Loading...
Apple සමාගම විසින් iPhone 15 Smartphone Series එක නිල වශයෙන් එළිදක්වයි

අලුත්ම iPhone දුරකථන මාලාව වන iPhone 15 දුරකථන මාලාව Apple සමාගම විසින් ඊයේ (12) පැවති Event එක අතරතුර එළිදක්වනු ලැබුවා. මෙම දුරකථන මාලාව දුරකථන මාදිලි 4කින් සමන්විත වුනා. ඒ iPhone 15, iPhone 15 Plus, iPhone 15 Pro සහ iPhone 15 Pro Max යනාදි ලෙසිනි.


iPhone 15 සහ iPhone 15 Plus

මෙහී iPhone 15 දුරකථනය පෙර iPhone 14 දුරකථනයට වඩා නව විශේෂාංග විශාල ප්‍රමාණයකින් සමන්විත වෙනවා. නමුත් ඒවායෙන් බොහෝමයක් පෙර iPhone 14 Pro දුරකථනයට ලබාදුන් විශේෂාංග වේ.

 මෙවර iPhone 15 දුරකථනයේ සුවිශේෂතා වනුයේ,

  • Apple A16 Bionic 4nm Processor
  • 48 mp Main Camera 
  • 2000 nits ක උපරිම Brightness අගයක් සහිත Display එකක්
  • Dynamic Island
  • Type-C charging port
  • Ultra-Wideband

Design සහ Build Quality එක

මෙහි Design එකේ සුවිශේෂම විශේෂාංගයක් වන්නේ Back Glass එක සදහා Color Infused Glass එකක් යොදාතිබීමයි. මීට අමතරව මෙහි Back Panel එක Textured Matte Finish එකකින් යුතුවෙනවා. iPhone 15 සහ 15 Plus දුරකථන Pink, Yellow, Green, Blue සහ Black යන Colors වලින් මිලදී ගැනීමේ හැකියාව පවතිනවා. නමුත් මෙවර Red Colour එකක් අඩංගු වන්නේ නැත.

ඒ වගේම Apple සමාගම 2030 වන විට Carbon Nutral සමාගමක් වීමට යන නිසා මෙවර Release කළ සෑම Product එකකින්ම වගේ මෙහිත් යම් වෙනස්කම් කිහිපයක් සිදුකර තිබෙනවා. එනම්, 75% Recycled Aluminum Enclosure එකක්, 100% Recycled Cobalt අඩංගු Battery එකක් සහ Main Logic Board එකට සහ Magsafe Charger එක සදහා 100% Recycled Copper යොදාගෙන තිබෙනවා.

Display එක

Iphone 15 දුරකථනය සදහා අගල් 6.1 සහ Iphone 15 Plus දුරකථනය අගල් 6.7 ක Super Retina XDR OLED Display එකකින් සමන්විත වන අතර මෙවර Regular Iphone එක වන මෙම දුරකථනය සදහාත් Dynamic Island එක ලබාදී තිබෙනවා. මෙම Display එක මෙහි Body එකට සාපේශව ප්‍රතිශතයක් ලෙස ආසන්න වශයෙන් 88% පමණ වනවා. මෙහි ආරක්ෂාව සදහා Ceramic Shield Glass එකක් ද යොදා තිබෙනවා. මෙමගින් 1200 Nits උපරිම Brightness අගයක් ලබාගැනීමට හැකියාව ළැබෙනවා.

Performance

නවතම iPhone 15 දුරකථනය Apple A16 Processor  එක මගින් බලගැන්වෙන වෙනවා. මෙය පෙර වසරේ iPhone 14 Pro දුරකථනය සදහා යොදාගත් Processor එකම නිසා විශේෂයෙන් විග්‍රහ කිරීමට අවශ්‍ය නැත.

මෙහි GPU එක Cores 5 කින් සමන්විත වේ. මෙම දුරකථනය සදහා 6GB RAM එකක් යොදා ඇති අතර 128GB, 256GB, 512GB යනාදී වශයෙන් Storage Options 4ක් ලබාදී තිබෙනවා.

Camera එක

පෙර ලෙසම මෙවරත් Base Model එක සදහා Dual Camera Setup එකක් ලබාදී ඇති අතර විශේෂත්වය වන්නේ මෙහි Main Camera එක සදහා 48mp අගයකින් යුතු Sensor එකක් ලබාදී තිබීමයි. ඒ අනුව මෙහි 48mp F/1.6 Aperture එකක් සහිත Main Camera එකක් සහ 12mp F/2.4 1.6 Aperture එකක් සහිත Telephoto Camera එකක් ලබාදී තිබෙනවා.

මේ සමග iPhone 15 Regular Model එක සදහා 2x Optical Zoom පහසුකම අත්විදීමට අවස්ථාව සැලසෙනවා. 

මෙම දුරකථනයේ Portrait Photography සදහාත් විශේෂ ස්ථානයක් ලබාදී තිබුණා. දැන් Photo එකක් ලබාගැනිමේදී එහි පුද්ගලයන් හෝ සතුන් සිටීදැයි හදුනාගෙන Automatically ම දුරකථනය විසින් Portrait Photo එකක් ලබාගන්නවා. ඉන්පසු මෙම Photos වල Focus Subject එක වෙනස් කරන්නත් අවශ්‍ය නම් Bokeh Effect එක ඉවත් කරන්නත් අවස්ථාව පවතිනවා.

මීට, අමතරව පෙර පැවති සාමාන්‍ය පහසුකම් වන HDR, Dolby Vision HDR යන පහසුකම් ද මෙම දුරකථනයෙන් අත්විදීමට හැකියාව පවතිනවා.

මෙම දුරකථනයේ Selfie Camera එක ලෙස 12MP Sensor එකකින් සමන්විත වන wide angle Camera එකක් ලබාදී තිබෙනවා.

Software සහ User Experience

මෙම දුරකථනය නවතම iOS 17 සමග පැමිණෙන අතර එහි අඩංගු වුණු සුවිශේෂ විශේෂාංග සියල්ලම සහ මෙයට අනන්‍ය වුණු තවත් විශේෂාංග ගණනාවකුත් අත්විදීමට මෙම දුරකථනය ඔස්සේ අවස්ථාව ලබාදී තිබෙනවා.

Connectivity සහ Features

මෙම දුරකථනය තුළ නවතම 2nd Generation Ultra-Wideband එක ලබාදී තිබෙනවා. ඒත් අනෙකුත් Devices සමග පෙරට වඩා තුන් ගුණයක් දුරින් Connections පවත්වා ගැනීමේ හැකියාව ලැබී තිබෙනවා. මේ සමග ලැබෙන ඉතා ප්‍රයෝජනවත් විශේෂාංගයක් වනුයේ Precision Finding හරහා මිනිසුන් විශාල වශයෙන් ගැවසෙන ස්ථානයකදී තවත් අයෙකු පහසුවෙන් සොයාගැනීමට අවස්ථාව සැලසෙනවා.

මීට අමතරව ගිය වසරේ හදුන්වාදුන් Emergency Satellite SOS System එක වගේම Roadside Assistant Via Satellite කියන විශේෂාංගය හදුන්වාදී තිබෙනවා. මේ හරහා මෝටර් රථයක් කාර්මික දෝෂයකට ලක්වුවහොත් එය Roadside Assistant Service Provider කෙනෙක් වෙත දැනුම්දීමට අවස්ථාව සැලසෙනවා.

මෙම satellite පහසුකම් සියල්ලම වසර 2ක් නොමිලේ භාවිතා කිරීමට පුලුවන්.

මෙවර Connectivity තුළ සිදුවූ විශාලතම වෙනස්කම වූයේ Apple සමාගම තමන්ගේ Lightning Port එක අතහැර USB Type-C වෙත මාරුවීමයි. මේ නිසා එක් Cable එකක් සියලුම Devices වලට භාවිතා කිරීමට අවස්ථාව ලැබෙනවා.

මිල ගණන්

පෙර වසරේ ලෙසම මෙවරත් iPhone 15 දුරකථනය $799 කටත් iPhone 15 Plus දුරකථනය $899 කටත් මිලදී ගැනීමට අවස්ථාව ලැබෙනවා.


මෙම ලිපිය Apple Special Live Event එක ඇසුරෙන් නිමැවූවකි.

iPhone 15 Pro සහ Pro Max Devices පිළිබඳ සවිස්තරාත්මක ලිපියක් Android වැඩකාරයෝ තුළින් ළඟදීම බලාපොරොත්තු වන්න.