Loading...
iPhone 15 Lineup එක ඇතුළු නව Apple Products රැසක් එළිදැක්වෙන දිනය පිළිබඳ තොරතුරු වාර්තා වෙයි

WWDC Event එකෙන් පසුව Apple සමාගම විසින් සංවිධානය කරනු ලබන ලොකුම Event එක සෑම වසරකම මැද භාගයේදී පැවැත්වෙනවා. Apple සමාගමේ අලුත්ම iPhone එක ඇතුළු බොහෝ Devices ප්‍රමාණයක් මේ Event එකේදී ඔවුන් විසින් එළිදක්වනු ලබනවා.

2023 වසරේ මේ Event එක සැප්තැම්බර් මස 13වන බදාදා දින පැවැත්වීමට නියමිත බවට තොරතුරු වාර්තා වනවා. ඒ අනුව මීළඟ iPhone 15 Series එක, Apple Watch, ඇතුළු තවත් නව Apple Devices මෙහි එළිදැක්විය හැකි බව බොහෝ දෙනා මත පළ කරනවා.

iPhone 15 ගැන බැලූ විට 15, 15+, 15 Pro සහ 15 Pro Max ලෙස Version 4කින් බලාපොරොත්තු විය හැකි අතර Dynamic Island Cutout එක ඒ සියල්ලටම එක් කරන බව වාර්තා වනවා. 15 සහ 15+ සඳහා A16 Bionic Chip සහ 48MP Camera Sensor එකක් ලැබෙන අතර, Pro සහ Pro Max සඳහා A17 Bionic Chip, ඉතා සිහින් Bezels සමඟින් Periscope Lense එකක් සහ Battery Capacity එකෙහි වැඩි කිරීමක් විය හැකි බවට තොරතුරු වාර්තා වනවා.

නිකුත් වීමට නියමිතව ඇති නවතම iPhone 15 Series එක ගැන මෙතෙක් වාර්තා වී ඇති Rumours මෙන්න - Part I
Apple සමාගම විසින් මේ වසරේදී එළිදැක්විමට නියමිත ඔවුන්ගේ නවතම iPhone Series එකත් සමග ඔවුන්ගේ iPhones සදහා විශාල වෙනස්කම් රැසක් සිදු කීරිමට සුදානම් සිටින බව ඔබ දැනටමත් දන්නවා ඇති.
නිකුත් වීමට නියමිතව ඇති නවතම iPhone 15 Series එක ගැන මෙතෙක් වාර්තා වී ඇති Rumors මෙන්න - Part II
එළිදැක්විම නියමිත Apple iPhone 15 Series එකේ Models ගැන, Size එක ගැන, Camera Setup එක ගැන සහ මිල ගණන් පිළිබඳව මේ වෙන විට නිකුත් වි ඇති තොරතුරු මීට පෙර ලිපියෙන් ඔබ වෙත ගෙන එනු ලැබුවා. මේ එහි දෙවනි කොටසයි.

Apple Watch පිළිබඳව නම් සැලකිය යුතු තොරතුරක් වාර්තා නොවන අතර, අවම වශයෙන් මේ සඳහා නව Processor එකක් හඳුන්වා දිය හැකි බවට මත පළවෙන අතර නව Apple Watch Ultra එකක් නිවේදනය කළ හැකි බවටද තොරතුරු වාර්තා වනවා.

කෙසේ නමුත් මේ දින වකවානු පිළිබඳව Apple සමාගම විසින් නිල වශයෙන් නිවේදනය කර නොමැති අතර එසේ නිල තොරතුරු ලද සැනින් දැන ගැනීම සඳහා Android වැඩකාරයෝ අප සමඟම රැදී සිටින්න.

Source: bgr.com