Loading...
AppStoreහි තිබූ ව්‍යාජ wallet app එකක් හේතුවෙන් පුද්ගලයෙකුගේ ඩොලර් ලක්ෂ 6ක Bitcoins අතුරුදන්වේ

Apple කියන්නේ ඔවුන්ගේ Usersලාගේ Privacy & Security පිළිබඳව නිරන්තරයෙන්ම අවධානය යොමු කරන ආයතනයක් විදිහට දක්වන්න පුලුවන්. ඒ වගේම වරක් Apple සමාගමේ CEO වෙන Tim Cook විසින් "පෞද්ගලිකත්වය යනු මුලික මිනිස් අයිතිවාසිකමක්" බවටත් ප්‍රකාශ කර තිබුණා.

කෙසේ වෙතත් පසුගිය දිනක Apple Store හි පැවතුණ Fake App එකක් නිසා iPhone User කෙනෙක් ඉතා වංචනික ක්‍රියාවකට හසු වි තිබෙනවා. Phillipe Christodoulou නමින් හදුන්වන පුද්ගලයා විසින් ඔහුගේ iPhone එක සදහා Trezor Wallet නම් App එකක් Install කර එම Wallet එක සදහා ඔහු සතුව තිබු ඩොලර් ලක්ෂ 06ක් පමණ වටිනා Bitcoin ප්‍රමාණයක් තැම්පත් කර තිබෙනවා.

කෙසේ නමුත් පසුව ඔහුගේ මේ Wallet එකේ තිබු Bitcoin සියල්ල අතුරැදහන් වි තිබෙනවා. එවිට එම ප්‍රමාණයේ වටිනාකම ආසන්නව ඩොලර් මිලියනයක් පමණ වෙන බවත් සදහන් වෙනවා.

මේ Trezor Wallet නම් Fake App එක⁣ට Apple Store එකට ඇතුළු විමට හැකි වු ආකාරය ඉතාම ගැටලු සහිත වෙන අතර මේ Trezor Wallet නම් Fake App එක ක්‍රියාත්මක වි ඇත්තේ Cryptocurrency Wallets වල Hardware Manufacturer කෙනෙක් වෙන Trezor ආකාරයටයි.

Trezor සමාගම විසින් නිරන්තරයෙන්ම පවසා සිටින්නේ ඔවුන්ට Android හෝ iOS සදහා වෙන App එකක් නොපවතින අතර එලෙස Apps පවති නම් ඒ සියල්ල Fake Apps වෙන බවයි. එමෙන්ම එලෙස පවතින Fake Apps පිළිබඳව ඔවුන් නිරන්තරයෙන්ම ඔවුන් පැමිණිලි කරන බවත් ඔවුන් වැඩි දුරටත් පවසා තිබෙනවා.

කෙසේ වෙතත් Apple සමාගම විසින් ඔවුන්ගේ App Store එක iPhone සදහා Apps ලබා ගැනිමට ආරක්ෂිතම ස්ථානයක් සේ දැක්වුව ද මේ සිද්ධියත් සමග එය එ⁣සේ නොවන බව Christodoulou විසින් වැඩි දුරටත් දක්වා තිබෙනවා. එමෙන්ම App Store එක මගින් ලබා ගත් App එකකින් සිදු වෙන මෙවන් වංචා කටයුතු පිළිබඳව සම්පුර්ණ වගකිම Apple ආයතනය සතු වෙන බවත් ඔහු වැඩි දුරටත් දක්වා තිබෙනවා. ඔහු විසින් අදහස් දක්වනු ලබන්නේ මේ පිළිබඳව අනිවාර්යයෙන් Apple ආයතනය විසින් ක්‍රියාමාර්ග ගත යුතු අතරම ඔහුට වන්දි මුලදක් ලබා දිමට ද කටයුතු කල යුතු බවයි.

Source : GizmoChina, Bitcoin.com