Loading...
නිකුත් වීමට නියමිත iPhone 15 Pro මාදිලි සඳහා External Display සම්බන්ධ කිරීමේ හැකියාව ලැබෙනු ඇති බවට තොරතුරු වාර්තා වෙයි

Android වැඩකාරයෝ අපිත් සමඟ එකතු වෙලා ඉන්න ඔබ දැනටමත් දන්නවා මීලග iPhone Series එක වෙන iPhone 15 Series එක සඳහා Apple සමාගම විසින් ඔවුන්ගේ සුපුරුදු Lightning Port එක වෙනුවට USB Type C Port එකක් ලබා දීමට සුදානමින් සිටින බව. ඒ අනුව මෙලෙස USB Type C Port එක ලැබීමත් සමඟ iPhone 15 Series එක සඳහා External Display Connect කිරීමේ හැකියාව ලැබෙනු ඇතැයි තොරතුරු වාර්තා වෙනවා.

මේ USB Type C Port එක සමඟින් iPhone 15 Series එක සඳහා Higher Data Transfer Speed එකක් ලැබිමයි. අන්තර්ජාල තුළ වාර්තා වෙන තොරතුරුවලට අනුව iPhone 15 Series එකේ iPhone 15 Pro සහ iPhone 15 Pro Max Models සඳහා මෙලෙස External Display Connect කිරීමේ හැකියාව ලැබෙනු ඇතැයි බලාපොරොත්තු වෙන්න පුලුවන්.

ඒ අනුව iPhone 15 සහ 15 Plus Modelsවල USB-C connectors, USB 2.0 Speed එකකින් යුතු වෙනු අතරම iPhone 15 Pro සහ iPhone Pro Max Modelsවල USB-C connectors, Thunderbolt 3 Data Transfer Speed එක සඳහා සහාය දක්වනු ඇතැයි දක්වන්න පුලුවන්.

මෙලෙස මෙම පහසුකම iPhone 15 Pro Models සඳහා Apple සමාගම විසින් ලබා දෙනු ලැබුවොත් එම නව පහසුකම Samsung සමාගම විසින් මේ වෙන විටත් ඔවුන්ගේ High End Premium Devices සඳහා ලබා දෙන Samsung Dex පහසුකම මෙන් වෙනු ඇතැයි බලාපොරොත්තු වෙන්න පුලුවන්.

Sources: BGR Tomsguide