Loading...
iPhone 15 Pro මාදිලිය සමඟින් කුඩාම Bezel Thickness iPhone එලිදැක්වීමට Apple සමාගම සූදානම්?

එළඹෙන සැප්තැම්බර් මාසයේදී පමණ එළිදැක්වීමට නියමිතව පවතින iPhone 15 Series එක පිළිබඳව විවිධ තොරතුරු මේ වන විට වාර්තා වෙමින් පවතිනවා. ඒ අනුව පසුගිය iPhone 14 Series එකට සාපේක්ෂව කැපි පෙනෙන වෙනස්කම් රැසක් මේ Series එක හරහා බලාපොරොත්තු විය හැකි බවත් ඔබ දැනටමත් දන්නවා.

ඒ අනුව මේ iPhone Series එක සඳහා Rounded Edges සහිත Titanium Chassis එකක් භාවිත විය හැකි බවත්, මින් iPhone Pro මාලිදි USB Type-C Port එකකින් සමන්විත විය හැකි බවත්, මේ Pro මාදිලීන් සඳහා External Display සම්බන්ධ කිරීමේ හැකියාව ද ලැබෙනු ඇති බවත් සහ වැඩි ධාරිතාවයකින් යුතු Battery Pack එකක් ලබා දෙනු ඇති බවටත් අප මීට පෙර තොරතුරු වාර්තා කරනු ලැබුවා.

iPhone 15 Series එක පිළිබඳව වාර්තා වන අලුත්ම තොරතුරුවලට අනුව මෙය ඉතා සිහින් Bezelsවලින් සමන්විත වනු ඇතැයි බලාපොරොත්තු වෙන්න පුලුවන්. ඒ අනුව Apple සමාගම විසින් පසුගිය Apple Watch Series 7හි භාවිත කළ Display Technology එක වන Low-injection Pressure Over-molding (LIPO) Display Technology එක iPhone 15 Pro සහ iPhone 15 Pro Max Devices සඳහා භාවිත කරනු ඇතැයි දක්වන්න පුලුවන්. මේ Display Technology එක ඔස්සේ ඔවුන්ට මේ වන විට iPhone 14 Pro සඳහා ලබා දී ඇති 2.2mm Bezel Thickness එක 1.5mm දක්වා අඩු කිරීමට හැකි වනු ඇතැයි ද දක්වන්න පුලුවන්. ඒ අනුව iPhone 15 Pro සහ Pro Max ලොව සිහින්ම Bezels සහිත Smartphones බවට පත් වනු ඇත.

iPhone 14 Pro front glass (left) vs. iPhone 15 Pro front glass (right)

මීට අමතරව මේ iPhone 15 Series එකේ මිල ගණන් පසුගිය iPhone 14 Series එක සමඟ සැසඳිමේදී iPhone 15 Pro ඩොලර් 100කින් පමණත්, iPhone Pro Max ඩොලර් 200කින් පමණත් මිල වැඩි වීමක් අපේකෂා කළ හැකි වනවා.

Sources: gsmarena.com bloomberg.com