Loading...
Mobile Gaming අලුත් කරන iPhone 15 Pro සහ 15 Pro Max

ඊයේ පැවති Apple Event එකේ සුවිශේෂම devices දෙක බවට පත්වුයේ iPhone 15 Pro සහ 15 Pro Max යන දුරකථන දෙකයි. iPhone 15 දුරකථනය මෙන් නොව නව විශේෂාංග ගණනාවකින් සමන්විත වන මෙම දුරකථනයේ නව හදුන්වාදීම් පහතින් දැක්වේ.

  • Apple A17 Pro 3nm processor
  • Titanium Frame එකක්
  • 5X optical zoom එකක් සහිත telephoto camera එකක්
  • Action Button
  • Type-C charging port
  • Next Level Gaming Performance
  • Spatial Video

මීට අමතරව iPhone 15 regular device එක තුළ ලබාදුන් නව විශේෂාංග සියල්ලමත් මෙහි ඇතුළත් කර තිබෙනවා..

Design සහ Build Quality

මෙහි design එකේ සුවිශේෂතාය වන්නේ මෙහි enclosure එක titanium වලින් නිෂ්පාදනය කර තිබීමයි. මේ නිසා මෙම දුරකථනයට ඉතා හොද durability එකක් සහ apple සමාගම පවසන ආකාරයට මෙතෙක් නිකුත් කළ සැහැල්ලුම iPhone Pro model එක මෙයයි. 

මෙම දුරකථන දෙකෙහි මෙතෙක් iPhone තුළ පැවති සිහින්ම borders පවතිනවා. එම නිසා මෙහි screen to body ratio එක පෙරට වඩා ඉහළ අගයක පවතිනවා..

 නවතම internal chassis architecture එක තුළින් අලුත්වැඩියා කිරීමත් පහසු කර තිබෙනවා..

iPhone 15 Pro සහ 15 Pro Max දුරකථන Natural Titanium, Blue Titanium, White Titanium සහ Black Titanium යන colors වලින් මිලදී ගැනීමේ හැකියාව පවතිනවා..

එ වගේම Apple සමාගම 2030 වන විට carbon nutral සමාගමක් වීමට යන නිසා මෙවර release කළ සෑම product එකකින්ම වගේ මෙහිත් යම් වෙනස්කම් කිහිපයක් සිදුකර තිබෙනවා.. එනම්, මෙහි යොදා ඇති aluminum parts සියල්ලමත් 100% recycled aluminum යොදා නිෂ්පාදනය කර තිබෙනවා..

Display

iPhone 15 pro දුරකථනය සදහා අගල් 6.1 සහ iPhone 15 Pro Max දුරකථනය අගල් 6.7 ක 120 Hz LTPO Super Retina XDR OLED Always On display එකකින් සමන්විත වන අතර පෙර ලෙසම මෙම දුරකථනය සදහාත් Dynamic Island එක ලබාදී තිබෙනවා.. මෙම display එක මෙහි body එකට සාපේශව ප්‍රතිශතයක් ලෙස ආසන්න වශයෙන් 88%  ක් පමණ වනවා.. මෙහි ආරක්ෂාව සදහා Ceramic Shield glass එකක් ද යොදා තිබෙනවා.. මෙමගින් 2000 nits උපරිම brightness අගයක් ලබාගැනීමට හැකියාව ළැබෙනවා..

Performance

නවතම iPhone 15 Pro සහ 15 Pro Max දුරකථන සමග Apple සමාගමේ මෙතෙක් නිකුත් කළ බලවත්ව Smartphone processor එක එලිදැක්වීමට කටයුතු කළා.. ඒ Apple A17 Pro 3nm processor එකයි. 

ඔවුන් පවසන ආකාරයට මේ වනවිට smartphone එකක් තුළ පවතින බලවත්ම processor එක වන්නෙද මෙයයි. මේ තුළ high performance cores 2 ක් සහ high efficiency cores 4 ක් අඩංගු වෙනවා.. 

මීට අමතරව මෙහි Neural Engine එක තුළ Cores 16 ක් අඩංගු වෙනවා. .ඒත් සමග තප්පරයට operations ක්‍රිලියන 35 ක් සිදුකිරීමට A17 Pro Processor එකට හැකියාව පවතිනවා. .

තවද මෙම Processor එක තුළ ProRes Video, ProMotion Display සහ AV1 decoder සදහා වෙන වෙනම engines 3ක් පවතිනවා..

 iPhone 15 redular model එක සදහාත් USB Type-C ලබාදුන්නත් Pro models සදහා A17 Processor එක තුළ වෙනම USB Controller එකක් ලබාදී තිබෙනවා.. එ හරහා තප්පරයට 10 Giga bits වේගයකින් files fransfer කිරීමට අවස්ථාව සැලසී ඇත.

මෙම අලුත්ම processor එකේ තව විශේෂතම අංගයක් වූයේ මෙහි GPU එකයි. මෙය Cores 6 කින් යුතු පෙරට වඩා 20% කින් බලසම්පන්න වූ GPU එකක් වන අතර performance and efficiency, complex applications, new rendering features යන කරුණු පදනම් කොටගෙන නිර්මාණය කට ඇත.

මේ හරහා දැනට ජංගම දුරකථනයක් තුළ පවතින විශිෂ්ටම hardware accelerated Ray Tracing ලබාදී තිබෙනවා.. මේ නිසා Mobile Gaming Performance ඉතාම ඉහළ අගයක පවතිනවා.. මොවුන් පවසන ආකාරයට මෙය software based Ray Tracing වලට වඩා 4 ගුණයක් වේගවත් වෙනවා.. ඉදිරියේදී Resident Evil Village, Resident Evil 4 සහ Death Stranding ඇතුලු මින් පෙර pc සහ gaming consoles සදහා පමණක් ලබාදුන් games රැසක් mobile තුළ play කිරීමට අවස්ථාව සැලසෙනවා..

විශේෂතම කරුණක් වන්නේ ඉදිරියේදී Console වෙත පැමිණීමට නියමිත Assassin's Creed Mirage Game එකත් 2024 මුල් භාගයේදී iPhone 15 වෙත ලැබීමට නියමිත වීමයි.

Camera

පෙර ලෙසමමෙවරත් pro models සදහා triple camera setup එකක් ලබාදී ඇත. මෙහි 48mp f/1.78 apeture එකක් සහිත main camera එකක් අඩංගු වෙන අතර ඒ හරහා 24MM, 28MM සහ 35MM යන focal length වලින් photos ලබාගැනීමට අවස්ථාව ලැබෙනවා..

 iPhone 15 Pro දුරකථනය තුළ 12MP f/2.8 aperture එකක් සහිත Telephoto camera එකක් අඩංගු වෙනවා.. එහි 77mm focal length එකක් සහිත නිසා 3x optical zoom පහසුකමත් ලබාගන්න පුලුවන් වෙනවා. .

එසේම iPhone 15 Pro Max දුරකථනය සදහා 12MP f/2.8 aperture එකක් සහිත Telephoto Camera එකක් අංඩගු වන අතර එහි 120mm focal length එකක් සහිත නිසා 5x optical zoom හැකියාව ලැබෙනවා.. මෙය iPhone එකක් තුළ ලබාදුන් වැඩිම optical zoom length එක වනවා..

මෙම දුරකථනයේ portrait photography සදහාත් විශේෂ ස්ථානයක් ලබාදී තිබුණා. දැන් photo එකක් ලබාගැනිමේදී එහි පුද්ගලයන් හෝ සතුන් සිටීදැයි හදුනාගෙන automatically ම දුරකථනය විසින් portrait photo එකක් ලබාගන්නවා.. ඉන්පසු මෙම photos වල focus subject එක වෙනස් කරන්නත් අවශ්‍ය නම් bokeh effect එක ඉවත් කරන්නත් අවස්ථාව පවතිනවා..

මෙවර මෙහි sensor shift OIS පහසුකම  iPhone 14 pro එක තුළ මෙන් දෙගුණයක් කර තිබෙනවා..

තුන්වන lens එක ලෙස pro සහ pro max දුරකථන දෙකටම 12MP f/2.2 aperture එකක් සහිත ultra wide camera එකක් ලබාදී තිබෙනවා.. පෙරට වඩා මෙහි night photography හැකියාව වර්ධනය ඇත.

 මේ සියල්ලම ගතහොත් මෙවර iPhone එක තුළින් focal lengths 7 කින් photos ලබාගැනීමේ හැකියාව පවතිනවා..

මීට, අමතරව පෙර පැවති සාමාන්‍ය පහසුකම් වන HDR, Dolby Vision HDR යන පහසුමක්නුත් මෙම දුරකථනයෙන් අත්විදීමට හැකියාව පවතිනවා..

මෙම දුරකථනයේ selfie camera එක ලෙස 12mp එකකින් සමන්විත වන wide angle camera එකක් ලබාදී තිබෙනවා..

Software සහ User Experience

මෙම දුරකථනය නවතම iOS 17 සමග පැමිණෙන අතර එහි අඩංගු වුණු සුවිශේෂ විශේෂාංග සියල්ලම සහ මෙයට අනන්‍ය වුණු තවත් විශේෂාංග ගණනාවකුත් අත්විදීමට මෙම දුරකථනය ඔස්සේ අවස්ථාව ලබාදී තිබෙනවා..

Connectivity සහ Features

මෙහි නවතම විශේෂාංගයක් ලෙස වසර ගණනාවක් iPhone එකත් සමග පැමිණි sliding silent button එක වෙනුවට නව action button එකක් ලබාදී තිබෙනවා.. එහි ක්‍රියාකාරීත්වය සලකා බැලුවහොත්, එම button එක press කර hold කර සිටින විට harptic feedback එකක් ලබාදෙමින් දුරකථනය silent mode එක වෙත පිවිසෙයි. මෙහි විශේසත්වය වන්නේ එය නොවෙයි. මෙම button එක තමන්ට කැමති ආකාරයෙන් customize කරගැනීම හරහා පත දක්වා ඇති ඕනෑම සේවාවන් එකක් හෝ කිහිපයක් භාවිතා කිරීමට හැකියාව ලැබීමයි.

තවත් නව අංගයක් ලෙස Spatial Video පහසුකම මෙම දුරකථන වලට ලබාදී තිබෙනවා.. මේ හරහා 3 dimensional video එකක් ලබාගෙන එය Apple Vision Pro device එකක් භාවිතා කරමින් නැරඹීමට අවස්ථාව ලැබෙනවා..

මෙවර Connectivity තුළ සිදුවූ විශාලතම වෙනස්කම වූයේ Apple සමාගම තමන්ගේ lightning port එක අතහැර USB Type-C වෙත මාරුවීමයි. මේ නිසා එක් cable එකක් සියලුම devices වලට භාවිතා කිරීමට අවස්ථාව ලැබෙනවා..

 Price

 පෙර වසරේ ලෙසම මෙවරත් iPhone 15 Pro දුරකථනය $999 කටත් iPhone 15 Pro Max දුරකථනය $1199 කටත් මිලදී ගැනීමට අවස්ථාව ලැබෙනවා..