Loading...
Samsung DeX ඉදිරියේදී wireless තාක්ෂණය ඔස්සේ

Samsung Dex කියන්නේ S8 සහ Note 8 ඉදන් ආපු S හා Note Devices සදහා ලැබුන සුපිරි Feature එකක් කියල කියන්න පුලුවන්.

ඇත්තටම මේ සුපිරි Feature එක මොකක්ද ?

Samsung DeX

Dex with dex Cable 

අපිට පුලුවන් අපේ S හෝ Note Device එක Monitor එකකට හෝ Pc එකකට සම්බන්ද කරලා අපේ දුරකථනය හරහා ඒ Monitor එක මගින් හෝ Pc එකේ තිරය මගින් අපේ වැඩ කර ගන්න.

ඒ කියන්නේ අපේ Phone එකේ තිරය Monitor එකට හෝ Pc එකට Cast කරා වගේ.හැබැයි මේක Cast කිරිමෙන් එහාට ගිය දෙයක්. මෙතනදි අපේ Phone එක වැඩ කරන්නේ System Unit එකක් විදිහට.එතකොට අපේ Display එක වෙන්නේ අපි Phone එක Connect කරපු Monitor එක හෝ Pc එක.‌‌ඒ වගේම මේ Feature එකෙන් අපේ Phone එක හරහා අපිට පරිඝණකයක වැඩ කරනවා වගේ අත්දැකිමක් ලබා ගන්න පුලුවන්.

මේකටත් Mouse & Keyboard සම්බන්ධ කරන්න පුලුවන්. Bluetooth හරහා Mouse & Keyboard එකක් අපිට අපේ Phone එක හා සම්බන්ධ කරලා අපිට පරිඝණකයක වැඩ කරනවා වගේම මේක Use කරන්න පුලුවන්.

Microsoft Office ඇතුළු මෘදුකාංග රැසක් පරිගණකයේ භාවිත කරන විදිහටම අපිට මේ Dex feature එකෙන් පාවිච්චි කරන්න පුලුවන්.

කොහොමද අපේ Phone එක Monitor එකට හෝ Pc එකට Connect කරන්නේ. මේ සදහා මුලින්ම Samsung ආයතන විසින් හදුන්වා දුන්නේ Dex Dock එක.

DeX Doc

ඒත් පසු කාලිනව මේකේ භාවිතය පිලිබඳව විවිධ ගැටලු මතු වුනා.බැලු බැල්මටම පේනවා නේ මේක ටිකක් ලොකු වැඩියි කියල. ඒ හේතුව නිසා Samsung ආයතනය විසින්ම Dex Doc එක වෙනුවට Dex Cable එක හදුන්වා දුන්නා.

DeX Cable

මේක නම් ඉතින් ගොඩක් දුරට පාවිච්චිය පහසුයි. ඒත් මෙහෙම Wire නැතුව Wireless තාක්ෂණයක් Dex එකට ආවොත් අපිට මේ Wireless Dex feature එක ගැන බලාපොරොත්තු තියා ගන්න පුලුවන් උනේ Samsung Tip app එකට දිලා තිබ්බ ඒ Feature එකත් එක්ක.‌‌

ඒ කියන්නේ අපිට ඉදිරියේදි බලාපොරොත්තු වෙන්න පුලුවන් Wireless Dex Feature එක අපිට Use කරන්න පුලුවන් වෙයි කියල.

සමහර විට Note 20 එකත් එක්ක පසුවට හෝ මේ Feature එක ලැබෙයි කියලත් විශ්වාස කරන්න පුලුවන්.