Loading...
ASUS ROG Phone 5 දුරකථන මාලාව එළිදැක්වීමට කටයුතු කරයි

Asus ROG Phone 5 දුරකථන මාලාව දුරකථන මාදිලි 3 ක් යටතේ එලිදැක්වුණි. එනම්, ‌‌Asus ROG Phone 5, Asus ROG Phone 5 Pro, Asus ROG Phone 5 Ultimate අදී ලෙසිනි.

මේවායින් Asus ROG Phone 5 දුරකථනය Ram හා Storage අනුව වෙනස් වන විවිධ මාදිලි වලින් නිකුත් වුණු අතර Asus ROG Phone 5 Pro හා Asus ROG Phone 5 Ultimate දුරකථනයන් දෙකට Ram හා Storage අනුව වෙනස් වන මාදිලි නොපවතී.

දුරකථන 3 ම සලකා බැලූවිට මේවා සාමාන්‍ය දුරකථනවල ලැබෙන විශේෂාංග අනුව සැලකූ විට මෙම මාදිලි 3 අතර එතරම් වෙනසක් නොපවතී. නමුත් Asus ROG Phones වල ප්‍රධානතම අරමුණ සැලකූ විට මේවයේ ඉතාම වැදගත් සුවිශේෂී විශේෂාංග බලාගත හැකිවනවා. එනම්, ජංගම දුරකථන ක්‍රීඩා සදාහා Asus ROG Phones වලින් ලබා දෙන සුවිශේෂී වූ විශේෂාංගයි.

ඒ අනුව මෙම දුරකථන මාදිලි වලින් Pro හා Ultimate යන මාදිලි වලට AeroActive Cooler 5 Cooling System එක ලැබෙන අතර Asus සමාගම පරීක්ෂා කළ අකාරයට මෙමගින් දුරකථනය මතුපිට උෂ්ණත්වය 15°C කින් ද Chipset එකෙහි උෂ්ණත්වය 10°C කින් ද පහත දැමීමේ හැකියාවක් පවතී.

තවද මෙහි AirTrigger 5 ultrasonic buttons අඩංගු වන අතර ROG Kunai 3 Gamepad එකත් මෙම දුරකථන සදහා සහය දක්වනවා.

මේ මාදිලි තුන අතුරින් Asus ROG Phone 5 Ultimate දුරකථනය පිළිබදව කෙටියෙන් විමසා බලමු.

Display

මෙම දුරකථනයට අගල් 6.78 ක AMOLED display එකක් ද එහි resolution එක 1080 x 2448 කි .මේ display එකට 144 Hz  ක refresh rate එකක් සහ screen to body ratio එක වෙන්නෙ 82%.

Chipset, Ram, Storage

Asus ROG Phone 5 Ultimate බලගැන්වෙන්නෙ Qualcomm Snapdragon 888 5nm flagship processor එකෙන්.

මෙම Ultimate edition එක Ram එක සහ Storage  අනුව මාදිලි තෝරාගැනීමට අවස්ථාවක් ලැබෙන්නෙ නැහැ.‌‌ එනම්, මෙය නිකුත් වන්නේ 512GB Storage එකක් සමග 18GB RAM සහිතවයි.

ඒ වගේම micro SD card එකක් මගින් storage එක expand කරගැනිමේ හැකියාවත් ලබා දී ‌‌නැත.

OS

මෙහි මෙහෙයුම් පද්ධතිය යොදාගෙන තිබෙන්නේ Android 11 මූලික කරගෙන නිර්මාණය වුණු ROG UI වේ.

Battery

Asus ROG Phone 5 Ultimate හි battery එක විදියට Li-Po 6000 mAh, non-removable battery එකක් සහ 65W fast charging පහසුකමත් පවතිනවා.

Camera

මෙම device එකට ලබාදී ඇත්තෙ triple rear camera setup එකක් වන අතර එය 64-megapixel primary wide angle camera එකකිනුත් 13-megapixel ultra wide camera එකක් හා 5-megapixel macro camera ලෙසින් camera 3 කින් සමන්විත වෙනවා.

ඒ වගේම මෙම camera එක භාවිතයෙන් 8K videos 30fps වලිනුත් 4K videos 120fps දක්වාත් 1080p videos 240fps දක්වාත් සහ 720p videos 480fps දක්වාත් Record කරගැනීමේ හැකියාව පවතිනවා.

මෙහි selfie camera එක විදියට 24 MP, f/2.5 aperture එකක් තියෙන wide angle camera එකක් බලාගන්න පුලුවන් අතරමේ එයට 1080p video 30fps වලින් record කරීමේ හැකියාව පවතිනවා.

Sensors

මීට අමතරව sensors විදියට Under Display Fingerprint, accelerometer, gyro, proximity, compass යන sensors  මෙම device තුළ අඩංගු වෙනවා.

Price

Asus ROG Phone 5 Ultimate දුරකථනය ආසන්න වශයෙන් $1,583 මිලකට නිකුත් උනා.

Sources: GSM Arena, NDTV