Loading...
iPhone 15 මාදිලිය round edges සහිත titanium chassis එකක් භාවිතා විය හැ​කි බවට වාර්තා ​වේ

Apple සමාගම විසින් iPhone X එළිදැක්විමට පසුව iPhonesවල Design එක සදහා සිදු කරන ලද ලොකුම වෙනස්කම් ලෙස iPhone 12 Series එක සදහා Flat Sharp Rounded Edge සහිත Design එකක් ලබා දීම සහ නවතම iPhone 14 Series එක සමගින් ලබා දුන් Pill Hole Camera Cutout එක සහ Dynamic Island පහසුකම දක්වන්න පුලුවන්. එමෙන්ම ඔවුන් මේ iPhone Series එකේ Design එකේ වෙනත් කිසිදු වෙනසක් සිදු කිරිමට ඔවුන් කටයුතු කර තිබුණේ නැ.

ඒ අනුව මීලගට නිකුත් වීමට නියමිත iPhone 15 Series එක සැළකිමේ දී Apple සමාගම විසින් ඔවුන්ගේ අවසාන iPhone Series 03 සදහාම එකම ආකාරයේ Flat Sharp Rounded Edge සහිත Design එක භාවිත කරනු ලැබුවා.

වාර්තා වන නවතම තොරතුරුවලට අනුව ඔවුන් විසින් මෙලෙස භාවිත කරන ලද Flat Sharp Rounded Edge සහිත Design එක මීලග වසරේ නිකුත් කිරීමට නියමිත iPhone 15 Series එකත් සමග වෙනස් කිරිමට සුදානම් වන බව දක්වන්න පුලුවන්. ඒ අනුව මේ iPhone 15 Series එක Rounded Edge සහිත වු Design එකකින් යුතු වන බව දැක්වෙනවා.

ඒ අනුව බොහෝ විට මෙහි Design එක iPhone 5C ආකාරයේ වෙනු ඇතැයි බලාපොරොත්තු වෙන්න පුලුවන්. එනම් මෙහි ඉදිරිපස තිරය Flat ලෙසත් පසුපස Rounded Edge සහිතව පහත ඡායාරූපයේ ආකාර වනු ඇත.

iPhone 5C

කෙසේ වෙතත් මේ තොරතුරු පිළිබඳ කිසිදු නිල වාර්තාවක් Apple සමාගම දෙසින් මෙතෙක් වාර්තා වී නොමැති අතර ඉදිරි මාස කිහිපය තුළ අපට මේ iPhone 15 Series එක පිළිබඳ තවත් තොරතුරු බලාපොරොත්තු වෙන්න පුලුවන්.

Sources: www.macrumors.com www.gsmarena.com