Loading...
Apple සමාගම අඟල් 15ක තිරයකින් යුතු MacBook Air එකක් එලිදක්ව​යි

මේ වන විට පැවැත්වෙන Apple සමාගමේ WWDC 2023 event එකේදී Apple සමාගම විසින් අඟල් 15ක් තිරයකින් යුත් MacBook Air එකක් එලි දැකිවීමට කටයුතු කරනු ලැබුවා. Apple සමාගම විසින් සිදු කල මෙම එලි දැක්වීමත් සමඟ ලොව ඇති සිහින්ම අඟල් 15 ලැප්ටොප් පරිගණකය ලෙසින් නව අඟල් 5 MacBook Air එක කිරුළු පලදිනවා. M2 chip එකකින් බල ගැන්වෙන මෙම MacBook Air එක සතුව පැය 18ක ජීව කාලයක් සතු බැටරියක් පවතිනවා.

Apple සමාගම මෙහිදී ප්‍රකාශ කල ආකාරයට ඔවුන්ගේ M2 MacBook Air එක ලොව හොඳම අලෙවිය සහිත ලැප්ටොප් පරිගණකය බවට පත්ව තිබෙනවා. මෙම අඟල් 15 නව MacBook Air එක එලිදැක්වීමත් සමඟ එය තවත් ඉහළ නංවා ගැනීමට ඔවුන් බලාපොරොත්තු වනවා. නව MacBook Air එක සතුව MagSafe connector එකක්ද, Thunderbolt ports දෙකක්ද සහ headphone jack එකක්ද වනවා.

Intel chipset එකකින් බලගැන්වුනු වේගවත්ම MacBook Air එක මෙන් 12 ගුණයක වේගවත් බවකින් යුතු මේ නව MacBook Air එකෙහි තිරයේ සැබෑ ප්‍රමාණය අඟල් 15.3ක් වන අතර 500 nits brightness එකකින් සමන්විත වනවා. ඊට අමතරව මෙම තිරය 1 billion color සඳහා සහය දකවනු ලබනවා. මීට අමතරව Mics 3කින් සහ speakers 6කින් සමන්විත වන මෙම MacBook Air එක spartial audio සඳහාද සහය දක්වනු ලබන බව Apple සමාගම විසින් ප්‍රකාශ කරනු ලැබුවා.

වෙළඳපලේ අලෙවිය සඳහා ඇති අනෙකුත් අඟල් 15 ලැප්ටොප් පරිගණක වලට වඩා 40%ක සිහින් බවකින් යුතුව මෙම පරිගණකය නිපදවීමට Apple සමාගම කටයුතු කර තිබෙනවා.

නව අඟල් 15 MacBook Air එක අද දි​න සිට ඇමරිකානු ඩොලර් 1,299කට ඇණවුම් කිරීමට හැකියාව පවතින අතර ඒත් සමඟම අඟල් 13 M2 MacBook Airහි මිල ඇමරිකානු ඩොලර් 100කින් අඩු කිරීමටද Apple සමාගම කටයුතු කරනු ලැබුවා.

නව MacBook Air පරිගනකය ලබන සතියේ සිට වෙළඳ පලට නිකුත් කිරීමට නියමිත අතර එය midnight, starlight, silver, ස​හ space gray යන වර්ණයන්ගෙන් යුතු වනවා.​‍