Loading...
තම ඉදිරි නිෂ්පාදන සඳහා Qualcomm 5G modems භාවිතා කිරීමට Apple සමාගම සූදානම් වේ, 2021දී X60

මේ වසර මුලදි Apple සමාගම හා Qualcomm සමාගම අතර තිබු මතභේදකාරි තත්වයන් ඉවත දමමින් iPhone 12 Series එක සදහා අවශ්‍ය 5G Modem ලබා ගැනිමට මෙන්ම ඉදිරි නිෂ්පාදන කටයුතු සදහා අවශ්‍ය 5G Modems ලබා ගැනිමට එකඟතාවයකට පැමිණෙන ලදි.

ඒ අනුව iPhone 12 Series එකෙහි Qualcomm Snapdragon X55 Modems අන්තර්ගත වුණා. මේ බව iPhone 12 Teardown Video එකෙන්ද අපිට බලාගත හැකි වුණා. ඒ වගේම Apple සමාගම විසින් ද ඉදිරි නිෂ්පාදන සදහා Qualcomm Modems ලබා ගන්න බවට දක්වා තිබෙනවා. ඒ අනුව 2021 ජුනි මාසයේ සිට 2022 මැයි මාසය දක්වා Snapdragon X60 modems භාවිත කිරිමට Apple සමාගම තිරණය කර තිබෙනවා.

Snapdragon X60 කියන්නේ 5nm 5G Modem එකක්. මෙහි Energy efficient එක X55 modem එකට වඩා වැඩි වන අතර X55 Modem එකට සාපේක්ෂව ප්‍රමාණයෙන්ද කුඩා වෙනවා. ඒ වගේම X60 Modem එකට mm Wave Data හා sub 6GHz Data යන දෙකම එකවර ලබා ගත හැකි වෙන අතර මේ තුලින් ඉහල වේගයක් ලබා ගත හැකි වෙනවා.

ඒ වගේම ඉදිරියේදි නිවේදනය කිරිමට නියමිත Qualcomm X65 හා X70 modems Apple සමාගමේ ඉදිරි නිෂ්පාදන සදහාත් යොදා ගනු ඇත. දැනට ඇති තොරතුරුවලට අනුව Qualcomm X65 හා X70 modems 2022 ජුනි සිට 2024 මැයි දක්වා Apple නිෂ්පාදන සදහා යොදා ගැනීමට ඔවුන් බලාපොරොත්තු වෙමින් සිටිනවා.

Sources : Gizmochina