Loading...
Apple සමාගම විසින් ඔවුන්ගේ Vintage සහ Obsolete නිෂ්පාදන ලැයිස්තුව යාවත්කාලීන කරයි

Apple සමාගම විසින් පසුගිය පළමු වැනිදා ඔවුන්ගේ vintage products සහ obsolete products ලැයිස්තුව යාවත්කාලීන් කර තිබෙනවා.

මොනවද මේ vintage products සහ obsolete products කියන්නේ ?

Apple සමාගම විසින් වසර 05කට පෙර සහ වසර 07කට පසු අලෙවිය සඳහා බෙදා හැරීම නිල වශයෙන් නැවැත්වු නිෂ්පාදන vintage products ලෙස හඳුන්වනු ලබනවා. ඒ වගේම මේ නිෂ්පාදන සඳහා Security Updates ලබා දීම සිදු වන අතර අමතර කොටස් ද මිලදී ගැනිමේ යම් හැකියාවක් පවති.

Vintage Products කාණ්ඩයට අයත් iPhone ලැයිස්තුව පහත පරිදි වනවා.

  • iPhone 4 (8GB)
  • iPhone 5
  • iPhone 5S
  • iPhone 6
  • iPhone 6s (32GB)
  • iPhone 6s Plus (32GB)
  • iPhone SE
  • iPhone 8 Red
  • iPhone 8 Plus Red

මෙම කාණ්ඩයට අයත් Apple සමාගමේ අනෙක් නිෂ්පාදන වන Mac, iPod, iPhone, iPad, Beats සහ Apple Watch පිළිබඳව මෙතනින් වැඩි විස්තර බලන්න පුලුවන්.

Apple සමාගම විසින් වසර 07කට පෙර අලෙවිය සඳහා බෙදා හැරීම නිල වශයෙන් නැවැත්වු නිෂ්පාදන obsolete products ලෙස හඳුන්වනු ලබනවා. මේ නිෂ්පාදන සඳහා Apple සමාගම විසින් කිසිදු Hardware Service එකක් ලබා දීම සිදු කරන්නේ නැත. එමෙන්ම Security Updates ලැබීම බොහෝ කාලාතුරකින් සිදු වේ.

Obsolete Products කාණ්ඩයට අයත් iPhone ලැයිස්තුව පහත පරිදි වනවා.

  • iPhone
  • iPhone 3G (China mainland) 8GB
  • iPhone 3G 8GB, 16GB
  • iPhone 3GS (China mainland) 16GB, 32GB
  • iPhone 3GS (8GB)
  • iPhone 3GS 16GB, 32GB
  • iPhone 4 CDMA
  • iPhone 4 CDMA (8GB)
  • iPhone 4 16GB, 32GB
  • iPhone 4 GSM (8GB), Black
  • iPhone 4S
  • iPhone 4S (8GB)
  • iPhone 5C
  • iPhone 6 Plus

මෙම කාණ්ඩයට අයත් Apple සමාගමේ අනෙක් නිෂ්පාදන වන Mac, iPod, iPhone, iPad, Beats සහ Apple Watch පිළිබඳව මෙතනින් වැඩි විස්තර බලන්න පුලුවන්.


මෙය Used Apple Products බහුලව භාවිත වන රටක් වන අපට ඉතා වැදගත් වනවා. මන්ද මෙම ලැයිස්තුවේ Obsolete Products ලැයිස්තුවේ ඇති නිෂ්පාදන සඳහා මේ වන විට Apple සමාගම කිසිදු සේවාවක් ලබා නොදෙන නිසයි. එමෙන්ම vintage products ලැයිස්තුවේ පවතින නිෂ්පාදනවලටත් ඔවුන් විසින් Software Updates ලබා දීම නවතා ඇති අතර එම උපාංගයන් සඳහා අමතර කොටස් ද බොහෝ විට මිලදී ගැනිමේ හැකියාව අවම වීමට ඉඩකඩ පවතිනවා.

Obtaining service for your Apple product after an expired warranty - Apple Support
Learn about your options for getting service and parts for Apple devices that are past their warranty period.