Loading...
Spring Loaded event එක හරහා Apple සමාගම විසින් iPad Pro ඇතුළුව නව උපාංග 8ක් හඳුන්වා දීමට කටයුතු කරයි

ඊයේ දිනයේ පැවැත්වුණු Apple සමාගමේ 2021 Spring Loaded Event හිදී එලිදැක්වුණු උපාංග, සේවා සහ ඒවායේ විශේෂාංග පිළිබදව මෙම ලිපිය තුළින් කෙටියෙන් විමසා බලමු.

Purple Color iPhone 12

Image Source: Apple

ගිය වසරේ එලිදැක්වුණු iPhone 12 එකෙහි මිලදී ගැනීමට තිබූ වර්ණ මාදිලි ප්‍රමාණය පුළුල් කරමින් නව වර්ණයක් ලෙස දම්පැහැයත් ලබා දෙනු ලැබුවා. ඒ අනුව මේ වන විට iPhone 12 දුරකථනය black, white, blue, green, red, සහ purple ලෙසින් වර්ණ 6 කින් මිලදී ගැනීමට හැකියාව පවතිනවා.

Apple AirTags

Image Source: Apple

මේ හරහා Find My App එක තුළින් Apple devices මෙන්ම මෙම AirTags භාවිතා කරන අනෙක් ඕනෑම device එකක් ද පහසුවෙන් සොයාගත හැකිවනවා. මෙහි විශේෂම feature එකක් ලෙසින් Precision Finding හදුන්වා දෙනු ලැබුවා. මේ හරහා accelerometer, camera, සහ gyroscope sensor එක යොදාගනිමින් AirTag භාවිතා කරනු ලබන උපාංගය සොයා ගැනීමට අවශ්‍ය directions පෙන්නුම් කරනු ලබනවා.

මෙම Precision Finding  භාවිතා කිරීමට නම් U1 chip එක සහිත iPhone 11 හෝ ඉන් ඉහළ device එකක් අවශ්‍ය වන අතර මෙම AirTags $29 ක මිලකට මිලදී ගත හැක.

Apple TV 4K 2021

Image Source: Apple

මීට ආසන්නයේදී එනම් මීට වසර 4 කට පෙර නිකුත් වුණු Apple TV 4K උපාංගයට සහ Apple TV+ Streaming Platform එක නිකුත් වී වසරකට පමණ පසු මෙම Apple TV 4K 2021 එලිදැක්වුණා. මෙම උපාංගය බොහෝ විශේෂාංග වලින් සපිරි device එකක්. ඒවායින් කිහිපයක් කෙටියෙන් විග්‍රහ කරොත්, මෙය බලගැන්වෙන්නෙ Apple සමාගම ගිය වසරේ iPhone 12 සදහා හදුන්වාදුන් M1 chip එකෙන්. එනිසා මේ මෙහි image processing ඉතාම ඉහළ මට්ටමක පවතින අතර මේ සදහා HDR පහසුකම අත්විදීමටද අවස්ථාව සැලසෙනවා.

Image Source: Apple

මීට අමතරව iPhone එක යොදා ගනිමින් රූපවානියේ color balancing සිදු කිරීමේ හැකියාව සහ විශේෂාංග රැසකින් සපිරි remote controller එකකුත් එලිදැක්වුණා. මීට අමතරව Apple Original TV Series එකක් වන Ted Lasso Season 2 හි trailer එකකුත් මේ සමග එලිදැක්වුණා. Apple TV 4K හි 32GB මාදිලිය හි මිල $179 කටත් 64GB මාදිලිය $199 කටත් මිලදීගන්න පුලුවන්.

Apple Card Family

Apple සමාගම ඔවුන්ගේ Credit Card සේවාව පුළුල් කරමින් Apple Card Family හදුන්වා දෙනු ලැබුවා. මේ තුලින් දෙමව්පිය අවසරය සහිතව Credit Limits යොදමින් අවුරුදු 13 ට වැඩි දරුවන් සදහා මෙම සේවාව භාවිතයට අවස්ථාව සැලසෙනවා.

Apple Podcast Subscription

Podcast නිර්මාණය කරන Artist ලට සහයෝගයක් ලෙසින් මෙම සේවාව එලිදැක්වුණා.

iMac 2021

Image Source: Apple

මෙය Apple M1 Chip එකෙන් සහ MacOS Big Sur මෙහෙයුම් පද්ධතියෙන් බලගැන්වෙන 11.5 mm ක ඝනකමකින් යුත් ඉතාම සිහින් පරිගණකයක් වන අතර මෙහි අගල් 24 ක True Tone 4.5K Retina Display එකක් අඩංගු වෙනවා.

Image Source: Apple

මෙම අලුත් iMac පරිගණකයේ CPU එක පෙර iMac පරිගණකයට වඩා 85% වේගවත් වන අතර GPU එකපෙර iMac පරිගණකයට වඩා දෙගුණයක් වේගවත් වේ. මීට අමත‍රව මෙහි 1080p FaceTime camera එකක්, Speaker 6 ක spatial audio sound system එකක්, Studio Quality Mic System එකක් සහ මෙහි Magic Keyboard එක තුළ Touch ID එකක් අඩංගු වේ.

iMac 2021 $1299 සිට ඉහළට වන මාදිලිය වර්ණ 4 කින් මිලදී ගත හැකි වන අතර මිල $1499 සිට ඉහළට වන මාදිලිය වර්ණ 7 කින් මිලදී ගැනීමට හැකියාව පවතී.

මෙම මාදිලි දෙක අතර ප්‍රධානතම වෙනස්කම වන්නේ $1299 සිට ඉහළට වන මාදිලියට 7-core GPU එකක් සහ $1,499 සිට ඉහළට වන මාදිලියේ 8-core GPU එකක් අඩංගු වීමයි.

iPad Pro 2021

Image Source: Apple

මෙය iPad Pro 11 සහ iPad Pro 12.9 ලෙස මාදිලි දෙකකින් මිලදි ගන්න පුලුවන්. මෙම මාදිලීන් දෙකම බලගැන්වෙන්නෙ Apple M1 Chip එකෙන් වන අතර මෙහි iPad Pro 12.9 මදිලියේ අගල් 12.9 ක Liquid Retina XDR mini-LED display එකක් අඩංගු වන අතර iPad Pro 11 හි mini-LED display එකක් අඩංගු නොවන අතර එහි පවතින්නේ අගල් 11 ක Liquid Retina IPS display එකකි.

මෙම උපාංග දෙකෙහිම මෙහෙයුම් පද්ධතිය ලෙස iPadOS 14.5 භාවිතා වේ. මෙම devices දෙකටම ලබාදී ඇත්තෙ triple rear camera setup එකක් වන අතර එය 12-megapixel primary wide-angle sensor එකකිනුත් 10-megapixel ultra wide camera එකක් හා TOF 3D LiDAR scanner එකක් ලෙසින් camera 3 කින් සමන්විත වෙනවා.

ඒ වගේම මෙම camera එක 4K videos 60fps දක්වා සහ 1080p videos 240fps දක්වාත් Record කරගැනීමේ හැකියාව පවතිනවා.

මෙහි selfie camera එක විදියට 12 MP එකක් තියෙන ultrawide angle camera එකක් බලාගන්න පුලුවන් අතර එයට 1080p video 60fps දක්වා record කරීමේ හැකියාව පවතිනවා.

iPad Pro 11 මාදිලියේ මිල $799 සිට ඉහළට පවතින අතර iPad Pro 12.9 මාදිලියේ මිල $1099 සිට ඉහළට වේ.

Source: Techradar