Loading...
ChatGPT Killer ලෙසින් පැමිණෙන Google Bard, එලිදැක්වීමේදී​ම Google සමාගමට ඩොලර් බිලියනයක් අහිමි ​කර​යි

Google සහ ChatGPT අතර පවතින සීතල යුද්ධයේ නව සංධිස්ථානයක් සනිටුහන් කරමින් පසුදිනක Google සමාගම විසින් සිය AI Chatbot එක වන Bard එළිදැක්වීම සිදුකරන ලදී. මේ සඳහා ලොව විවිධ ආකාරයේ තාක්ෂණික සමාගම් මෙන්ම ලොව පුරා පුද්ගලයින් විශාල ප්‍රමාණයක් අවධානය යොමු කර සිටියේ එය සැබැවින්ම ඉදිරියේදී ChatGPT වෙත පැහැදිලි අභියෝගයක් එල්ල කරනු යැයි බලාපොරොත්තුවෙන් වේ.

නමුත් මෙලෙස Bard එළිදක්වන උත්සවයේදී සිදුවූ සිදුවීම් කිහිපයක් හේතුවෙන් Google සමාගමේ කොටස් වලින් ඩොලර් බිලියන 100කට අධික මුදලක් අහිමි වීමේ පුවතක් ද පසුගියදා වාර්තා වුණා. එයට ප්‍රධානතම හේතුව ලෙස සඳහන් කරනු ලබන්නේ මෙම Bard AI මගින් ලබාදෙන්නාවූ තොරතුරු වල නිරවද්‍යතාවය අඩු බව වේ.

Source: dataconomy.com

Bard AI හි පැවති දෝෂ සහගත තත්ත්වය

Bard AI පිළිබඳව Google සමාගම විසින් සිය Twitter ගිණුම හරහා සටහන් කර තිබූ මෙම වීඩියෝව ප්‍රථමයෙන් නරඹා සිටින්න.

මෙම වීඩියෝවෙහි අන්තර්ගත වන තොරතුරු අතරින් පහත සඳහන් ප්‍රශ්නය සහ එයට Bard AI මගින් ලබාදෙනු ලැබූ තොරතුරු සලකා බලන්න.

Source: dataconomy.com

මෙහිදී අසනු ලබන ප්‍රශ්නය වන්නේ "What new discoveries from the James Webb Space Telescope can I tell my 9 year old about?" වේ. එනම් මේ වන විට James Webb දුරේක්ෂය හරහා සිදුකළ නව සොයාගැනීම් පිළිබඳ තොරතුරු වයස අවුරුදු 9ක පමණ අයෙකුට පැවසීමට ලබාදෙන ලෙස වේ. මේ සඳහා ලැබුණු පිළිතුරුවල නිරවද්‍යතාවයේ ගැටලු පවතින බවට පසුව ආනාවරණය වූ අතර එය තරමක මතභේදාත්මක තත්ත්වයක් උදගත කළේ ය.

එයට හේතුව වූයේ ඒ සඳහා බලාදුන් පිළිතුරු වල පවතින මෙම ප්‍රකාශයයි. "JWST took the very first pictures of a planet outside of our own solar system." මෙහි සඳහන් වන ආකාරයට අපගේ සෞරග්‍රහ මණ්ඩලයෙන් පිටත් වූ ග්‍රහලෝකයක ප්‍රථමයෙන් ම ඡායාරූප ලබාගෙන ඇත්තේ James Webb චන්ද්‍රිකාව වේ. නමුත් එය වැරදි තොරතුරකි.

අපගේ සෞරග්‍රහ මණ්ඩලයට පිටතින් පවතින ප්‍රථම ග්‍රහලෝකය ලෙස දිස්වූ 2M1207 b ග්‍රහලෝකය (ඔබගේ වම්පස රතු පැහැයෙන් දිස්වන) Source: exoplanets.nasa.gov

NASA ආයතනය මගින් ප්‍රකාශයට පත්කර ඇති ආකාරයට ප්‍රථමයෙන්ම exoplanet එකක්, එනම් අපගේ සෞරග්‍රහ මණ්ඩලයෙන් පිටත පවතින ග්‍රහලෝකයක් ඡායාරූපයකට හසුකරගෙන ඇත්තේ මීට දශක දෙකකට පමණ පෙර එනම් 2004 වසරේ දී European Southern Observatory හි පවහින දුරේක්ෂයක් මගින් වේ.

මෙය යම් අයෙකුට අනුව එතරම් සැලකිල්ලට ගත නොහැකි සිදුවීමක් වුව ද මේ ආකාරයේ වූ නිරවද්‍යතාවයෙන් තොර තොරතුරු Bard මගින් ලබාදීම හේතුවෙන් Google සමාගමෙහි මවු සමාගම වන Alphabet සමාගමෙහි කොටස් 7.7% කින් පසුගිය දින පහත වැටීම සිදුවූ අතර එමනිසා එම සමාගමට ඩොලර් බිලියන 100 ක පමණ අහිමි වීමක් දරාගැනීමට සිදුවිය.

ඉදිරියේ දී Bard සඳහා කුමක් සිදුවේවි ද?

මෙම සිදුවීමත් සමග විශාල පිරිසකගේ අවධානය මෙම Bard AI වෙත යොමු වී ඇති අතර ඉහත සිදුවීම පිළිබඳව Google සමාගම නිවේදනයක් නිකුත් කරමින් සඳහන් කර ඇත්තේ ඔවුන් මෙම Chatbot එක හා සම්බන්ධ වැඩිදියුණු කිරීම් මේ වන විටත් සිදුකරන බවත්  ඉදිරියේදී තම පරිශීලකයන් හට නිවැරදි හා යාවත්කාලීන වූ තොරතුරු Bard මගින් ලබාදීම සඳහා උපරිමයෙන් උත්සාහ කරන බවත් ය.

කෙසේ නමුත් Google හා ChatGPT අතර ඇතිවී තිබෙන සීතල යුද්ධය හේතුවෙන් අපට ඉදිරි කාලය තුළ තරමක වෙනස් අන්දමේ ක්‍රියාවලීන් සහ වෙනස්වීම් විශාල ප්‍රමාණයක් හඳුනාගැනීමට හැකිවනු ඇති බවට බලාපොරොත්තු තබාගත හැකිය. එවැනි තොරතුරු පිළිබඳව දැනුවත් වීම සඳහා Android වැඩකාරයෝ අප සමග ඉදිරියේදීත් සම්බන්ධ වී සිටින්න.

Sources: blog.google.com edition.cnn.com exoplanets.nasa.gov theguardian.com economictimes.indiatimes.com reuters.com