Loading...
Apple TV+ වෙතින් ලඟදිම  Augmented Reality ලබා දිමට Apple සමාගම සුදානම් වෙයි

Apple ආයතනය විසින් ඔවුන්ගේ Apple TV+ සේවාව වෙත Augmented Reality (AR) Content එකතු කිරිමට සුදානම් වන බව වාර්තා වෙනවා. මේ ඔස්සේ ඔවුන් තම ⁣Apple TV+ Usersලාට නව අත්දැකිමක් ලබා දිමට සුදානම් වෙනවා.

දැනට පල වෙන වාර්තාවලට අනුව මේ AR Component විය හැක්කේ TV shows හි පවතින චරිත හෝ වස්තුන් විය හැකි බවයි. එමෙන්ම මේවා Smartphones හා Tablet මගින්  අවට පරිසරය සමග ඒකාබද්ධ කර නැරඹීමට හැකි බවයි.ඒ කියන්නේ අපි නරඹන වැඩ සටහනක පවතින වස්තුන් අපගේ මේසය මත ඇති ආකාරයට අපිට බලා ගැනිමට මේ තුලින් හැකි වෙනවා.

මේ AR feature එක මේ වසර අගදි නිකුත් කිරිමට සුදානම් වි තිබුණද COVID-19 වසංගත තත්වය නිසා එය ප්‍රමාද වි පවතිනවා. මිට හේතු වි ඇත්තේ COVID-19 වසංගත තත්වය Software & Content Production සදහා බලපා ඇති නිසයි.

ඒ වගේම තවමත් මේ පිළිබඳව නිල වශයෙන් දැනුම් දිමක් සිදු වි නොමැති ඇති අතර මේ  AR Feature එකේ යම්කිසි ගැටලුවක් ඇකිවුවහොත් එය හදුන්වා දිම කල්යා හැකි වේ.

Apple සමාගම විසින් 2022 දි Augmented & Virtual Reality සහිත Headset එකක් නිපදවිමට ක්‍රියාකරමින් සිටින අතර මෙය Augmented & Virtual Reality සමගින් Gaming, Video consumption & Virtual Meetings සදහා උපයොගි කර ගැනිමට ඔවුන් බලාපොරොත්තු වෙනවා. ඒ වගේම 2023 අවුරැද්දේදි AR-only pair of glasses නිපදවිමට ද ඔවුන් බලාපොරොත්තුවෙන් සිටින බවට තොරතුරු පල වෙනවා.

දැනට මේ AR features එක Apple සමාගම භාවිත කරන්නේ ඔවුන්ගේ Measure app & Animojis සදහා පමණි. නමුත් ඉදිරියේ දි මේ AR Feature එක කියන්නේ Apple Devices සමග දෛනිකව ක්‍රියාකරන Feature එකක් වෙන බව නිසකයි.

Sources : Bloomberg & Mobilesyrup