Loading...
Apple සමාගම විසින් iPhone 14 Smartphone Series එක නිල වශයෙන් එළිදක්වයි

Apple සමාගම විසින් iPhone 14, iPhone 14 Plus, iPhone 14 Pro සහ iPhone 14 Pro Max වලින් සමන්විත නවතම iPhone 14 Series එක ඊයේ (සැප්. 7) දින පැවැත්වූ Special Live Event එකේදී එළිදක්වනූ ලැබුවා. iPhone 14 Pro සහ Pro Max Smartphone දෙක මේ මාදිලි හතරෙන් වඩාත්ම කැපී පෙනෙනවා. ඒකට හේතුව මේ දෙකෙහිම Pill එකක් හැඩැති notch සහ සුපිරි A16 Bionic Chipset එකත් සමඟින් මේකට Always on display එකක් තිබීමයි. දැන් අපි මේ iPhone 14 Series එක ගැන සවිස්තරාත්මකව කතා කරමු.

iPhone 14 සහ iPhone 14+

මේ Device දෙකටම තියෙන්නේ Super Retina Display එකක් මේක 14 සහ 14+ ලෙස මාදිලි දෙකකට ප්‍රධාන ලෙසම වෙන් කරන්නේ මේ දෙකේ display එකේ තියෙන Sizes වල වෙනස හින්දා. iPhone 14 එකට අඟල් 6.1ක display එකක් තියෙන අතර 14+ එකට අඟල් 6.ක display එකක් තියෙනවා.

මේ device දෙක Midnight, Starlight, Blue, Purple, Product (RED) ලෙස Colour types 5කින් බලාගන්න පුළුවන්.

14 සහ 14+ device දෙකේම අඩංගු වෙන්නේ iPhone 13 එකේදී භාවිතා කරපු A15 Bionic chipset එකමයි.

iPhone 14 Pro සහ iPhone 14 Pro Max

මේ models දෙක එළිදක්වනකම් තමයි ඔබ අපි සියලු දෙනාම පුන පුනා බලාසිටියේ. දැන් අපි සවිස්තරාත්මකව කතා කරමු iPhone 14 Pro සහ iPhone 14 Pro Max devices දෙක ගැන.

Display එක

අඟල්  6.1 සහ 6.7 ප්‍රමාණයන් වලින් සමන්විත අතර, Front Cam එකට Pill Shaped Hole එකක් මෙයාලා යොදලා තියෙනවා. තව Proximity Sensor එක මේ pill hole එක යට යොදා ඇති අතර Notifications පැමිණෙන විට මේ pill hole එක තුළින් ලස්සන Animations යොදා ගෙන ඒවා Display කරනවා. මේක Dynamic Island ලෙස Apple ලා නම් කරලා තියෙනවා.

iPhone 14 Pro එකේ සහ 14 Pro Max එකේ lock screen එකට always on display නම් නව විශේෂාංගයක් හඳුන්වා දෙනු ලැබුවා. ඒ තුළින් phone එක wakeup නොකර time, notifications සහ reminders බලා ගැනීමේ හැකියාව තියෙනවා. මේ Always on display එකේදී battery එක ඉතිරි කර ගැනීමට iOS 16 මඟින් lock screen එකේ ඇති wallpapers තරමක් අඳුරු කරගනු ලබනවා.

Processor එක

Apple A16 Bionic Chipset එක මඟින් iPhone 14 Pro සහ Pro Max Devices බලගන්වනවා. මේ තුළින්, බැටරි කාර්යක්ෂමතාව, display එකට සහ කැමරාවට වඩාත් ප්‍රමුඛත්වයක් දීලා තියෙනවා. මේකට 6 Core CPU එකක් තියෙන අතර ඒවා high efficiency සහ high performance cores ලෙස බෙදනවා.

Camera එක

කැමරාව ගැන කතා කරන විට, පළමු වරට iPhone සඳහා 12 megapixel sensor එකක් වෙනුවට 48-megapixel sensor එකක් භාවිතා කරලා තියෙනවා. මේ redesigned කරලා තියෙන main cam එකෙන් low-light shooting තරමක් වැඩිදියුණු කරනු ලබනවා.

ultrawide cam එක macrophotography වැඩිදියුණු කරන අතර අඩු ආලෝකයකදී 3x boost එකක් සපයයි. Apple විසින් iPhone 14 කැමරා පද්ධතියේ flasher එක ද වැඩිදියුණු කර ඇති අතර, එමඟින් පෙරට වඩා දෙගුණයක් පමණ දීප්තිමත් වනවා. cinematic mode එක දැන් 4K resolution 30fps සහ 24fps සඳහා සහය දක්වනවා.

සමස්තයක් ලෙස, iPhone 14 Pro පසුගිය වසරේ iPhone 13 Pro මාදිලි සඳහා කුඩා යාවත්කාලීන කිරීම් වලට වඩා බොහෝ වැඩි යමක් ලබා දෙයි, එයට 120Hz ProMotion ඉහළ refresh rate එකක් සහ නවතම කැමරා තුනක් ඇතුළත් වනවා.

මිල ගණන්

මූලික iPhone 14 මාදිලියේ මිල ඩොලර් 799 ක් වන අතර 14 Plus හි මිල ඩොලර් 899 කි. පෙර ඇණවුම් සැප්තැම්බර් 9 වනදා ආරම්භ වනු අතර, බෙදා හැරීමේ කටයුතු iPhone 14හි සැප්තැම්බර් 16 වන දින සහ 14 Plusහි ඔක්තෝබර් 7 වනදා ආරම්භ වනවා.

iPhone 14 Pro සඳහා ඩොලර් 999 ක් වැය වන අතර iPhone 14 Pro Max හි මිල ඩොලර් 1,099 කි. දෙකම සැප්තැම්බර් 16 වන දින වෙළඳසැල තුළ ලබා ගත හැකි වන අතරම සැප්තැම්බර් 9 වන දින පෙර ඇණවුම් සඳහා ලබා ගත හැකි වනවා.

මෙම ලිපිය Apple Special Live Event එක ඇසුරෙන් නිමැවූවකි.

iPhone 14 Pro Max Device එක පිළිබඳ සවිස්තරාත්මක ලිපියක් Android වැඩකාරයෝ තුළින් ළඟදීම බලාපොරොත්තු වන්න.