Loading...
දෙසැම්බරයේ දිගහැරෙන Avatar : The Way Of Water

2009 වසරේ නිකුත් වූ Avatar චිත්‍රපටය ඔබට මෙන්ම මටත් අමතක කළ නොහැකි මතකයන් රාශියක් එකතු කළ සිනමා අත්දැකීමක් විය. එහි වූ කල්පිතයන් අප එතෙක් දැක තිබූ සිනමාවන් වලට සාපේක්ෂව ඉතාමත් ඉහල රසික ජනාදරයක් මෙන්ම එම සිනමාපටය මූලික කොට ගෙන විශාල රසික ආකර්ෂණයක් ලබා ගැනීමට එම සිද්ධීන සමත් විය.

James Cameron ගේ රචිතයෙන් සහ අධ්‍යක්ෂණයෙන් සමන්විත වන Avatar චිත්‍රපටය IMDB Rating 7.8 ක් ලබාගෙන ඇත. එලෙස දිගහැරුණු Avatar චිත්‍රපටයේ මීලඟ පියවර James Cameron විසින් නිකුත් කිරීම පිළිබඳව කාලයක සිට යම් යම් පුවත් මැවූ අතර ඔහු විසින් නිවේදනයක් කරමින් දන්වා සිටියේ 2021 වසරේ දෙවැම්බර් මස මෙය එළිදක්වන බව නමුත් පසුව එය 2022 දෙසැම්බර් මස 16 තෙක් කල් දැමීය.

මෙම චිත්‍රපටය Avatar : The Way of Water නමින් එළිදක්වන බවට සඳහන් කළ Twitter සටහනක් නිකුත් කිරීමෙන් අනතුරුව රසිකයින් අතර ඉතාමත් වේගයෙන් එම පුවත පැතිරී ගියේ බලාපොරොත්තු රාශියක් ඔවුන්ට ලබා දෙමිනි.

Avatar : The Way of Water පිළිබඳව.

James Cameron ගේ අධ්‍යක්ෂණයෙන් සහ Rick Jaffa, Amanda Silver සහ James Cameron ගේ තිර පිටපතෙන් රචනා වන මෙම Avatar : The Way of Water සිනමාපටය 20th Century Studios වෙතින් එළිදක්වන සිනමා නිර්මාණයක් වේ. එහි Official Trailer වීඩියෝව මෙසේ YouTube වෙත නිකුත් කර තිබුණි.

පෙර චිත්‍රපටයේ මෙන්ම මෙම චිත්‍රපටයේ අන්තර්ගත වන්නේ එහි ම දිගුවක් වන අතර මෙහිදී සාරාංශයක් වශයෙන් Jake, Neytiri සහ ඔවුන්ගේ දරුවන් ජීවිතය ගෙනයාම සඳහා දරන උත්සාහයන් මෙන්ම ඔවුන්ට එහිදී මුහුණ දීමට සිදුවන ඛේදවාචක පිළිබඳවයි. මෙම චිත්‍රපටය පැය 3 විනාඩි 10 ක ධාවන කාලයකින් සමන්විත වන අතර Sci-Fi, Adventure, Action, Fantasy ගණයට මෙය අයත් වේ.

පහත සඳහන් වන්නේ Avatar : The Way of Water හි සඳහන් දර්ශන කිහිපයකි.

මෙම චිත්‍රපටය සඳහා Avatar 2009 චිත්‍රපටයේ එක්වූ Sam Worthington, Zoe Salsana මෙන්ම තවත් චරිත රාශියක් සම්බන්ධ වී ඇත. ඒ පිළිබඳව වැඩිදුර තොරතුරු මෙම සැබැඳිය ඔස්සේ දැනගත හැක.

Avatar කතා මාලාවේ ඉදිරිය කෙබඳු ද?

Avatar : The Way of Water චිත්‍රපටය මෙම වසර අවසානයේ එනම් 2022 දෙසැම්බර් මස 16 වන දින ඇමෙරිකාව සහ එක්සත් රාජධානිය මූලික කොට ගෙන නිකුත් වන අතර එය ඉදිරියේ දී ලොව පුරා නිකුත් වීමට සැලසුම් කර ඇත.

එමෙන්ම නිල වාර්තා වලට අනුව මෙම Avatar තේමාව යටතේ තවත් චිත්‍රපට 3ක් ඉදිරියේදී නිකුත් වීමට නියමිතය. එනම් 2024 වසරේ Avatar 3 , 2026 වසරේ Avatar 4 සහ 2028 වසරේ Avatar 5 චිත්‍රපටය ද නිකුත් කිරීමට සැලසුම් කර ඇති බවට සඳහන් වේ.

Avatar 2009 චිත්‍රපටය ආදායම් වාර්තා අලුත් කරමින් නිකුත් වූ චිත්‍රපටයක් සේම මෙම චිත්‍රපටය ද පෙරටත් වඩා රසිකයින් තුළ මහත් ජනාදරයට පත් වීමට හැකියාව ඇති බව බොහෝ විචාරකයන් සඳහන් කරයි.

Sources: www.theguardian.com www.avatar.com