Loading...
USB-C හරහා වේගවත් දත්ත හුවමාරු අගයක් iPhone 15 Pro මාදිලීන් සඳහා ලැබෙන බවට තොරතුරු වාර්තා ​වේ

iPhone 15 Series එක USB Type-C port එකක් සමඟ නිකුත් වන බවට බොහෝ කට කතා පැතිර ගිය අතර මීට මාස කිහිපයකට පෙර Android වැඩකාරයෝ අප ඔබ වෙත මේ පිළිබඳව තොරතුරු ගෙන ආවා ඔබට මතක ඇති. පසුව Apple සමාගමේ විධායක නිලධාරී Greg Joswiak මහතා විසින් මේ බව තහවුරු කරන ලදී.

විශ්ලේෂකයෙකු වන Ming-Chi Kuo විසින් අනාවරණය කර ඇත්තේ Apple iPhone 15 Pro සහ iPhone 15 Pro Max සඳහා වේගවත් USB-C port එකක් භාවිතා කළ හැකි බවයි. මෙය බොහෝ විට USB 3.2 විය හැකි වනවා.

iPhone 15 සහ iPhone 15 Plus සඳහා, USB 2.0 තිබිය හැකි අතර, එහි Lightning port එකට සමාන දත්ත හුවමාරු වේගයක් තිබෙන අතර iPhone 15 Pro versions සඳහා ඇති USB 3.2 version එක ඇති Type-C port මගින් 40Gbps දක්වා සැලකිය යුතු වේගයක් ලබා ගත හැකි බව ඔහු විසින් වැඩි දුරටත් සදහන් කර තිබෙනවා.

මෙය මෙසේ සිදුවුවහොත්, iPhone 14 Series එකෙහි සිදු කර ඇති පරිදි Pro මාදිලි වල අලෙවිය වැඩි කිරීම සඳහා Apple සමාගම විසින් නැවතත් iPhone Pro සහ Pro නොවන මාදිලි අතර වෙනසක් ඇති කරනු ඇතැයි බලාපොරොත්තු වෙන්න පුලුවන්.

නව යුරෝපීය සභාවේ නීති මගින් මෙසේ අනිවාර්ය වී ඇති USB-C port භාවිතා කිරීමට අමතරව තවත් වෙනස්කමක් ලෙසින්, iPhone 15 Pro හි 8GB RAM එකක්ද යෙදීමට apple සමාගම සැලසුම් කර තිබෙනවා. මෙය දැනට iPhone සඳහා ලබා දෙන ඉහළම RAM ධාරිතාවය වනු ඇත. මන්දයත් iPhone 14 Pro හි ඇතුලත් වන්නේද 6GB RAM එකක් බැවිනි. තවද iPhone 15 series එකෙහි Design එකේ යම් වෙනස්කමක් සිදු කිරීමට බලාපොරොත්තු වන අතර ඒ පිළිබඳව අප ඔබ වෙත ගෙන ආ ලිපිය මෙතැනින් කියවන්න.

iPhone 15 Series එක 2023 වසරේ අග භාගයේදී එළිදැක්වීමට අපේක්ෂා කරන නමුත් මේ පිළිබඳ නිශ්චිත කිසිවක් දැනට නොමැත. එබැවින්, iPhone 15හි විස්තර සඳහා Android වැඩකාරයෝ අප සමඟින්ම රැඳී සිටින්න.

Source: beebom.com