Loading...
iPhone X එකට පස්සේ iPhone එකකට එන ලොකුම වෙනස 2020 දි!!!

Apple iPhone කියන්නේ Smart Phone ලොකයම වෙනස් කරපු නිපයුමක්. 20 වෙනි ශතවර්ෂයේ විශිෂ්ටම නිපැයුම ලෙස නම් ලබන මේ iPhone එක නිසා තමා ඉස්සර button ගොඩක් එක්ක තිබ්බ Phone අද ඔයාලා දකින තැනට ආවේ. මේ iPhone එකේ වෙනස් කම් කීපයක්ම උනා iPhone 2G ට පස්සේ ලොකුම වෙනස උනේ iPhone 4 වලදී ඊටත් පස්සේ iPhone 5 වල ඊට පස්සේ iPhone 6 වලදි , අන්තිම වතාවට iPhone එකක ලොකු වෙනසක් උනේ iPhone X එකෙන් එදා Apple සමාගම හදුන්වා දුන්න ඒ Design එක 2017 වසරෙන් පස්සේ ආපු ගොඩක් Phones වලට බලපෑවා. ඉතිං මේ iPhone X Design එකෙන් පස්සේ එන Major ම Refresh එක විදියට 2020 iPhone එක දකින්න පුලුවන්.

ඉතිං මොකද්ද වෙන වෙනස ? කොටින්ම කීවොත් ඔයාලා දන්න iPad Pro 2018/2019 Design එකට හදපු phone එකක් කීවොත් හරි. ඔව් මේ iPhone 2020 Model එක දැන් තියෙන iPhone 11 Pro Max එකට වඩා පළලින් පොඩ්ඩක් වැඩී වගේම දිගිනුත් වැඩී. එකට හේතුව මේ පාර Max එකටයි Regular එකටයි දෙකටම ටිකක් ලොකු Screen දෙකක් එන එක. පළලින් 0.25mm වලිනුත් දිගින් 2.89mm කින් වැඩි වෙනවා. ඒ වගේම iPhone 12 Pro Max එකට 6.5" ක තිරයක් වෙනුවට 6.7" ක තරමක් ලොකු තිරයක් එන්න නියමිතයි. තව iPhone 11 Pro එකට වඩා මේ iPhone 12 Pro එක Corners වලින් Rounded ඉතිං මෙක ලස්සන Design element එකක් කියලා හිතනවා මම ඒ වගේම Display Bezels ගොඩක් අඩු වෙනවා කලින් 11 Pro එකට වඩා 40% (1mm ) එකකින් පමණ අඩු වෙනවා. ඒ නිසාම iPhone 11 Pro එකට වඩා iPhone 12 Pro වල Screen to Body Ratio එක increase වෙනවා, ඉතිං මේ Bezel Less Design එකත් iPhone 12 එකට ලස්සන පෙනුමක් එක් කරනවා නොඅනුමානයි.

ඉතිං අනිත් ලොකුම දේ තමා notch එක. නෑ notch එක අයින් වෙන්නේ නෑ , punch hole එකක් එන්නෙත් නෑ , pop up එකක් එන්නෙත් නෑ. එහෙනම් මොකද වෙන්නේ? iPhone X එකට පස්සේ notch එකේ ලොකුම වෙනස් කම මේ අවුරුද්දේ බලාගන්න පුලුවන් වෙනවා. ඒ 50% විතර කුඩා උන notch එකක්. ඉතිං මේ වෙනස 2021/2022 දී වගේ සම්පුර්ණයෙන් Under Display Camera Technology එනකන්ම තියෙයි කියලා තමා ආරංචිය.

ඊලගට අපි Side Appearance එක ගම්මු, iPhone 4 හා iPhone 5 Design වලින් පස්සේ iPhone 6 ඉදන් iPhone එක rounded side design එකකට මාරු උනා එදා ඉදන් අද වෙනකන් පැවතුන මේ Design එක ආයෙත් iPhone 5 වගේ වෙන්නයි යන්නේ, එත් ටිකක් modern විදියට iPhone 5 එකේ තිබ්බ sharp edge වෙනුවට iPad Pro 2018 වගේ Flat Sharp Rounded Edge Design එකක් එන්නයි යන්නේ. ඒ වගේම iPhone 12 Pro එක 11 Pro එකට වඩා Slim , හරියටම 7.39 mm තව වෙනසක් වෙනවා, ලොකු දෙයක් නම් නෙවේ ඒත් මතකද iPhone X වෙනකන්ම Speaker Grills හරියටම Lightning port එක දෙපැත්තේ සමානව තිබ්බා මෙක iPhone Xs එකෙන් වෙනස් උනේ යටටත් Antena Band එකක් ආව නිසා ඒත් Apple ලා මේ පාර මේ යට Antena Band එක අයින් කරලා සමාන speaker grills ගානක් ගෙන්නයි යන්නේ. ඒ වගේම iPad Pro එකේ වගේ iPhone එකටත් Accessory Port එකක් Add කරලා තියෙනවා මෙක නම් Final Design එකට එයිද කියන්න අමාරුයි තාම.

ඊලග ලොකුම වෙනස වෙන්නේ Camera එකේ ඔව් මේ පාර 11 Pro එකේ වගේ Camera 3 ට අමතරව iPad Pro 2020 වල ආව LiDAR sensor එකත් එනවා එක විතරක් නෙවේ මේ Camera Module එකම Size එකෙන් ලොකු වෙනවා ටිකක්. ඒ වගේම iPhone 11 Pro එකට වඩා ටිකක්  Body එකෙන් එලියට එනවා. එකට ලොකුම හේතුව Slim උන එක. කොහොමත් iPad Pro එක වගේ හරි iPhone 5 එක වගේ හරි Aluminum Back එකක් නම් එන්නේ නෑ දැන් තියනවා වගේම Frosted Back Glass එකක් එන්නේ.ඉතිං තව internal mother board , battery placement වෙනස් කම් වගේම sim tray එකත් වෙනස් වෙනවා එව්වා ලොකුවට ඔයාලට වැදගත් වෙන්නේ නෑ කියලා මං හිතනවා. ඉතිං ඔයාලා මොකද හිතන්නේ මේ වෙනස් කම් ගැන?

මේ ඔක්කම Leaks අපිට එන්නේ iPhone Accessory Makers  ලට දෙන CAD Renders වලින් ඉතිං iPhone 12 Design එක Finalize වෙලා කියන්න තියන හොදම සාක්ෂිය තමා මේ.