module එක

ඉතිං මේ හැමදේටම වඩා iPhones ගොඩක් ප්‍රසිද්ධ වෙන්නේ Camera System එකට. මේ පාරත් Simple to use iPhone Camera System එක තවත් improve කරන්න Apple සමාගම සමත් වෙලස් තියෙනවා.

iPhone 12 එකේ 12 MP Wide & Ultra Wide Dual Lens System එකක් තියෙනවා.

Wide Camera එක ගත්තාම ගිය පාර Camera එකට වඩා 27% Low light Performance එකක් එකතු කරන්න පුලුවන් වෙලා තියෙනවා. ඉතිං මෙකට ලොකුම හෙතුව f1.6 Fast Aperture එක. ඒ වගේම 7 element glass lens එකකුත් මෙකට එකතු වෙනවා.

ඒ වගේම Ultra Wide Camera එක f2.4 Aperture එකකින් හා 5 elements glass lens එකකින් සමන්විත වෙනවා.

මෙකෙදි ලොකුම වෙනස වෙන්නේ මේ Camera ඔක්කම Night Mode Support කිරීම. ගිය පාර වගේ Wide Camera එක විතරක් නොවී Selfie , Wide , Ultra Wide කියන මේ Camera ඔක්කම Night Mode Support කරනවා. ඒ වගේම Apple සමාගම අලුත්න Smart HDR 3 , Deepfusion  කියන technologies හදුන්වලා දුන්නා මේ Camera වලට. ඉතිං මේ ගැන කියන්න ඔනේ නෑ දැනට Computational Photography අතින් ඉහලින්ම ඉන්නේ iPhones.

ඒ වගේම තමා ලොකේ හොදම video recording smartphone එක විදියට කාලයක් තිස්සේ සැලකෙන්නේ Apple iPhones ඉතිං මේ දේ තවත් ඉස්සරහට ගෙනියන්න Apple ලා මේ පාර 4K 60 HDR 10 bit Color Dolby Vision Technology එක හදුන්වලා දෙනවා. ඉතිං මේ Dolby Vision කියන්නේ Cinema Grade Camera වලට විතරක් Limited උන technology එකක්. ඒ වගේම මේ videos edit කරන්න Professional grade setup එකක් ඔනේ වෙනවා.

ඒත් මේ iPhone 12 එකෙන් ඔයාට දැන් Dolby Vision Videos Record කරන්න වගේම Edit කරන්නත් පුලුවන් වෙනවා. මේ නිසාම හොදම Low light performance එක්ක Videos Record කරන්න ඔයලට පුලුවන් වෙනවා. ඒ වගේම Night Mode Time Lapse Feature එකෙන් ඔයාලට ලස්සන Light Trails එක්ක Videos Record කරන්න පුලුවන් වෙනවා.

ඉතිං මේ හැම video feature එකක්ම wide, ultra wide , selfie කියන මේ camera 3 ටම එක සමානව හම්බවෙනවා.

මේ හැමදේම පුලුවන් වෙන්නේ අලුත් A14 chip එකේ Advanced Image Signal Processor එක නිසා. ඒ වගේම Apple ලා මේ එක්ක පලවෙනි වතාවට RAW file support එක Native Camera Application එකට ලබාදෙනවා ඉතිං මේකට Apple ProRAW කියලා කියනවා. ඉතිං මෙකෙදි RAW සහා Processed කියලා File ක් වෙනුවට එකම File එකේ මේ දෙකම තියාගන්න පුලුවන් වෙනවා. ඒ නිසාම වෙන App එකකින් හරි Photos App එකෙන් හරි edit කරනකොට quality එක අඩු නොවී කරන්න පුලුවන් වෙනවා.

අළුත් feature එක MagSafe

ඊලග ලොකුම feature එක තමා MagSafe කියන්නේ. MagSafe කියපු ගමන් අපිට මතක් වෙන්නේ Apple MacBook වල ආව charging system එක. ඉතිං මෙ අලුත් MagSafe System එකත් එකට සමානයි. මෙකෙදි iPhone 12 එකේ wireless charging coil එක වටේට magnets place කරලා තියෙනව. මේ magnets වලින් ඔයාලට iPhone cases , wallets , wireless chargers වගේ ගොඩක් එවා attached කරන්න පුලුවන් වෙනවා. ඉතිං අපිට මේ magnetic system එකට involved වෙන තව ගොඩක් Accessories දැකගන්න පුලුවන් වෙයි.

Charging brick එකකුත් Headphone එකකුත් නැතුව එන iPhone 12

ඉතිං charging ගැන කතා කරද්දි මේ පාර iPhone 12 Box එකේ Charging Brick එකක් වත් Headphones වත් එන්නේ නෑ මෙකට හේතුව විදියට Apple ලා කියන්නේ Environment Friendly වෙන්න කියලා ඉතිං මේ ගැන ඉස්සරහට අපි වෙනම කතා කරමු. ඒ උනාට මේ Box එකේ USB-C to Lightning Cable එකක් නම් එනවා. මේ iPhone 12 Series එක 15W Fast Wireless Charging Support කරනවා.

ඉතිං මේ iPhone 12 එක Mint Green , Pacific Blue , Product Red , White , Black කියන Colors 5 න් ගන්න පුලුවන් වෙනවා.

මේ iPhone 12 එක 64GB හා 256GB යන Capacity වලින් හා Starting Price එක $799 ක් වෙනවා.

iPhone පවුලට එන අළුත්ම සාමාජිකයා, iPhone 12 mini

ඒ වගේම තමා මේ පාර iPhone LineUp එකට අලුත් සාමාජිකයෙක් එකතු වෙනවා ඒ, iPhone 12 mini . ඉතිං මේ iPhone 12 mini එකේ iPhone 12 එකේ එන හැම feature එකක්ම දැකගන්න පුලුවන් වෙනවා. හැබැයි මේ iPhone 12 mini එකේ තියෙන්නේ 5.4" Super Retina XDR OLED Display එකක්. මේ iPhone එක තමා iPhone 6 වලට පස්සේ Release උන පොඩිම iPhone එක. ඒවගේම All Screen iPhone වලින් Release උන පොඩිම Phone එක.

මේ iPhone 12  mini එක 64GB හා 256GB යන Capacity වලින් හා Starting Price එක $699 ක් වෙනවා.

සුපුරුදු iPhone 12 Pro සහ iPhone 12 Pro Max

ඊලගට අපි කතා කරමු Pro Level iPhones ගැන. ඉතිං මේ පාරත් වෙනද වගේම iPhone 12 Pro හා iPhone 12 Pro Max විදියට  Device දෙකක් Apple ලා Announce කරා. මේ iPhones දෙකේ iPhone 12 එකේ අපි කතා කරපු හැමදේම එක්ක තවත් features ගොඩක් එනවා.

මුලින්ම design එක ගත්තාම iPhone 12 Pro එක iPhone 12 වගේම Flat edge design එකකට මාරු වෙනවා ඒත් මේ Phone එකේ Body එක Surgical Grade Stainless Steel වලින් නිපදවලා තියෙනවා.  ඊලග ප්‍රදානම වෙනස වෙන්නේ iPhone 11 Pro / 11 Pro Max එකේ Footprint එකට වැඩි Display ප්‍රමානයන් ලබාදීමයි. මෙතනදි iPhone 12 එක 5.8" ඉදන් 6.1" වෙනකනුත් iPhone 12 Pro Max එක 6.5" වල ඉදන් 6.7" වෙනකනුත් increase වෙනවා.

ඊලග ලොකුම වෙනස වෙන්නේ Camera Systems ඉතිං මේ පාර iPhone 12 Pro එකයි iPhone 12 Pro Max එකයි Camera අතින් වෙනස් වෙනවා.

ඉතිං iPhone 12 Pro එක ගත්තම අලුතෙන් 52mm focal Length එකක් එක්ක f2.0 6 element Telephoto Lens එක් එකතු වෙනවා . මීට අමතරව iPhone 12 එකේ එන Ultra Wide Lens එකත් එනවා. ඒ වගේම iPhone 12 එකේ එන Wide Main Camera එකත් ඒ විදියටම එනවා.

ඊලගට iPhone 12 Pro Max එක ගත්තාම අලුත් 65 mm Focal length එකක් එන f2.2 6 element telephoto lens එකක් එනවා. ඉතිං මේ නිසා Ultra Wide ඉදන් Telephoto වෙනකන් 5x Optical Zoom Range එකක් හම්බවෙනවා. ඒ වගේම iPhone 12 එක වගේම Ultra Wide Lens එකක් එනවා. ඊලග වෙනස වෙන්නේ Wide Lens එකේ ඉතිං iPhone එකක ආවා Largest ම Sensor එකක් තමා මේ iPhone 12 Pro Max එකේ එන්නේ.

ඉතිං මේ device එකෙ 1.7 μm large pixel size එකක් එනවා ඒ වගේම f1.6 fast aperture එකකුත් එනවා. මේ නිසා 87% ක් වැඩි low light performance එකක් අපිට දකින්න පුලුවන් වෙනවා. ඒ වගේම 7 element lens එකකුත් එනවා. ඊට අමතරව ලොකුම වෙනස වෙන්නේ smartphone එකක පලමු වතාවට lens based OIS system එකක් වෙනුවට sensor based, sensor swift stabilization system එකක් එන එක. ඉතිං මේ වගේ advanced system එකක් මේ වෙනකන් ආවේ DSLR camera වලට විතරයි. ඉතිං Smooth Stabilized Videos Record කරන්න මේ නිසා පුලුවන් වෙනවා ඔයාලට.

ඒ වගේම තමා iPad Pro 2020 එකේදි Apple ලා හදුන්වලා දුන්න LiDAR Sensor එක මේ Pro Models දෙකටමත් එනවා. මේ නිසා Night Portrait Mode එකක් , Fast Low Light Focus System එකක් වගේ ගොඩක් AR and Camera Implementation මෙ iPhone 12 Pro Models වලට ලැබෙනවා.

ඉතිං මේ iPhone 12 Pro Models, Pacific Blue, Gold, Silver, Graphite කියන Colors වලින් ගන්න පුලුවන් වෙනවා

ඒ වගේම මේ iPhone 12 Pro Models Base 128GB storage capacity එකකිනුත් 256GB හා 512GB Option වලිනුත් හදුන්වා දෙනවා.

ඒ වගේම Regular iPhone 12 Pro එක $999 කිනුත් iPhone 12 Pro Max එක $1099 කිනුත් Start වෙනවා.

කොහොම උනත් මේ ඔක්කම අලුත් iPhones ලගදිම ගන්න වෙන්නේ නෑ.

Regular iPhone 12 හා iPhone 12 Pro එක මේ මාසේ 23 වෙනිදත්; iPhone 12 mini හා iPhone 12 Pro Max එක ලබන මාසේ 16 වෙනිදත් ; Release කරන්න නියමිත වෙලා තියෙනවා.