Loading...
Apple සමාගමට Lightning port එකට සමුදෙන්න වෙන තීරණයක් යුරෝපා කොමිසමෙ​න්

යුරෝපානු සංගමයේ විධායක අංශය වන යුරෝපීය කොමිසම විසින් smartphone නිෂ්පාදකයන් ඇතුලුව සියලු ඉලෙක්ට්‍රොනික උපකරණ නිෂ්පාදකයන්යන්ට ඔවුන්ගේ නිෂ්පාදකයන් සදහා USB-C ports භාවිතා කරන ලෙස බල කර තිබෙනවා.

යුරෝපානු සංගමයේ නීති සම්පාදකයින් ජංග​ම දුරකථන, කැමරා ඇතුලු සියලු ඉලෙක්ට්‍රොනික උපකරණ සදහා එකම charging port එකක් භාවිතා කළ යුතු බවට පසුගිය අගහරුවාදා දින එකගතාවයකට පැමිණ තිබේ. ඒ අනුව 2024 වන විට සියලු ඉලෙක්ට්‍රොනික උපකරණ නිෂ්පාදනයන් මෙම කොන්දේසි වලට අනුකූල විය යුතුය.

"We have a deal on the #CommonCharger!" යනුවෙන් EU commissioner Thierry Breton twitter පණිවිඩයකුත් පලකර තිබුණේ මෙලෙසිනි.

මෙම නීති රෙගුලාසි හරහා පාරිභෝගිකයාට සියලු ඉලෙක්ට්‍රොනික උපාංග සදහා එක් Charger එකක් පමණක් භාවිතයට අවස්ථාව සැලසෙන අතර එදිනෙදා වැඩකටයුතු පහසු ගැනීමට සහ මුදල් නාස්තිය අවම කරගැනීමටද හැකියාව ලැබෙනවා.

නමුත් මෙම තීරණය නිසා නව නිපැයුම් වලට බාධාව​ක් ඇතිවීමටත් ඉඩකඩක් පවතිනවා.

Apple සමාගමේ මෑතකදී එලිදැක්වුණු iPads සහ macBooks වල USB-C ports අඩංගු කර තිබුණත් මේ වනවිට වෙළෙඳපොලේ පවතින ඔවුන්ගේ අනෙකුත් නිෂ්පාදන සියල්ලෙහිම භාවිතා වන්නේ Lightning Port එකක් වන නිසාවෙන් මෙම නීති රෙගුලාසි ඔවුනට නම් විශාල ගැටලුවක් වනු ඇත.

මේ පිළිබදව අදහස් දැක්වීමට CNBC විසින් Apple සමාගමෙන් කළ ඉල්ලීමට ප්‍රතිචාරයක් දක්වා නැති අතර එම සමාගමේ ප්‍රකාශකයකු විසින් පසුගිය සැප්තැම්බර් මාසයේ ප්‍රකාශ කර සිටියේ ඔවුන් තම පරිශීලක අත්දැකීම් සහ නව නිපැයුම් පිළිබදව ගැඹුරින් සැලකිලිමත් වන බවයි. යුරෝපීය කොමිසම පරිසරය ආරක්ෂා කිරීමට දරණ කැපවීමට ඔව්නුත් සහය දක්වන බවත් මේ වන විටත් ලොවපුරා ඔවුන්ගේ සියලු ආයතන කාබන් විමෝචනය උදාසීන කර ඇති බවත් ඔවුන් ප්‍රකාශ කර තිබේ.

කොමිෂන් සභාව 2019 දී කළ අධ්‍යනයකට අනුව 2018 දී ජංගම දුරකථන සමග විකුණන ලද charger වලින් අඩකට Micro USB Connectors පැවතිනු අතර USB-C Connectors 29% කට සහ Lightning Connectors 21% කට පැවතුණි.

Source: CNBC