Loading...
Freddy, Avatar: The Way of Water ඇතුළු දෙසැම්බරයේ නිකුත්වන සිනමා නිර්මාණ

2022 වසරේ අවසාන මාසය මේ වන විට ආරම්භ වී තිබෙනවා. වසරක් අවසානයට පැමිණ ඇති මොහොත වන විට පාඨක ඔබ සියල්ලන්ම මෙම වසර බාධක මධ්‍යයේ වුවද සාර්ථකත්වයකට මග පාදා ගත් වසරක් ලෙස මෙම වසර නිර්මාණය කරගත් බවට මාගේ විශ්වාසයයි.

කෙසේ වෙතත් 2022 වසර ගෙවීයන මේ දෙසැම්බරයේ ඇති විශේෂත්වය තවත් වර්ණවත් කරමින් මෙම මස තුළ නිකුත් වීමට නියමිත ලෝක සිනමා නිර්මාණ කිහිපයක් සහ ඒවායේ විකාශය කෙරෙන මාධ්‍යයන් පිළිබඳව මෙම ලිපිය ඔබ වෙත Android වැඩකාරයෝ වන අප ගෙන එන්නෙමු.

Avatar: The Way of Water

Avatar 2009 චිත්‍රපටය පිළිබඳව ඔබ මේ වන විටත් දැනුවත් ඇතැයි මා සිතන්නෙමි. මන්දයත් සිමාවට ප්‍රිය කරන්නා වූ සියල්ලන්ම Avatar 2009 නරඹා ඇති බවට නොඅනුමානය. එම චිත්‍රපටය නිකුත් වී දශකයකට අධික විරාමයකින් පසු 2022 වසරේ දෙසැම්බර් මස 16 වන දින Avatar: The Way of Water නිකුත් විමට නියමිතය. මෙම චිත්‍රපටය ලොව පුරා සිනමාශාලා කේන්ද්‍ර කරගනිමින් ප්‍රචාරය වීමට සූදානම් වන අතරම මේ සඳහා Jake Sully චරිතයට පණ පොවමින් Sam Worthington ද Neytiri ගේ චරිතය සඳහා Zoe Saldaña ද රංගනයෙන් දායක වේ.

Avatar 2009 චිත්‍රපටයේ මිනිසුන් සහ රොබෝවරුන් තම ලෝකයෙන් නෙරපා දැමීමෙන් පසුව Jake සහ Neytiri තම දරුවන් සමග විවිධ ආකාරයේ බාධක ජයගන්නා ආකාරය පිළිබඳව මෙම චිත්‍රපටයෙන් නිරූපණය වන බව මෙහි පූර්ව ප්‍රචාරක වීඩියෝව නැරඹීමෙන් වැටහේ. ඔබට මෙම Avatar: The Way of Water හි Trailer වීඩියෝව පහතින් නැරඹිය හැකිවේ.

මෙම චිත්‍රපටය පිළිබඳව වැඩිදුර තොරතුරු දැනගැනීම සඳහා අප විසින් පළකරනු ලැබූ ලිපිය මෙම සබැඳිය ඔස්සේ නිරීක්ෂණය කළ හැකිවේ.

Freddy

Shashanka Ghosh ගේ අධ්‍යක්ෂණයෙන් නිර්මාණය වන මෙම චිත්‍රපටය Mystery, Thriller ගණයට අයත් වේ. Kartik Aaryan, Jeniffer Piccinato සහ Alaya F රංගනයෙන් දායක වන මෙම චිත්‍රපටය දෙසැම්බර් මස 2 වන දින Disney සහ Hotstar මගින් විකාශය වීමට නියමිතය.

තරමක් ලැජ්ජාශීලී සහ තනිවම වැඩකටයුතු සිදුකරනු ලබන දන්ත වෛදවරයෙන් වටා ගෙතුණු මෙම කතාවේ එක චරිතය වන Luka Chuppi සඳහා Kartik Aaryan පණ පොවයි. තනිව කාලය ගත කරනු ලබන අවස්ථාවන් වලදී මොහු විසින් ගුවන් යානා ආකෘති පින්තාරු කිරීම සිදුකරන අතර ඔහු තම සුරතලා වන කැස්බෑවෙක් සමගත් කාලය ගත කිරීමට උනන්දු වේ.

නමුත් රාත්‍රී කාලයේදී මොහුගේ මෙම ක්‍රියාවන් තරමක් වෙනස් වී ඔහු මිනීමරුවෙකු බවට පත්වීම සිදුවේ. එයින් පසු මොහු වෙත ගොදුරු වන පුද්ගලයන්ගේ දත් එකතු කිරීම ද මොහු විසින් සිදුකරනු ලබයි. ත්‍රාසය, කුතුහලය, භීතිය කැටිකරගත් මෙම සිනමා පටය ඔබටත් නැරඹීමට අවස්ථාව ඇත. එහි Trailer එක පහත සඳහන් වේ.

Guillermo del Toro's Pinocchio

ඇකඩමි සම්මානලාභී චිත්‍රපට නිශ්පාදකයෙකු වන Guillermo del Toro සහ Mark Gustafson ගේ අධ්‍යක්ෂණයෙන් නිර්මාණය වන Pinocchio සිනමා නිර්මාණය් අප විසින් නැරඹූ පිනෝකියා කතාවේ නව නිර්මාණයක් ලෙස දෙසැම්බර් මස 9 වන දින Netflix හරහා විකාශය වීමට නියමිතය. තම පියා විසින් මියගිය පුතු සිහිවීම සඳහා නිර්මාණය කරනු ලබන ලී රූකඩ බෝනික්කෙකු, අඳුරු මායවන් සමග ගැටීමත් ඒ හා සම්බන්ධව පිය පුතු සම්බන්ධතාවය ගොඩනැගීමත් මෙම චිත්‍රපටය හරහා මනාව ඉස්මතු වන බව සඳහන් ය.

1930 කාලවකවානුව තුළ ඉතාලියේ බෙනීටෝ මුසෝලනී විසින් පැසිස්ට් වාදය ව්‍යාප්ත කරනු ලබන කාලය හා සම්බන්ධ කරමින් නිර්මාණය කර ඇති මෙම සිනමාපටයේ ලී කැටයම්කරු වන Mister Geppetto ගේ චරිතය සඳහා David Bradley ද දිගු නාසයක් සහිතව සිටින් ලී රූකඩ බෝනික්කා වන පිනෝකියෝ ගේ චරිතය සඳහා Gregory Mann ද දායක වේ.

මෙලෙස නිර්මාණය කරන ලද පිනෝකියෝ සඳහා වෙනත් ශක්තීන් හරහා ජීවය ලබාදෙන අතර එලෙස ලබා දුන් පසු පිනෝකියෝ සැබෑ දරුවෙකු ලෙස සිතා හැසිරීමත්, පියාගේ මහලුබාවයත් හේතුවෙන් මොහුව පාලනය කිරීමට පියා හට අපොහොසත් වේ. මේ අතර නගරයේ සැණකෙළියක් සඳහා පැමිණ සිටින Count Volpe (Christophe Waltz) හට පිනෝකියෝ මුණ ගැසීමත් සමගම පිනෝකියෝ වෙත පැමිණෙන බාධක ඉහළ යන බව මෙම කතාංගය හරහා නිරූපණය කරයි.

කෙසේ වෙතත් මෙම චිත්‍රපටය සඳහා නව මුහුණවරක් ලබාදෙමින් නව සිද්ධි දාමයන් කිහිපයක් එක් කර ඇති අතර එය ඔබ විසින්ම නැරඹීම සඳහා ඔබ වෙත ආරාධනා කරමි.

Decision to Leave

දකුණු කොරියානු අධ්‍යක්ෂකවරයෙකු, නිශ්පාදකයෙකු ලෙස ප්‍රචලිත Park Chan-Wook යනු ලොව ප්‍රකට සිනමා නිර්මාණ රැසක් සඳහා සමබන්ධ වූ චරිතයකි. ක්‍රියාදාම සහ ලිංගිකත්වය නිරූපණය වන ලෙස සිනමා නිමාණයන් සිදුකළ මොහු විසින් The Little Drummer Girl, The Handmaiden, Thirst වැනි චිත්‍රපට නිර්මාණය සඳහා දායක් වී ඇත. නමුත් මෙම චිත්‍රපටය ඔහුගේ පෙර සිදුකළ නිර්මාණයන් වලින් හාත්පසින් වෙනස් වන අතර Decision to Leave සිනමා නිර්මාණය පාදක වී ඇත්තේ පුද්ගලයන් දෙදෙනෙකු අතර ඇතිවන ආදර සම්බන්ධතාවයක් මූලික කරගෙනය.

මෙම කතාංගය සඳහා ප්‍රධාන චරිත වලින් දායක වන්නේ Hae-Jun ගේ චරිතය සඳහා Park Hae-il සහ Tang Wei වේ. මෙම චිත්‍රපටයේ දී සිදුවන්නේ කඳුකරයේ ජීවත් වූ පුද්ගලයෙකුගේ මරණයක් පිළිබඳව පරීක්ෂණයක් සිදුකිරීමට එහි ගමන් කරන Hae-Jun පොලිස් පරීක්ෂකවරයේ සහ එම මියගිය පුද්ගලයාගේ බිරිඳ සමග ඇතිවන ආදරයක් සම්බන්ධ සිද්ධීන් කිහිපයකි. මෙම චිත්‍රපටය දෙසැම්බර් 9 වන දින සිට Mubi හරහා නිකුත් වීමට නියමිතය.

Source: www.gadgets360.com