ASUS සමාගම විසින් ලොව බලගතුම Gaming Tablet එක එළැඹෙන ජනවාරි 04 වෙන දින එළිදැක්වීමට සුදානම් බව මේ වෙන විට නිල වශයෙන් නිවේදනය කර තිබෙනවා. ASUS ROG Flow Z13 නමින් හදුන්වා දි තිබෙන මේ Gaming Tablet එක ASUS සමාගමේ පළමු Gaming Tablet එකත් වෙනවා.
කෙසේ වෙතත් ඔවුන්ගේ නිල Twitter ගිණුම ඔස්සේ මේ Gaming Tablet එකට අදාල Teaser Image එකක් පමණ පළ කර තිබෙන අතර එහි කිසිදු විශේෂාංගයක් පිළිබඳ ඔවුන් තොරතුරු හුවමාරු කර ගැනිමට කටයුතු කර නොමැති වෙනවා.
The world’s most powerful gaming tablet is coming to #CES2022.
— ROG Global (@ASUS_ROG) December 30, 2021
Full reveal at the #CES2022ROG virtual launch event, January 4, 11AM PST.
? https://t.co/tVAhAej7zY#TheRiseOfGamers pic.twitter.com/4bRhKMqMUQ
මේ Teaser Image එකට අනුව XG Mobile Connector එකකින් යුතු වෙනු ඇති බව දක්වන්න පුළුවන්. එලෙස XG Mobile connector එකක් මගින් සමන්විත විම නිසා මේ Tablet එක eGPU (external GPU) සදහා සහය ලබා දෙනු ඇතැයි අපිට බලාපොරොත්තු වෙන්න පුළුවන්. ඒ වගේම මේ Tablet එක Windows මෙහෙයුම් පද්ධතිය මගින් සමන්විත විමට බොහෝ ඉඩකඩ ඇති බව දක්වන්න පුළුවන්. මීට අමතරව මේ ROG Flow Z13 Tablet එක AMD Ryzen 6000 Series APU එකකින් සමන්විත වෙනු ඇතැයි බලාපොරොත්තු වෙන්න පුළුවන්.
Source: Gizmochina