Loading...
iPhone 15 මාදිලිය සඳහා වැඩි ධාරිතාවයකින් යුතු Battery Pack එකක් ලබා දෙනු ඇති බවට තොරතුරු වාර්තා වෙයි

එළඹෙන සැප්තැම්බර් මාසයේදී පමණ එළිදැක්විමට නියමිත නවතම iPhone Series එක වන Apple iPhone 15 Series එක පිළිබඳව මේ වන විට විවිධ තොරතුරු නිකුත් වෙමින් තිබෙනවා. ඒ අනුව මේ iPhone Series එක සඳහා Rounded Edges සහිත Titanium Chassis එකක් භාවිත විය හැකි බවත්, මින් iPhone Pro මාලිදි USB Type-C Port එකකින් සමන්විත විය හැකි බවත් සහ මේ Pro මාදිලීන් සඳහා External Display සම්බන්ධ කිරීමේ හැකියාව ද ලැබෙනු ඇති බවට අප මීට පෙර තොරතුරු වාර්තා කරනු ලැබුවා.

අන්තර්ජාලය තුළ වාර්තා වන නවතම තොරතුරුවලට අනුව මේ iPhone 15 Series එක සමඟ Apple සමාගම විසින් ඔවුන්ගේ මේ වන විට නිකුත් කර ඇති iPhone Series සමඟ සැසදිමේදී ධාරිතාවයෙන් විශාල Battery Pack එකක් ලබා දෙනු ඇතැයි කියන්න පුලුවන්.

ඒ අනුව iPhone 15 සඳහා 18%කින් විශාල Battery එකකුත්, iPhone 15 Plus සහ iPhone 15 Pro සඳහා 14%කින් විශාල Battery එකකුත්, iPhone 15 Pro Max සඳහා 12%කින් විශාල Battery එකකුත් ලබා දෙනු ඇතැයි බලාපොරොත්තු විය හැකි අතර ඒ අනුව Battery Capacity පහත පරිදි විය හැකි වනවා.

2021 2022 2023
iPhone 13:
3,227mAh
iPhone 14:
3,279mAh
iPhone 15:
3,877mAh
iPhone 13 mini:
2,406mAh
iPhone 14 Plus:
4,325mAh
iPhone 15 Plus:
4,912mAh
iPhone 13 Pro:
3,095mAh
iPhone 14 Pro:
3,200mAh
Phone 15 Pro:
3,650mAh
iPhone 13 Pro Max:
4,352mAh
iPhone 14 Pro Max:
4,323mAh
iPhone 15 Pro Max:
4,852mAh

මේ අනුව iPhone 15 Series එකේ Battery Capacity එක වැඩිම Model එක බවට iPhone 15 Plus පත් වනු ඇති අතර Battery Capacity එක අඩුම Model එක බවට iPhone 15 Pro පත් වනු ඇත. මෙලෙස Battery Capacity එක වැඩි වීමටත් සමඟින් Battery Pack එකේ Size එකත් වැඩි වීම සිදු වන නිසා iPhone 15 Series එකේ සියලු Models පෙර iPhone 14 Series එකේ Modelsවලට වඩා ඝනකමින් වැඩි වෙනු ඇතැයි ද බලාපොරොත්තු වෙන්න පුලුවන්. ඒ වගේම Apple A16 සහ A17 Bionic Chips ඔස්සේ බලගැන්වෙන මේ iPhone 15 Series එක ඔස්සේ ඉතා හොද Battery Life එකක් ද බලාපොරොත්තු විය හැකි වනවා.

Sources: ithome.com macrumors.com