Loading...
iPhone 14 සහ 14 Plus මාදිලි සඳහාත් USB Type-C Port ලබා දෙනු ඇතැයි තොරතුරු වාර්තා වේ

එළඹෙන සැප්තැම්බර් මාසයේදී නිකුත් වීමට නියමිත iPhone 15 Series එක ඔවුන්ගේ Iconic Lightning Port එක නොමැතිව, එනම් USB Type-C Port එකකින් යුතුව නිකුත් වන බව ඔබ දැනටමත් හොදින් දන්නා කාරණයක් බව දක්වන්න පුලුවන්. ඒ වගේම මේ වන විට අන්තර්ජාලය තුළ වාර්තා වන නවතම තොරතුරුවලට අනුව iPhone 15 Series එකත් සමඟ එළිදැක්වීමට නියමිතව පවතින iPhone 4ට අමතරව Apple සමාගම විසින් USB Type-C Port එකෙන් සමන්විත තවත් iPhone දෙකක් වෙළෙඳපොළ සඳහා හඳුන්වා දෙන්න සුදානමින් සිටින බව දක්වන්න පුලුවන්.

ඒ අනුව සුපුරුදු පරිදිම iPhone 15 Series එක නිකුත් වීමෙන් පසුව පසුගිය වසර නිකුත් වු iPhone 14 Series එකේ Pro Versions වන iPhone 14 Pro සහ iPhone 14 Pro Max මාදිලිවල නිෂ්පාදනය නවත්වනු ලබන අතර iPhone 14 සහ iPhone 14 Plus නිෂ්පාදනය සිදු වනු ලබනවා.

මෙලෙස වාර්තා වන තොරතුරු සහ ඉහත කරැණට අනුව බොහෝ විට iPhone 15 Series එක එළිදැක්වීමත් සමඟ USB Type-C Port එකෙන් යුතුව iPhone 14 සහ iPhone 14 Plus මාදිලි දෙක නැවත වෙළෙඳපොළ සඳහා නිකුත් විය හැකි බව දක්වන්න පුලුවන්.

කෙසේ වෙතත් මේ පිළිබඳව තවමත් කිසිදු නිල තොරතුරක් වාර්තා වි නොමැති වන අතර සත්‍ය වශයෙන් මෙලෙස USB Type-C Port එකෙන් යුතුව iPhone 14 සහ iPhone 14 Plus මාදිලි වෙළෙඳපොළ සඳහා නිකුත් වේද යන්න පිළිබඳව තරමක් දුරට හෝ තහවුරු කළ හැකි තොරතුරු ඉදිරියේදී වාර්තා වනු ඇතැයි බලාපොරොත්තු වෙන්න පුලුවන්.

Sources: BGR